
(දෙහිවල එච් එම් ධර්මපාල)
මහා පරිමාණයෙන් ඈෂ් සහ හෙරොයින් ජාවාරමේ නියුතු පුද්ගලයෙකු අලෙවිය සඳහා රැගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ 5කට අධික වටිනා ඈෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සහ හෙරෝයින් ග්‍රෑම් 10 ක් රැගෙන ගිය ත්‍රිරෝද රථයද සමග නැදිමාල ප්‍රදේශයේදී ඊයේ (02) රාත්‍රියේ ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු නාරාහේන්පිට පුදේශයේ පදිංචිව සිටින 42 හැවිරිදි පුද්ගලයකු වන අතර ත්‍රි රෝද රථ භාවිතාකරමින් ඈෂ් සහ හෙරොයින් ජාවාරමේ නියැලෙමින් රත්මලාන, දෙහිවල, ගල්කිස්ස, මොරටුව, බොරලැස්ගමුව, පිලියන්දල, කොහුවල යන ප්‍රදේශවලට බෙදාහැර ඇතැයිද අනාවරණය කරගෙන ඇත.
ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය වෙත ලද තොරතුරකට අනුව දෙහිවල නැදිමාල ප්‍රදේශයේ හදිසි මාර්ග බාධක යොදා සිදුකළ පරීක්ෂාවේදි ඈෂ් සහ හෙරොයින් ත්‍රිරෝද රථයේ හැඩලය තුළ සූක්ෂම ලෙස සඟවාගෙන නාරාහේන්පිට සිට ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ ගැණුම්කරුවකු වෙත බාරදීමට යන අතරතුර මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
වැඩිදුර පරීක්‍ෂණ කටයුතු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ඝෘජු අධීක්ෂණය මත ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රෝහන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් විසින් සිදු කරගන යනු ලබයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත් උවදුර රටින් තුරන් කරන්න අවංක වුවමනාවක් තියෙනවා නම් කරන්න ඕනෑ තොගපිටින් රටට කුඩු ගෙන්වන මහා පරිමාණ ජාවාරම්කරුවන් කීපදෙනා අල්ලන එක මිසක් ග්‍රෑම් ගණනින් රට ඇතුලේ කුඩු බෙදාහරින්නන් අල්ලන එක නෙවෙයි. ගෙන්වීම නැවැත්තුවා නම් බෙදාහැරීම නිකම්ම නවතිනවා. මේවා නිකං මාධ්‍ය සන්දර්ශන.
මේ විදිහට කුඩු තොග අල්ලන එක සිරිසේන ජනාධිපතිත් කෙරුවා. මිනිස්සු බලා ඉන්නේ ජාවරම්කරුවන්ව අල්ලන තුරු... මහන්සිවෙලා අපරාධකරුවන් අල්ලලා උසාවියට ඉදිරිපත් කරහාම ඇප ලැබිලා ගෙදර යන එක ගැන පොලිසියට උකටලී වෙලාද? නැත්නම් ජාවාරම්කරුවන්ට ජාතිවාදී සහ දේශපාලනික රැකවරණ ලැබෙනවද? අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය නිකුත් කරලා තියෙන අත්පොත් අනුව, 2014 සිට 2018 දක්වා (වර්ෂ දෙකද ඇතුළුව), මත්ද්‍රව්‍ය සම්බන්ධ වැඩිපුරම අත්අඩංගුවට ගැනීම්, එනම් 60%ක්ම සිද්ධ වෙලා තියෙන්නේ බස්නාහිර පළාතේ. ඊළඟට 10%ක් වයඹ පළාතේ. ඊළඟට 8%ක් මධ්‍යම පළාතේ. (2019 තොරතුරු තවම නැහැ.) බස්නාහිර පළාතේ 60%න්; 40%ක්ම කොළඹ දිස්ත්‍රික්කයේ, 17%ක් ගම්පහ, වයඹ පළාතේ 10%න්; 7%ක්ම කුරුණෑගල. අවුරුදු 5ක්ම එකම පැටර්න් එක. කොළොඹ, ගම්පහ, කුරුණෑගල එකිනෙකට මායිම් වෙන දිස්ත්‍රික්ක... රටක් පාලනය කරනකොට තීරණ ගන්න පිළිගත් ක්‍රමවේද තියෙනවා. මත්ද්‍රව්‍ය පාලනය කරන්න ඇත්තම අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ අත්පොත් විතරක් ඇති ප්‍රශ්නේ තියෙන්නේ කොතැනද, කරන්න ඕනේ මොකක්ද කියලා තේරුම් ගන්න.