රුපියල් විසිනව ලක්ෂ අනු දහසක් වටිනා වල්ලාපට්ටා කිලෝග්‍රෑම් 4.6 ක් ගමන් මල්ලේ සඟවාගෙන ඉන්දියාවේ බැංගලෝරය බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙකුට රුපියල් හැට දහසක දඩයක් නියම කළ රේගුව එම වල්ලාපට්ටා තොගය රාජසන්තක කිරීමට නියෝග කළේය.
මේ පිළිබඳ රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක මහේෂ් හේවාවිතාරණ මහතා අද සිදු කළේය.
මෙසේ දඩ නියම වුයේ අවිස්සාවෙල්ලේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකුටය.
ඔහු අද අළුයම ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 173 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ බැංගලෝර් නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පැමිණ සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd