IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලක්ෂ 29 රාජසන්තකයි

රුපියල්  විසි නම ලක්ෂ විසි නමදාස් හයසිය තිස් තුනක් වටිනා විදේශ මුදල් තොගයක්  රැගෙන සිංගප්පුරුව බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්    අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරු මහනුවර පදිංචි 46 හැවිරිදි වාහන අමතර කොටස් ව්‍යාපාරිකයෙකි.

ඔහු   එමිරේටස් ගුවන් සේවයට අයත් ඊ.කේ 348 දරණ ගුවන් යානයෙන් සිංගප්පුරුව බලා යාමට කටුනායකට පැමිණ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආවේෂණ රාජකාරියේ නියුතු නිලධාරීන්ට සැකකරු පිළිබඳව ඇති වු සැකයක් මත පරීක්ෂා කරද්දී ඔහුගේ කලිසම් සාක්කුවක තිබී මෙම මුදල් සොයාගෙන ඇත.

පසුව එම නිලධාරීන් විසික් සැකකරු හා එම විදේශ මුදල් ගුවන්තොටුපොළ රේගුවට බාර දෙනු ලැබීය.

රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ සැකකරු ඇමරිකානු ඩොලර් 11145 සහ සෞදි රියාල් 39500  නීති විරෝධී ලෙස රැගෙන යාමට උත්සහ කර ඇති බවයි.

මේ පිළිබඳ රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතා විසින් සිදු කර සැකකරුට රුපියල් පනස් දහසක දඩ නියම කොට එම විදේශ මුදල් තොගය රාජසන්තක කිරීමට නියෝග කළේය.

 



අදහස් (0)

ලක්ෂ 29 රාජසන්තකයි

ලුම්බිණි Friday, 10 July 2015 03:49 AM

ව්‍යාපාරිකයන් බොහොම දෙනෙක් මේ විදියට අහු වුණා නේද? (ම)

:       0       0

පියලාල් Friday, 10 July 2015 07:27 AM

මේ වගේ කෙනෙක් අහු වුනහම යුරෝපා රටවල කරන්නේ මුදල් පිට කිරීමෙන් රටට අහිමිවෙන විනිමය ප්‍රමාණයට දඩ මුදලක් නියම කර මුදල් සහ පුද්ගලයා නිදහස් කිරීමයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site