කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කේන්ද්‍ර කොටගෙන තීරු බදු නොගෙවු විදේශීය මත් පැන් ජාවාරමක් පවත්වාගෙන යන බව කියන පුද්ගලයෙකු ඔහුගේ සුපිරි මෝටර් රථය සහ රුපියල් ලක්ෂ දොලහක් පමණ වටිනා රට මත් පැන් තොගයක් සමග මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේදී සැකපිට අත් අඩංගුවට ගත් බන සුරා බදු දෙපාර්තමේන්තුව කියයි.
සැකකරු මීගමුව පෙරියමුල්ලේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කරමින් මෙම ජාවාරම දීර්ඝ කාලයක් තිස්සේ රහසිගතව කරගෙන ගොස් ඇති බව කරන ලද විමර්ශණවලදී අනාවරණය වී ඇත.
වැටලීමේදී ජොනි වෝකර් වර්ගයේ ලීටර් එක ප්‍රමාණයේ විස්කි බෝතල් 186 ක් සහ 2015 වර්ෂයේ නිෂ්පාදිත ටොයෝටා ප්‍රීමියෝ වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් අත් අඩංගුවට ගෙන ඇත. මෝටර් රථයේ වටිනාකම රුපියල් ලක්ෂ 60 කි.
අත් අඩංගුවට ගනු ලැබු මත්පැන් ගුවන්තොටුපොල ආශ්‍රීත ස්ථානයකින් ලබා ගත් බව සැකකරු සුරාබදු නිලධාරීන් ඉදිරියේ පවසා ඇත.
සුරාබදු නිලධාරියෙකු ව්‍යාජ ගැනුම්කරුවෙකු ලෙස යොදවා විදේශීය මත් පැන් සැකකරුගෙන් ඇනවුම් කර ඇති අතර සුරාබදු නිලධාරියාට මත් පැන් විකිණීම සිදුකරන අවස්ථාවේදී සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.
මෙම ව්‍යාපාරය සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ගොස් ඇති බවත් ඔහු තරු පන්තියේ හෝටල් වල පවත්වනු ලබන විවාහ මංගල උත්සව වලට මත්පැන් සපයා ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් සුරාබදු නිලධාරීහු කියති.
මෙවැනි වර්ගයේ මත් පැන් බෝතලයක වෙළදපොළ වටිනාකම රුපියල් 6500 ක් පමණ උවද සැකකරු එය අලෙවිකර ඇත්තේ රුපියල් 3200 ක මුදලකටය.
ගුවන්තොටුපොළ ආශ්‍රීතව සිදුකරන බව කියන තීරු බදු නොගෙවු විදේශීය මත් පැන් ජාවරමක් පිළිබදව වැඩිදුර විමර්ශණ පවත් වන සුරාබදු නිලධාරීහු පවසන්නේ මෙම මාසය තුළ පමණක් තීරු බදු නොගෙවු විදේශීය මත්පැන් බෝතල් හාරසීයනට අධික ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන ඇති බවයි.
මෙම වැටලීම සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජී ගුණවර්ධන මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (අපරාධ) ෙජ්. පුෂ්ප කුමාර මහතාගේ සහ ජා ඇල සුරාබදු අධිකාරී ආර්.එම්.පී.බී ධර්මකීර්ති යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්ෂක ඒ.ආර් ලැම්බට් ඇතුළු නිලධාරීහු සිදු කළහ.
සැකකරු ලබන 25 වෙනිදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි හම්බ කරන්න සල්ලි තියෙන්න ඕනේ. ලක්ෂ 60 කාරෙකේ ගියත් හොරා හොරාමයි. ජැන්ඩියට ඇඳලා යනකොට අවිස්වාස කරන්න අමාරුයි (නදී)
සමන්ති මේක තමා ඇත්ත තත්වය. මම දන්නා දකුණු පළාතේ එක වෙරළබඩ ප්‍රදේශයක කුඩා පරිමාණයේ සංචාරක නවාතැන් විශාල ප්‍රමාණයක් එක ළඟ පිහිටලා තිබෙනවා. ඔවුන් සංචාරකයන්ට බීයර් බෝතල 6-7 සමහර දවස් වලට විකුණනවා. සමහර කාලවලට මොකුත්ම නැහැ. බීයර් නැති රෙස්ටුරන්ට් වලින් කෑම කන්න සංචාරකයෝ කැමති නැහැ. දැන් බලපත්‍රයක් ගන්න අවුරුද්දකට රුපියල් ලක්ෂ 2 1/2 විතර වියදම් කරන්න ඕනේ. අනිත් එක බලපත්‍ර නිකුත් කරන ක්‍රමවේදය ඉතාම සංකීර්ණයි. රෙස්ටුරන්ට් හිමියන් මාසෙකට රුපියල් 2000 සිට 5000 මුදලක් සුරාබදු කාරයන්ට කප්පම් ගෙවනවා. ඔවුන් මේවා අල්ලන්නේ නැහැ. මෙවැනි කුඩා පරිමාණයේ සංචාරක ව්‍යාපාරිකයන්ට (විදේශීය සංචාරකයන්ට පමණක් )විකිණිය හැකි ලෙස අවුරුද්දකට රුපියල් ලක්ෂයකට අඩු මුදලකට සරල ක්‍රමයකට බලපත්‍ර ලබාදෙනවා නම් ඔවුන් බලපත්‍ර ලබා ගනී. එතකොට රජයටත් විශාල බදු අාධායමක් ලැබේ. සමන්ති මාව මුදල් අැමති කරත් අැමතිකම භාර ගන්න මගේ කැමැත්තක් නැත. එයට හේතු කිහිපයක් පහත දැක්වේ. (1). දැනට මම යුරෝපයේ ජිවත්වන යුරෝපය සහ ශ්‍රී ලංකාව අතර ව්‍යාපාර කරන ව්‍යාපාරිකයෙකි. මම මසකට ලංකාවේ මුදල් අැමතිගේ වැටුප මෙන් කිහිප ගුණයක් හම්බ කරමි . (2) ලංකාවේ දේශපාලකයන් (සියලුදෙනාම නොවේ) කරන විදිහට බොරු කියමින් මිනිස්සු රැවටීමට මම අකමැත්තෙමි. (3) රටක මුදල් අමෙති ධුරය දැරීමට තරම් මගේ ආර්ථික විද්‍යා දැනුම ප්‍රමාණවත් නැති බව මගේ අදහසය .(4) මට මගේ පුද්ගලික නිදහස ඉතා වැදගත්ය (නදී)
මේවා අහඹු සිදුවීම් නොවේ. නමුත් මේ නීති විරෝදී දේ අල්ලන්න යහපාලනයම ඕනේ (නදී)
ශාන්තගේ කතාව හරියට හරි. ඔය විස්කි වෙන්දේසි කරනවා නම් අපිටත් කියන්න (නදී)
මම දන්නේ නැති හින්දයි අහන්නේ. මේවත් මහින්දගේ ගිණුමටද බැර කරන්නේ.?(බ)
මේ විදිහේ වාහනද ලංකාවේ සුඛෝපභෝගී ගණයට වැටෙන්නේ? (බ)
අල්ලන මත්පැන්, මත්කුඩු, පිටරට සල්ලි වලට මොකද වෙන්නේ කියලා මහජනයා දැනුවත් කළ යුතුවේ. (හේ)
ඉතා ඉක්මනින් සුපිරි පොහොසතුන් ලංකාවේ බිහි වන්නේ මෙවෙනි හොර වංචා වලිනි. මේවා සිදුවන්නට පිටු පස දේශපාලන හස්තයන්ද තිබෙනවා. සාදාරන රැකියාවකින් හෝ සාදාරන වෙලදාමකින් පොහොසත් වන්නට ලංකාවේ ඉඩක් නොමැති කම මේවාට බලපානවා (නදී)
මෙවැනි හොර වංචා වැඩිපුර සිදුවෙන්නෙත් නීති විරෝධී කස්සිපු වැනි මත්ද්‍රව්‍ය ජනතාව අතර ප්‍රචලිත වන්නේත්, එතනෝල් ජාවාරම් සිදුවෙන්නෙත් ආණ්ඩුවෙන් මත්පැන් වලට සහ මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබාදීමේදී සහ මත්පැන් වලට ගසන අධික බද්ධ නිසාය. මෙවැනි ජාවාරම් බොහෝ විට සිදුවන්නේ සුරාබදු , පොලිස් නිලධාරීන්ගේ සහ දේශපාලකයන්ගේ අනු දැනුම මතය. කස්සිපු මුදලාලිගේ සිට කුඩා පරිමාණ සංචාරක හෝටල් හිමියාගේ සිට මහා පරිමාණ විස්කි ජාවාරම් කරුවා ඔවුන්ට කප්පම් ගෙවමින් තම ව්‍යාපාර කරගෙව යති. රජයට බලපත්‍ර ගාස්තු සහ මත්පැන් වලින් ලැබෙන බලපත්‍ර ගාස්තුව ඉතා අඩු වන අතර නිලධාරීන් සහ ජාවාරම් කරුවෝ ධනවත් වෙති. කරුණාකර මෙම බලපත්‍ර ගාස්තු අඩු කර බලපත්‍ර ලබාගැනීමේ ක්‍රමවේදය සරල කරන්න. විදේශීය මත්පැන් බදුත් අඩු කරන්න. එතකොට මේ ජාවාරම් නවතීවි. (නදී)
එහෙනම් මේ පාර කසිප්පු වෙනුවට ජොනිවෝකර් පාටියක් (බ)
මේ වගේ හොරු ඉන්න රටක අපි ඉන්නේ (නදී)
ද සිල්වා, මුදල් ඇමති කරමුද? අපුරු ටිකිරි මොලේ. (නදී)
රටට ලැබිය යුතු බදු ආදායම අහිමි කරමින් මෙවනි හොර ඡාවාරම් මැඩලිමට මේ නිලධාරින් කර ඇති මෙහෙවරට රටේ ජනතාවගේ ප්‍රසංසාව හිමි විය යුතුයි.(නදී)
අද පොලිසේ කාරයෝ ජොනි වෝකර් ගහයි (බ)
නියමයි (බ)