(කටුනායක ටී. කේ. ජී. කපිල)
කුවේටයේ සිට නීතිවිරෝධීව ශ්‍රී ලංකාවට ගෙන ආ විදේශීය දුම්වැටි තොගයක් අද (20 වැනිදා) කටුනායක ගුවන් තොටුපළේ දී අත් අඩංගුවට ගත් බැව් ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් , රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව මහතා පැවසීය. මෙම දුම්වැටි නීතිවිරෝධීව රැගෙන ආ පුද්ගලයා 45 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ ඔහු ගුවන් තොටුපළෙන් බැහැරට යමින් සිටියදී ගුවන් තොටුපළ රේගුව විසින් ඔහුගේ ගමන් මල්ලේ සගවා ගෙන තිබූ මෙම දුම්වැටි තොගය සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබුණි .
එහි එම දුම්වැටි අසුරුම් එකතු 181 ක් තිබී ඇත. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 18 ඉක්මවන බව රේගුව පවසයි. එම දුම්වැටි නීතිවිරෝධීව ශ්‍රී ලංකාවට ගෙන ආ පුද්ගලයාට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු මුස්ලිම් පුද්ගලයෙක් වෙන්න ඇති... එකී සුරුට්ටු රේගුවෙන් හොඳටම බලලා හොයලා තියෙන්නේ... සිංහලයෙක් නම් මේවගේ ව්‍යාපාර කරන්නේ නෑනේද?
මොකද මෙතරම් "සොච්චම්" දඩයක් ගැසුවේ ? මොහු "ආනයනය " කරපු දුම්වැටි තොගයට කුමක් ද උනේ ? කවුරු කවුරුද ඒවා බෙදාගත්තේ? එහෙම නැත්නම් පාරවල් කාර්පට් කරන ගල් රෝල් යටට දැම්මද ?