රුපියල් දාහතර ලක්ෂ අසු පන්දහසක් වටිනා වටිනා රත්තරන් කැබැලි තුනක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.
අත්අඩංගුවට ගනු ලැබු රන් කැබැලි වල බර ග්‍රෑම් 297 කි.
ඔහු ව්‍යාපාරිකයෙකු බව රේගුව කියයි.
මේ පිළිබඳ රේගු පරික්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතා විසින් සිදු කර සැකකරුට රුපියල් පනස්දහසක දඩයක් නියම කොට එම රන් කැබලි රාජසන්තක කළේය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ඩග්ලස් සිල්වා, සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, එස්. මහේෂ්, චින්තක ශ්‍යාමාල්, මංජුල කුමාර, නුවන් ජයසුන්දර, නිරෝෂා විජේතුංග යන නිලධාරීහු සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර ගොඩක් ගෙනගියේ කොහොමද? (නි)
නිකන් ගමේ ගොඩේ කෙනෙක් කස්සිපු වලට ඇල්ලුවා නම් එයාගේ නම ගම උප්පැන්නේ පවා වාර්තා කරයි . මෙයාගේ නම ගම දාන්නේ නැත්තේ ඇයි? (ස)
අපරාදේ නිකන් ගුද මාර්ගය නහස්ති කරගත්ත එකයි උනේ.(දී)
එ්කත් ආදායම් මාර්ගයක් වෙලා නේද අද ? (ස)