රුපියල් විසි නම ලක්ෂ විසි නමදාස් හයසිය තිස් තුනක් වටිනා විදේශ මුදල් තොගයක් රැගෙන සිංගප්පුරුව බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු මහනුවර පදිංචි 46 හැවිරිදි වාහන අමතර කොටස් ව්‍යාපාරිකයෙකි.
ඔහු එමිරේටස් ගුවන් සේවයට අයත් ඊ.කේ 348 දරණ ගුවන් යානයෙන් සිංගප්පුරුව බලා යාමට කටුනායකට පැමිණ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආවේෂණ රාජකාරියේ නියුතු නිලධාරීන්ට සැකකරු පිළිබඳව ඇති වු සැකයක් මත පරීක්ෂා කරද්දී ඔහුගේ කලිසම් සාක්කුවක තිබී මෙම මුදල් සොයාගෙන ඇත.
පසුව එම නිලධාරීන් විසික් සැකකරු හා එම විදේශ මුදල් ගුවන්තොටුපොළ රේගුවට බාර දෙනු ලැබීය.
රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ සැකකරු ඇමරිකානු ඩොලර් 11145 සහ සෞදි රියාල් 39500 නීති විරෝධී ලෙස රැගෙන යාමට උත්සහ කර ඇති බවයි.
මේ පිළිබඳ රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතා විසින් සිදු කර සැකකරුට රුපියල් පනස් දහසක දඩ නියම කොට එම විදේශ මුදල් තොගය රාජසන්තක කිරීමට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යාපාරිකයන් බොහොම දෙනෙක් මේ විදියට අහු වුණා නේද? (ම)
මේ වගේ කෙනෙක් අහු වුනහම යුරෝපා රටවල කරන්නේ මුදල් පිට කිරීමෙන් රටට අහිමිවෙන විනිමය ප්‍රමාණයට දඩ මුදලක් නියම කර මුදල් සහ පුද්ගලයා නිදහස් කිරීමයි. (ස)