ලංකා මිනරල් සෑන්ඞ්ස් ලිමිඩට් ආයතනයට (ඛනිජ වැලි සංයුක්ත මණ්ඩලය) අයත් ගිණුමකින් රුපියල් ලක්ෂ 400ක් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය මගින් ලබාගෙන හම්බන්තොට වෙරළ උද්‍යානය සකස් කිරීමේ මුවාවෙන් වංචා කර ඇතැයි කියන සිද්ධියකට අදාළව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අද (31) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ කරුණු වාර්තා කළේය.
ලංකා මිනරල් සෑන්ඞ්ස් ආයතනයේ නිසි බලධාරී තෙල්ගේ අශෝක පීරිස් මහතා විසින් ඉකුත් පෙබරවාරි මස 29 වැනිදා පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඒකක අට ස්ථානාධිපතී පො. ප. වීරරත්න මහතා විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නාඩගම් දැන්නම් ඇති වෙලා. එකක්වත් ඔප්පු කරගන්න බැරිව හොයනවා හොයනවා විතරයි. ඒ අස්සේ බදු මිලි ඉහල යනවා. බදු වැඩි කරනවා.(හේ)
මේක ආරංචිවෙලා ජිනීවා ගිය අය සංදේශය ආපසු ඉල්ලාවිද දන්නේ නැහැ (නි)
මහජන මුදල් හොරා කාපු එවුන්නම් මතු උපදින්නේ මල පෙරේතයෝ වෙලා හැබැයි මේ මිනිසුන්ටනම් මෙලොවදීම මේවා පලදෙන්න ඕන (හේ)