පිරිසක් විසින් පැහැර ගැනුණු අවුරුදු පහක දරුවා රුපියල් ලක්ෂ දහයක කප්පමක් ගෙවා බේරා ගත් බව වවුනියාවේ ව්‍යාපාරිකයකු පැමිණිල්ලක් කළ බව වවුනියාව පොලිසිය කියයි.
දරුවා පෙර පාසල් ගොස් පැමිණෙන අවස්ථාවක සංවිධානාත්මක කල්ලියක් දරුවා පැහැරගෙන ගිය බවත්, දරුවා නිදහස් කිරීමට නම් රුපියල් තිස් ලක්ෂයක් ඉල්ලූ බවත්, එතරම් මුදලක් නැතැයි කීවිට රුපියල් දස ලක්ෂයක් ඉල්ලා සිටි බවත්, එම මුදල් පාර්සලය වව්නියාව පූවරසන්කුලමේ කසල බැහැරකරන ස්ථානයේ දමා ගිය පසු දරුවා එවූ බවත් ව්‍යාපාරිකයාගේ පැමිණිල්ලේ සඳහන් වෙතියි පොලිසිය පවසයි.
කප්පම ගෙවීමට පෙර පොලිසියට දැන්වූයේ නම් මුදල ගෙවීමට පෙර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තිබූ බවත්, සිද්ධිය ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් කියිපයක් යෙදවූ බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලය හරියට හරි සිංහල රටේ නැත්නම් වෙනත් කිසිදු ජාතියකට හෝ ආගමකට පැවතීමක් නැත .ලංකාව අරාබි වසන්තයක් නොවන්නේ ඒ නිසාය (ම)
පොලීසියට කොන්දක් දුන්නානම් හරි. කුඩු කාරයාට, එතනෝල් කාරයාට යටත් පොලීසියක් ව්ශෟවාස කළ හැකිද යන්න සහ පොලීසිය කප්පම්කරුවන් සමඟ සම්බන්ධ යන්න පියාට හැගෙන්න ඇති. දුෂිතයන් පොලීසියෙන් එලවා දමා විශ්වාසය තහවුරු කර ගත යුතුයි (ම)
කමල් හරියටම දැනගෙන වගේ වුණ දේවල්. මෙහෙම දෙයක් වුණ වෙන්න බැරිද. දෙගොල්ලොම එකතු වෙලා ශ්‍රී ලංකා පොලිසිය අපිට වැඩක් නැ කියල ලෝකෙට පෙන්නන්න හැදුව වෙන්න බැරිද. (ම)
ලංකාවේ වැඩිපුරම නරක ආදර්ශ දෙන්නේ සාමාන්‍ය ජනතාවද පොලිසියද? (ස)
පොලිසිය කියන කතාව හරි.(හේ)
පාට පාට කන්නාඩි වලින් බලන හැමෝටම ඇත්ත තිත්තයි. (බ)
මෝඩ කතා කියන්න එපා විජයබාහු. ඒ මිනිස්සු බයට ළමයව නිදහස් කරගන්න සල්ලි දෙන්න ඇති. ඔහේ මෝඩ විදිහට ජාතිවාදය ගාවාගන්නවා... (නි)
කොහොමහරි කමක් නැහැ දරුවා බේරුනානේ! (නි)
නාමල්ට තරහා ගියාද? ඔයා කියන්නේ කමල් කිව්වා එක හරි මං කිව්ව එක වැරදියි කියලද. ඔයාලා දෙන්නගෙයි අර පොලිසියට ගල් ගහන්න කිව්ව එක්කෙනාගෙයි තියන වෙනස මොකද්ද? (නි)
සැකකරුවෝ අත්අඩංගුවට ගනීවි.ළමයා මියගොස් තිබේවි.අපි නොදන්නා ලංකාවේ පොලිසිය! (නි)
උතුරට අපේ පොලිසියේ හැකියාව අවිශ්වාසද.? (ර)
අපි ඉතුරු හමුදා අයවත් උතුරින් ඉවත්කර දෙම්මු, එතකොට උතුරේ ජනයා ට සැනසීමෙන් ඉන්න පුළුවන් ලු නේහ්.(ම)