දුරකථනයෙන් බියවද්දා රුපියල් ලක්ෂ 35 ක් කප්පම් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 27 සහ 31 වැනි වියේ පසුවන්නෝ වෙති. ඔවුන් දෙදෙනා කඩුවෙල සහ හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
බස්නාහිර හා දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුණූ තොරතුරක් අනුව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලදී.
සැකකරුවන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd