ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ‘ස්මාර්ට් ඩයල් ප්ලස්‘ නැමැති දුරකථන ව්‍යාපෘතිය යටතේ ජාත්‍යන්තර ඇමතුම් මගින් ලැබිය යුතු ඩොලර් 46000ක් (රුපියල් 6 821 110) පමණ වංචා කළැයි සැකපිට එහි සමාන්‍යාධිකාරී අජිත් දේවේන්ද්‍ර සිල්වා දෙසැම්බර් 15 දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද(8) නියෝග කළේය.
ඔහු එම ආයතනයේ පරිගණක පද්ධතියට ඇතුළු වී දුරකථන අංක රැසකට විදේශ ඇමතුම් ලබා ගැනීමට ඉඩ සලසා ඇති බවත් මේ වන විට සිදුකළ පරීක්ෂණ අනුව රුපියල් හාරලක්ෂයට පමණ පාඩුවක් සිදු කර ඇති බවට අනාවරණය වී ඇතැයි අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුව අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවංක මිනිසුන් මව්බිමට නැතිවූවිට කොහොමද හොරුන් පහළවුණේ. රත්තරන් බෝල කරකව කරකවා මිණිමුතු පැළඳගෙන කාටද මේ බොරුව පෙන්වන්නේ. කෝ සිරිලක රකින දෙවියෝ. දෙවියන් නැත දෙවොලේ. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු, රටක් දියුණු වෙන්නේ කොහොමද? (නි)
පුදුම හොරු ගොඩක්නේ ලංකාවේ ඉන්නේ (නි)
අනේ හැබෑටම මෙහෙමත් නාටක (නි)