(ඉන්දිකා රාමනායක)
මීගමුව - කොළඹ බස් රථයක මගි කාන්තාවක් සතුව තිබූ රුපියල් ලක්ෂ 15 කොල්ල කා වත්තල නගරයේ ඇළකට පැන පලායමින් සිටි සැකකරුවෙක් මුදල් ද සමග වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කොල්ලකෑ රුපියල් ලක්ෂ 15 ක මුදල ඇළ ඉවුරේ සඟවා තිබි ඇත.
මෙම සැකකරු ඊයේ දහවල් බස් රථය තුළ සිටි මගි කාන්තාවගෙන් මෙම මුදල කොල්ලකා වත්තල ඇවිදින මංතීරුව අසර පාලමෙන් ඇළට පැන පිහිනා යන අයුරු ආවේක්ෂණ රාජකාරියේ නිරත වත්තල පොලිසේ පොලිස් කණ්ඩායමක්ට නිරීක්ෂණය වී ඇති බව පොලිසිය පවසයි.
පසුව පොලිස් නිලධාරියකු සැකකරු පසුපස හඹා ගොස් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
පසුව සිදුකළ ප්‍රශ්න කිරීමේදී බස් රථයක් තුළ මගියකු සතු මුදල් කොල්ලකා පලා යන පුද්ගලයකු බවට හෙළි හෙළිවූ බව පොලිසිය කියයි.
අඩංගුවට ගත් සැකකරු මොරටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd