(ටී.කේ.ජී.කපිල)
විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (09) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පෙදරේරුවෙක.මෙම පුද්ගලයා සිංගප්පූරුව බලා පිටත්ව යෑම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සපයන ලද තොරතුරක් මත ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු දෙකක සඟවා ගෙන තිබූ මෙම විදේශ මුදල් තොගය රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.
එහි රුපියල් 27,65,006 ක් වටිනා ඇමෙරිකානු ඩොලර් 4433 ක් බ්‍රිතාන්‍ය පවුම් 1750 ක් සහ යූරෝ 9,000 ක විදේශ මුදල් තොගයක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය .මේ පිළිබඳව වැඩිදුර රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ දීප්තිකා ගුණරත්න මහත්මිය විසින් පැවැත්වූ අතර එහිදී මෙම විදේශ මුදල් තොගය රාජසන්තක කර මෙම පෙදරේරුවා නිදහස් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රේගුවෙන් කොච්චර දේවල් අල්ල ගන්නවද හිරේ කීදෙනක්ව දාලද. එත් ගේනවා . රේගුවේ අයටත් මිලියන ගානට පාරිතෝෂික දීමනා .අල්ලන හින්දනේ ලැබෙන්නේ. අපේ මුදලින් කන්න බොන්න දීල තියාගෙන ඉන්නවා. පෝරකය තමයි උත්තරේ මොනවා කරන්නද