රුපියල් තිස් අට ලක්ෂ හතලිස් අට දහස් එකසිය තිහක් වටිනා නිම නොකළ රත්තරන් මාල තුනක් ගමන් මල්ලේ සඟවාගෙන අබුඩාබි සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අද අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු කොළඹ පදිංචි 33 හැවිරිදි තරුණයෙකි.
ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 208 දරණ ගුවන් යානයෙන් අද උදෑසන මෙරටට පැමිණියේය.
අත් අඩංගුවට ගත් රන් මාල වල බර ග්‍රෑම් 699.66 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd