එකක් රුපියල් නව ලක්ෂ හැත්තෑදෙදහසක් වටිනා විස්කි බෝතල පහක් කොළඹ සුපිරි වෙළෙද පොළකින් ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් පතකින් මිලට ගත් බව කියන මලයාසියා කතක හා මලයාසියා ජාතිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ලුවී X111 නම් විස්කි බෝතල පහේ මිල රුපියල් හතලිස් අට ලක්ෂ හැත්තෑදහසකි.ඔවුන් ළඟ තිබී ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් පත් විසි පහක් සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ ඔය එක බෝතලෙන් ගල් බෝතල් කියක් ගන්න පුලුවන්ද ? (නදී)
බ්‍රැන්ඩ් එක ගැන අහලයි මේකේ තියෙන ප්‍රතිචාර බලලයි අද හවසට සෑහෙන්න බොන්න හිතෙනවා (නදී)
එක බෝතලයක වටිනාකම ඇමෙරිකානු ඩොලර් 7,467 යි. රටේ එ්ක පුද්ගල අදායම ඩොලර් 4000 ලෙස උපකල්පනය කරලා බැලුවත් තව තුන්දහස් හාරසිය හැට හතක් මදියි. චීනෙන් වත් ණයක් ගන්න වෙනවා වැඩි පොලියට එතකොට අවුරුද්දෙම නොකා නොබී බෝතලයක් බොන්න පුළුවන් යස අගේට.(නදී)
මේ විස්කි ඇත්තම ඒවාද? අනෙක් අතට මෙච්චර ගානක් දීලා විස්කි බොන අය ඉන්නවද? (නි)
බෝතලේ ගාන අහලම මට වෙරි වගෙයි (නි)
මතට තිත කිව්වට මොකද, රුපියල් ලක්ෂ නවයට වැඩි බෝතලුත් තියෙනවා එහෙනම්. කවුද හැබෑටම මේවා බොන්නේ? (නි)
ප්‍රංශයේ නිපදවන රෙමි මාර්ටින් ලුවිස් වර්ගයේ මිල අධික මත්පැන් වර්ගයක්. ඉතාම මිල අධික අවුරුදු 50ක් පරණ බෝතලයක් ලංකාවේ ලක්ෂ 49,63348 ක් විතර වෙනවා. ගාන කොහොම වුණත් උවමනා අය පාවිච්චි කරනවා (නි)
මේතරම් වටිනා විස්කි බෝතලුත් තියෙනවා එහෙනම්.... (නි)
මේ සල්ලි දුප්පත් මිනිසුන් වෙනුවෙන් වියදම් කරන්න පුලුවන් නම් කොච්චර වටිනවද? (නි)
ගාමන්, මේවගේ ඉස්තරම් බිම ජාති බොන්නේ ' ගොන් නාම්බෝ ' නොවෙයි ලොකු මහත්තුරු. උන්නැහේලාට නිකම් කෝචෝක් කරන්නේ නැතිව ඔයා රා කට්ටක් බිලා බීඩියක් ඇදලා ඔලුවේ ඉදං සරම පොරෝවගෙන නිදාගන්න.(අ)
මිට වඩා වටිනා විස්කි බෝටල් තියෙනවා ලංකවේ මුදලින් ලක්ෂ 12-14 වැනි ගනන් වලට. සමර රටවල හෝටල් කාමර තියෙනවා ලක්ෂ 15-16 විතර දීල ඉන්න එක දවසකට. ඒවායේ ඉන්න අය ඕව තමයි බොන්නේ (නදී)
මේ ලෝකේ ඕවට වඩා දේවල් වෙනවා මේ මොනවද ? (නදී)
මම අදයි ඇහැව්වේ මෙච්චර වටිනා විස්කි තියෙනවා කියලා. මේවා බොන මිනිස්සුත් ඉන්නවනේ හැබැවටම. නැත්තම් ඉතින් නිෂ්පාදනය කරාවිද නේද. (නදී)
ගොන් නාම්බෝ කියන්නේ ඇඟ ලොකු මොලේ අඩු අයට. ඇඟ ලොකු මොලේ අඩු ලොකු මහත්තුරුත් මේ ගණයට වැටෙනවා. (නදී)
මෙච්චාර ගානක් දීලා විස්කි බොනවද ?පිස්සු තමයි (නදී)
ඕව හදන්නේ සල්ලි තියන මොලේ නැති අය ඉන්න රට වලට විකුනන්න , හරි ලොකු වැඩක් වගේ ඕව බොන ගොන් නාම්බෝ ඉන්න රටවල් තියනකම් , ඕව හදන රටවල් පෝසත් වෙනවා , බොන උන්ට වෙන දේ ඇස් ඉදිරියේම පෙනෙන්න තියනවා නේ . (නදී)
මේකේ ෂොට් එකක් විකුනන්නේ ලංකාවේ මුදලින් 63000 කට. ඩුබායි වල මේවා තරු පහේ හෝටල් වල සාමන්‍ය දේවල් (නදී)
රත්තරන් වලින් ද පෙරන්නේ (නදී)
මේවා බීමට ද ? (නදී)
බෝතලයක් ගහන්න ලොක්කත් එක්ක තංගල්ල බීච් එකේදී සෙට් වෙන්න ඕන ඊලග නිවාඩුවට ලංකාවට ආවාම මොකෝ අපි පිට අය යැ. (අ)
රත්තරන් මීට වැඩිය ලාබනේ! (නි)
මේ විදියට අරගන්න පුලුවන් වුණොත් බොනවා ඇරෙන්න සල්ලි වලට අරගෙන කවදා බොන්නද? (නි)
මේ ජාතියේ බෝතලයක් මුලින්ම මම ඇහුවේ 2004 දී. නමුත් මම ගාන දැනගෙන සිටියේ නැහැ. මගේ කළමනාකාරතුමා ජර්මානු ජාතිකයෙක්. ඔහු තමයි මට කිවුවේ ලංකාවේ මුදලින් ලක්ෂ 16 විතර වෙනවා කියලා. මේ බෝතල් වැඩියෙන් පානය කරන්නේ ජර්මන්, ප්‍රංශ සහ රුසියානු ජාතිකයන්. (නි)
මේ විස්කි ලංකාවේත් බොනවද? (නදී)
මේක රෙමි මාටින් කොනැක් බ්‍රැන්ඩි එකක්. විස්කි නොවේ. බෝතලයක් ඩොලර් 3500 විතර වෙනවා. මං දැකලා තියන (ආසාවට බලනවා මිසක් බීලා නම් නැහැ )ගණන් වැඩිම විස්කි එක ග්ලෙන්ෆිඩික් 50 අවරුදු පරණ ස්කොච් විස්කි. ඒක මිලි ලීටර් 700 බෝතලයක් ඩොලර් 24,999.00 යි. රුපියල් වලින් ලක්ෂ 30 කටත් වැඩියි. (නදී)
බන්දුලට විස්කි බිලා වෙරිද..? නැත්නම් රා බිලා වෙරිද මන්දා (නදී)
බන්දුල ඔය, කියන්නේ ඔයාගේ පෙර පුරුද්ද නේද..? (නදී)
බන්දුල පෙරේරා කිව්වොත් කියන්නේ මෝඩ කතා තමයි මේ වගේ විස්කි ගහන අය න් මහත්තුරු නම් ගමේ රා ගහන අයට කියන්නේ මොකක්ද ? මොනා බීවත් බොන එක වැරදියි. එ්ක නිසා ලොකු දේවල් බිව්වා කියල එයා මහත්වරු වෙන්නේ නැහැ. මහත්වරු කොහෙද බොන්නේ. (නදී)
ඕකට කියනේ ශ්‍රී ලංකාවට එන විදේශිය සංචාරකයන්ගේ අාස්චර්ය කියලා (නදී)
එක ෂොට් එකක් 10000 විතර වෙනවනේ (නදී)
මේවා ඉස්තරම්ම බ්‍රැන්ඩි වර්ගයක්. මේවා බොන්නේ ලොකු මහත්තුරු. මේ අදහස් දාන අයට මේවා බොන්න සල්ලි නැත්නම් කෙල ගිල ගිල ඉන්න එපා. බොන අයට බඩේ අමාරුව හැදේවි. ඔයගොල්ලා රා තැබෑරුමට ගිහිල්ලා හොද වයින් තඩි රා පොල් කට්ටක් බිලා ලුණු කැටයක් හපලා , කඩල ඇට දෙක තුනක් කටේ දාගෙන බිඩියක් පත්තුකරගන්න. (නදී)
එක බෝතලයක මුදලෙන් ගෙයක් හදන්න පුළුවන්නේ (නි)
මෙවැනි විස්කි ගෙන්වන්න අවසර දෙන අයත්, බොන අයත් ගැනත් හිතාගන්න අමාරුයි. රෝහල් වල බෙහෙත් නැහැ... ලංකාවට මොන විස්කිද? (නි)
හිස් බෝතලයක් නැද්ද හොයා ගන්න. ඇත්තමයි මම තේ දාලා විකුණනවා (නදී)
ෂොට් එකක් දාන්න හිතෙනවා (නදී)
මේ වර්ගය යුරෝ 2300 කට ප්‍රංශයෙන් ගන්න පුළුවන්. නමුත් අපේ රටේදී මේකේ මිලට අමතරව බර ටැක්ස් එකක් එකතු කරනවා.ඒකයි මිල අධික. (නි)
බන්දුලගේ වචන මාලාවෙන්ම තේරෙනවා එයා කිතුල ගහක් යට පැය 24 ගත කරන බව. මට පේන්නේ කඩේ යන තැනින් ඉල්ලපු වර්ගය ලැබිලා නැතිව වගේ. (නදී)
රුපියල් 2500/= කින් මාසයක් කන අයට මේකෙන් ෂොට් එකක් දාන්න අවුරුදු දෙකක් නොකා ඉන්න වෙනවා. අහෝ ලංකාව! (නි)
මේ ගානට විස්කි බොන්න පුළුවන් හොරකම් කරලම තමයි. අපිට මේවා බොන්න ඉඩම් විකුණන්න වෙනවා (නි)
කවුද එතකොට මේවා බොන්නේ? (නදී)
සාප්පු වල, තියෙනවා නම් දැකලා තියෙනවා.....ඉබ්බෝ දාලා, කබඩ් එකේ ආරක්ෂා ඇතිව තියලා තියෙන්නේ. (නදී)
මේ බන්දුල පෙරේරා , අපි වැදගත් මිනිස්සු. අපි ඔක්කොම රා කට්ටට දාලා කතා කරන්න එපා. ඔය ජරාව බොන්නේ ලොකු මහත්වරු නොවෙයි (නි)
බන්දුල පෙරේරාට දැන් එයාගේ අතීතය අමතකවෙලා.මම හොඳට ඔයාව හඳුනන කෙනෙක්. (නි)
අයියෝ සල්ලි! ඔය කොච්චර මිල වුණත් ගල් හරි, පොල් හරි වගේ නැතුව ඇති (නි)
"මේවා බොන්නේ අර මතට තිත තියන්ඩ හදන අය වෙන්ඩ ඇති" මතට තිත තියන්ඩ හදන අය හාල් වලින් බීර පෙරනවලු. (නදී)
බන්දුල පෙරේරා ඔබට ලොකු මහත්වරු කියල ජාතියකුත් ඉන්නවද. මටනම් කොයි පුතත් එකයි. ඔච්චර නිවට වෙන්න එපා මිස්ටර් (නදී)
මේවා බොන මිනිසුන්ට පසුවදාට මුත්‍රා කරන්න ලෝබ හිතෙනවා ඇති. (නදී)
මේවා බීපු ලාංකිකයන් ඉන්නවා. නමුත් සල්ලි දීල නොවේ, හොරෙන්. යුරෝපයේ කෝටිපතියන්ගේ ගෙවල් වල වැඩකරන ලාංකිකයන් මේවා ඕනෑතරම් බීලා ඇති (නි)
ඔන්න එළිවෙන්නේ සිරි ලංකාවට ආනයන කරන බඩු. ඕව බොන ඇත්තොත් ඉතින් ඉන්නවනේ. ඔය එක බෝතලේකට දෙන සල්ලි වලින් අර නියගයට හසු වෙලා ඉන්න අසරණයන්ට වතුර බෝතල් කීයක් නම් දෙන්න පුලුවන්ද. මෙච්චර ගණන් දීල මේවා බොන්නේ අර මතට තිත තියන්ඩ හදන අය වෙන්ඩ ඇති මය හිතේ (නදී)
මේවා බොන්නද අැගේ ගාන්නද තියෙන්නේ. මම මේ අැහුවමයි. මෙච්චර ගණන් විස්කි ගැන (නදී)
බලාගෙන යනකොට බන්දුලගේ කඩේ යන මල්ලේ විතරක් නෙවෙයි රා පොල් කට්ටේත් හිලක්. (නදී)
බෝතලේ... ඔබ නොවෙදෝ මගෙ පපුවේ ගිනි නිවුවේ...? බෝතලුත් දැක්කා, මෙහෙම බෝතල් දැක්කම පපුව පිච්චෙනවානේ... (නි)
මෙහෙම ඒවා මම එංගලන්තයේවත් දැකලා නැහැ (නි)
අනේ මේ රට විස්කි වර්ග ගැන දන්නා අය අපට මේ පිළිබද විස්තරයක් කරන්න. අලුත් දේ ගැන දැනගන්න අපි ආසයි. (නදී)
ඒ කියන්නේ ලංකාවේ රුපියල් ලක්ෂ දහයට විකුනන්න විස්කි තියෙනවා? (නදී)
ලංකාවේ මේවා සුපිරි වෙළඳ පොළේ තිබෙනවා කියන්නේ ලංකාවේ මේවා බොන්නට මේවා මිලදී ගැනීමට තරම් පොහොසතුන් සිටිනා නිසා විය හැක (නි)
බුදු අම්මෝ, විස්කි බෝතලයක මිල! ඇත්තටම ඔය මිලට මිනිස්සු විස්කි ගන්නවද? මට නිකන් කැරකිල්ල වගේ.... (නි)
මේක විස්කි නෙමෙයි නේද? . මේක කොග්නැක් ෆ්‍රෙන්ච් බ්‍රැන්ඩි එකක්. (නදී)
රජවරුන්ට පමණි. කොහොමද ලංකාවේ තියෙන දේවල්. (නදී)
මෙච්චර ගාණක් දීලා මේවා බීලා ඇති වැඩේ මොකක්ද? (නි)