ශ්‍රී ලංකාවටත්, ශ්‍රී ලංකාවාසී සියලුම දෙනාටත්, ත්‍රිවිධ හමුදාවට, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බළකායටත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත් සෙත් පතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා බ්‍රිතාන්‍ය ශාඛාව, ජාතික නිදහස් පෙරමුණේ මහා බ්‍රිතාන්‍ය ශාඛාව සහ ජාත්‍යන්තර ශ්‍රී ලංකීය බළ මුළුව එක්ව සංවිධානය කළ බෝධි පුජාමය පින්කමක් ජුලි 5 වන ඉරුදින ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක අග්ග මහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන් ප්‍රධාන විහාරවාසී මහා සංඝරත්නය සහභාගිවූ මෙම පින්කමේදී ශ්‍රී ලංකාවේ ඒකීයත්වය සහ භෞමික අඛණ්ඩතාවය රැකගැනීම සදහා දිවි පිදු සහ විරෝධාර රණවිරුවන්හට පින් පැමිණ වීමද සිදුවිය.

![SLFP3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/SLFP31.jpg)
![SLFP4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/SLFP41.jpg)
![11705169_942095225847578_5043483252127021495_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/11705169_942095225847578_5043483252127021495_n1.jpg)
![SLFP_1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/SLFP_11.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවමත් මහින්දට කැමති අය ඉන්නවා (නි)
අපිත් මහින්දට සිංගපූරුවේ සිට (නදී)
මෙහි අදහස් දැමු 7 දෙනාම යම් කිසි ඉවකින් හෝ දැනුමකින් සමාන අදහස් පළකිරීමෙන් මුළු රටටටම දැවැන්ත පණිවිඩයක් දී තිබෙනවා. එනම් ඔහු යුද්ධය දිනපු නායකයා නොව යුද ජයග්‍රහණය විකුණන් කාපු නායකයා ලෙස ඉතිහාසයේ කුණු කුඩයට එක්ව ඇති බවයි. (නදී)
මේ පන්සලේ හැමදේම මෙහෙම තමා(නදී)
රණවිරුවන් නාමය ඡන්දය සදහා භාවිතා නොකරමු.(නදී)
ශක්ති කියූ දේ ඇත්ත (නි)
කෝ රණවිරුවෝ කවුරුත් නැහැනේ. පින්තුරයක් වත් නැහැ? (ර)
මේක නිකම් ලෙඩෙක් බලන්න ඇවිත් වගේ නේ. අපරාදේ කාලය , වෙලාව අපිත් ඉන්නේ මෙහෙ නමුත් දන්නෙත් නැහැ. (ර)
අම්මේ පුදුම සෙනගක්නේ ඇවිල්ලා ඉන්නේ... (ර)
ඔච්චරද සෙනඟ? ලංකාවේ වගේ බස් වලින් අදින්න බැරුව ඇතිනේ! (නි)
ඔය සූ ගාලා 20 ක් විතර ඉන්නේ ඡන්දෙ දිනවන්න. (ර)
රණවිරුවන්ට කරුණාකර මුදලින් උපකාර කරන්න (නි)
මහින්ද මහතා සදා වැජඹේවා! (නි)
මේ හාමුදුරුවරුන්ට සහ පිස්සු මිනිස්සුන්ට ලැජ්ජා නැහැනේ. රට ගිහිල්ලත් මේ හරක් ටික මහින්දට කඩේ යනවා (නදී)
මහින්ද සමග 20 යි (නදී)
සු ගාල සෙනග ඉන්න මේ ලංකාව නෙමෙයිනේ. ඇයි සු ගාල සෙනග දකින්න මේ මාතර, නුගේගොඩ රැස්වීම් නෙමෙයිනේ (නදී)
සූ ගාලා සෙනඟ ඉන්න මේ ලංකාවේ නෙමෙයිනේ! (නි)
අපේ රටේ නැති යුද්ධයක් මවලා පෙන්වන්න හදනවාට නම් අපි කැමති නැහැ. යුද්ධයක් අවසන්වුණ රටක රණවිරුවෝ මුවාවෙන් කවුරුහරි ගොඩඑන්න හදනවා නම් ඒක වැරදියි (නි)
මහින්දට ජයවේවා! (නි)
ජය වේවා! (නි)
මොන බොරුද , කෝ රණ විරුවෝ .(ස)
කෝ ඩෙන්සිල් කොබ්බැකඩුව, වැනි අයගේ පින්තුරයක් වත් නැහැනේ. හාමුදුරුවනේ මවැනි පින්කම් කරනකොට බුද්ධිමත්ව හිත බලන්න. සුද්දගේ රටේ ඉන්නකොට සුද්දෝවගේ කල්පනා කරන්න. (ස)
මේ ගොල්ලෝ ලන්ඩන් ගිහිල්ල තියෙන්නේ මහින්දෙගේ පිහිටනේ නේ ?? මේගොල්ලන්ට නැගිටින්නට කොහොමත් මහින්ද ඕන ?? ලාංකීය පොදු ජනතාවට මහින්ද අවශ්‍ය නැත. (ස)
නැහැ කමල් මේ අය බොහෝ දෙනා එංගලන්තෙට ආවේ ජවිපෙ ලේබල් එක අලවා ගෙන 89, 90, 91 වක වානුවේ. හරිනම් පහන් තියන්න ඕනි රෝහණ විජේවීර සහෝදරයාගේ පින්තුරේට. දැන් ඉතින් ඒ අය ලොකු අය කියලයි හිතා ඉන්නේ. (නදී)
මේ අයට ඕන ලංකාවේ නොදියුණු ගෝත්‍රික සමාජයක් හැමදාම තියෙන්න. එතකොටනේ තමන්ට "දියුණු රටක ඉන්නේ" කියල යාළුවන්ට නෑදෑයින්ට පෙන්නන්න පුළුවන්. (නදී)
කතරගම දෙවියන් ජීවමානව එනවා කියල පන්දම් අල්ලාගෙන පාරදිගේ එලි වෙනකල් සිටගෙන හිටපු මිනිස්සු ඉන්න රටක මිනිස්සුන්ට මේවා මහා වැඩ නොවේ. මේවට මට නම් දෙකොනනින්ම හිනා යනවා. (නදී)