හින්දු චාරිත්‍රානුකූලව අවසන් ආගමික වතාවත් කිරීමෙන් පසු ජයලලිතා ජයරාම් තමිල්නාඩු මහඇමැතිනියගේ දේහය බහාලු මංජුසාව මරීනා වෙරළ අසබඩ සොහොනේ වළෙහි තැන්පත් කැරිණි.
චෙන්නායි නුවර මරීනා වෙරළින් මළ හිරු බැස යද්දී ලක්ෂ සංඛ්‍යාත පිරිසක් හඬා වැටෙද්දී ඇගේ දේහය එහි තැන්පත් කැරුණු අතර බොහෝ පිරිස් සිය ගෞරවය පුදමින් ඇගේ දේහය සහිත වළට මල්, සුවඳ පැන් ආදිය ඉසූහ.
ඇගේ දේශපාලන ගුරුවරයා හා සගයා වූ එම්.ජී.රාමචන්ද්‍රන්ගේ දේහය ද එම සොහොනේ තැන්පත් කැර ඇත.
සම්පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ඇගේ ආදාහනය සිදු කැරිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොපමණ හොඳ හෝ නරක දේවල් ජිවත් වෙලා ඉන්න කලේ කලත් අන්තිමට අපි හැමෝටම උරුම දේ මරණය. එයයි සත්‍ය (ර)
තමිල්නාඩුවේ මිනිස්සුත් කවුරුහරි ඔලුව උඩ තියාගෙන මැරෙන්න හදනවා. ජයලලිතා රැස්කළ පින් හෝ පවු තමයි එයා අරන් යන්නේ. (ර)
ජය ලලිතට මිට වඩා හොඳට ලංකාව සමග සුහදව කටයුතු කරන්නට තිබුන නිළියක් හැටියට හරි, දේශ පාලනයෙන් හරි. බැරි වුණා (ර)
සමාදානයෙන් සැතපේවා.! (ර)
ඒ මනුස්සයා දැන් ජිවිතුන් අතර නැහැ. කොපමණ අපහස කලත් ඒවා ඇය දන්නේ නැහැ. ඒ නිසා බෞද්ධයන් හැටියට අපහස නොකර ඉමු (ර)
කොපමණ විරාජමානව සිටියත් මරණය ඉදිරියේ ඕනෙම බලවතෙක් අසරණයි. කවුරු කවුරුත් මේවා පාඩමකට ගන්න එක හොඳයි. (ර)
කව්රු රබන් පද වයා, කිරිබත් කා සතුට සැමරුවත් ඔවුන්ට එහි ගානක් නැත....ලක්ෂ ගණන් නෙතු තෙත් කරමින් ඇය පුර්ණ රාජ්‍ය ගෞරවය සහිතව නික්ම ගියාය.බුදුන් ඉපදුන දේශයේ ඇය උපන් බැවින් මම ඇයට කිසිත් නොකියමි.මිනිසෙකු ලෙස ඇයට සුබ ගමනකට සුබ පතමි.! (බ)
කොටි ත්රස්තවාදීන්ට උදව් කරපු එක්කෙනෙක් . ඒක නිසා අපිට පොඩ්ඩක් වත් කණගාටු නැහැ .(බ)
කවුරුත් වලට පැන්නේ නැද්ද? (හේ)
වසන්තගේ අදහස අගය කල යුතුයි. ජගත් ලියනගේ වැනි අයට ජීවිතය හා මනුස්සකම පිලිබඳ අවබෝදයක් ලබාගැනීමට තව බොහෝ කල් බලා සිටීමට සිදුවීම ගැන කණගාටු වෙමි. (ර)
මරණය හැමෝටම පොදු දෙයක්.එය වටහාගෙන ජිවත් වෙනවා නම් උතුම්.(හේ)
සාලිය මරණ දණ්ඩනය දීලත් පාඩම් ඉගෙන නොගන්න ලෝකයේ මේවයින් පාඩම් ඉගෙන ගනීද? (ර).
මෙතුමිය හම්බකරපු දනයට මොකද වෙන්නේ. (ර)
ඔබට නිවන් සුව (ර)
කාටත් පොදු දෙයක්.(හේ)
තමන්ගේ වර්ගයා ගැන හිතපු ඒ අය වෙනුවෙන් කැපවුණ දිරිය කාන්තාවක්. මෙයාගේ වියෝව වෙනුවෙන් සමහර මිනිසුන් දිවි නසා ගත්තලු නේද (නි)