ලංකා මිනරල් සෑන්ඞ්ස් ලිමිඩට් ආයතනයට (ඛනිජ වැලි සංයුක්ත මණ්ඩලය) අයත් ගිණුමකින් රුපියල් ලක්ෂ 400ක් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය මගින් ලබාගෙන හම්බන්තොට වෙරළ උද්‍යානය සකස් කිරීමේ මුවාවෙන් වංචා කර ඇතැයි කියන සිද්ධියකට අදාළව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අද (31) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ කරුණු වාර්තා කළේය.
ලංකා මිනරල් සෑන්ඞ්ස් ආයතනයේ නිසි බලධාරී තෙල්ගේ අශෝක පීරිස් මහතා විසින් ඉකුත් පෙබරවාරි මස 29 වැනිදා පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඒකක අට ස්ථානාධිපතී පො. ප. වීරරත්න මහතා විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ 400ක් වැලි යට ගහලා
දහම් Friday, 01 April 2016 08:38 AM
මේ නාඩගම් දැන්නම් ඇති වෙලා. එකක්වත් ඔප්පු කරගන්න බැරිව හොයනවා හොයනවා විතරයි. ඒ අස්සේ බදු මිලි ඉහල යනවා. බදු වැඩි කරනවා.(හේ)
වින්සන්ට් Thursday, 31 March 2016 09:26 PM
මේක ආරංචිවෙලා ජිනීවා ගිය අය සංදේශය ආපසු ඉල්ලාවිද දන්නේ නැහැ (නි)
ජයරත්න Thursday, 31 March 2016 12:11 PM
මහජන මුදල් හොරා කාපු එවුන්නම් මතු උපදින්නේ මල පෙරේතයෝ වෙලා හැබැයි මේ මිනිසුන්ටනම් මෙලොවදීම මේවා පලදෙන්න ඕන (හේ)