(එච් එම් ධර්මපාල)
මහා පරිමාණයෙන් කේරල ගංජා සහ අයිස් ජාවාරමේ නියුතු පුද්ගලයින් තිදෙනකු පිලියන්දල හැඩිගම ප්‍රදේශයේදී අද (3) ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී කේරල ගංජා කිලෝ 10 ක් සහ අයිස් ග්‍රෑම් 50 ක් සොයාගෙන ඇත.
ලක්ෂ 13 ක කේරල ගංජා සහ ලක්ෂ 3 ක අයිස් මෙලෙස පොලිස් බාරයට ගෙන තිබේ.
සැකකරුවන් හැඩිගම ප්‍රදේශයේම පදංචි වයස 35, 40, 38 යන වයස්වල පසුවන්නෝ වෙති. මොවුන් බොරැල්ල, වනාතමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගෙන් මෙම මත්ද්‍රව්‍ය ලබාගන්නා බවත් පොලීසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd