රුපියල් විසිතුන් ලක්ෂ හැත්තෑ හය දහසක් වටිනා රන් කැබලි දෙකක් තම ගුද මාර්ගයේ සගවාගෙන තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට යාමට පැමිණි ඉන්දීය ජාතිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු 24 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් ය.එල් 423 දරණ ගුවන්යානයෙන් මෙරටට පැමිණ රේගුවට භාන්ඩ කිසිවක් ප්‍රකාශ කිරීමට නැති මගින්ගේ මාර්ගය ඔස්සේ පිටවීමට උත්සහ කරද්දී අත් අඩංගුවට ගත් බව රේගුව කියයි.
අත් අඩංගුවට ගනු ලැබු රන් කැබලි දෙකෙහි බර ග්‍රැම් 396 කි.
මේ පිළිබඳ විමර්ශනය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සී. විෙජ්තුංග මහතා විසින් සැකකරුට රුපියල් දස දහසක දඩයක් නියම කොට එම රන් කැබලි රාජ සන්තක කිරීමට නියෝග කළේය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධයක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සී.විෙජ්තුංග මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන ඩී. රත්නකුමාර, ඒ.ආර් සේනාධීර, නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන එම්.කේ.යූ ගාමිණී, ඉඳුනිල් උදයාල් සහකාර රේගු අධිකාරීවරුන් වන ආර්.එම්.කේ.ආර් රත්නායක, ජී.ඩබ්ලිව්.එම් ප්‍රසාද්, ඒ.එම්.එම් බී විෙජ්වර්ධන, ඩබ්ලිව්.ඒ.ටී.එම් විෙජ්සුරිය යන නිලධාරීහු සිදු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන් කැබලි රාජ සන්තක කලා මදිවට දස දහසක දඩයක්.................. වෙන මොනාද අර මාර්ගයේ සඟවන්න පුළුවන්,? (දී)
ආදායම් මාර්ගය හදාගත් ගුද මාර්ගයට පුදුම තැනක්නේ දැන් තියෙන්නේ. (දී)
සත පහක් නොවටිනා ගුද මාර්ගය ලක්ෂ ගණන් වටිනා රත්රන් තබනට හැකි ගබඩාවක් කිරීම මොවුන්ට සහතිකයක් දෙන්න ඕනේ (දී)
මේ වගේ ගුද මාර්ග ගිනස් පොතට ඇතුලත් වෙන්නේ නැද්ද. වැඩිම බරක් සහ වැඩිම වටිනාකමක් ඇති දේවල් රට වල් අතර ප්‍රවාහනය කරන පුළුවන් අවයව හැටියට. (දී)
පවුම් 50ක් ගුද මාර්ගයේ ගෙනා කෙනාව ඒ මාර්ගයේ වීරයා කරන්න. (දී)
මේ වගේ අයගේ සමාජ ශාලා තායි සහ ඉන්දියාවේ තියෙනවා. මොහු එ්කේ සාමාජිකයෙක් විය හැකියි. (නදී)
අපෝ ගුද මාර්ගය අදායම් මාර්ගයක් කර ගත්තු අය නම් ඕන තරම් අපි අතර ඉන්නවා. හරිනම් දඩ ගහන්න ඕන එයාලට නෙමේ මෙයාලටයි. එත් මෙයාලට නම් දඩ වෙනුවට ලැබෙන්නේ සහනාධාර හා දීමනායි. (දී)
හදිසියේවත්, රේගු නිලදාරින්ට ඕක අහු උනේ නැත්තන් එලියට ගන්නේ කොහොමද? මට හරිම ප්‍රශ්නයක් එ්ක. (නදී)
ගුද මාර්ගය, ආදායම් මාර්ගය කරගත් ජනතාවට ජය වේවා! (ස)
නාලකට ඒ මාර්ගය සත පහක් වටින්නේ නැහැ අපිට නම් අපේ ශරීරයේ තියෙන හැම දෙයක්ම මිල කරන්න බැහැ. නැති උනොත් ගන්න කඩවල් නැහැනේ ඒවට..නාලකට හදිසියක් උන වෙලාවට එකේ වටිනාකම තේරෙයි.. (දී)
පිස්සු හැදෙයි.මෙච්චර ලොකු රන් කෙබලි 2ක් ඔබන්න තරම් ගුද මාර්ගය ලොකු කරගත්තේ කොහොමද. (දී)
කුඩා කාලයේ සිටම පුරුදුවූ අය වෙන්නට ඕනේ . නැතිනම් මෙපමණ බරක් සහ වටිනා වස්තුන් ගුද මාර්ගයේ සඟවා ගෙනීම අපහසුය (දී)