IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලක්විරුවෝ ලන්ඩනයේ දී සැමරෙති

ශ්‍රී ලංකාවටත්, ශ්‍රී ලංකාවාසී සියලුම දෙනාටත්, ත්‍රිවිධ හමුදාවට, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බළකායටත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත් සෙත් පතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා බ්‍රිතාන්‍ය ශාඛාව, ජාතික නිදහස් පෙරමුණේ මහා බ්‍රිතාන්‍ය ශාඛාව සහ ජාත්‍යන්තර ශ්‍රී ලංකීය බළ මුළුව එක්ව සංවිධානය කළ බෝධි පුජාමය පින්කමක් ජුලි 5 වන ඉරුදින ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක අග්ග මහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන් ප්‍රධාන විහාරවාසී මහා සංඝරත්නය සහභාගිවූ මෙම පින්කමේදී ශ්‍රී ලංකාවේ ඒකීයත්වය සහ භෞමික අඛණ්ඩතාවය රැකගැනීම සදහා දිවි පිදු සහ විරෝධාර රණවිරුවන්හට පින් පැමිණ වීමද සිදුවිය.

SLFP3[1] SLFP4[1] 11705169_942095225847578_5043483252127021495_n[1] SLFP_1[1]



අදහස් (0)

ලක්විරුවෝ ලන්ඩනයේ දී සැමරෙති

සමන් පෙරේරා - සෞදි Tuesday, 07 July 2015 08:49 PM

තවමත් මහින්දට කැමති අය ඉන්නවා (නි)

:       0       0

සිංග්ප්පුරු සමන් Tuesday, 07 July 2015 09:38 PM

අපිත් මහින්දට සිංගපූරුවේ සිට (නදී)

:       0       0

සත්‍යයා Tuesday, 07 July 2015 10:49 PM

මෙහි අදහස් දැමු 7 දෙනාම යම් කිසි ඉවකින් හෝ දැනුමකින් සමාන අදහස් පළකිරීමෙන් මුළු රටටටම දැවැන්ත පණිවිඩයක් දී තිබෙනවා. එනම් ඔහු යුද්ධය දිනපු නායකයා නොව යුද ජයග්‍රහණය විකුණන් කාපු නායකයා ලෙස ඉතිහාසයේ කුණු කුඩයට එක්ව ඇති බවයි. (නදී)

:       0       0

සමන් Tuesday, 07 July 2015 11:19 PM

මේ පන්සලේ හැමදේම මෙහෙම තමා(නදී)

:       0       0

ශක්ති Wednesday, 08 July 2015 12:50 AM

රණවිරුවන් නාමය ඡන්දය සදහා භාවිතා නොකරමු.(නදී)

:       0       0

රන්ජිත් Wednesday, 08 July 2015 01:04 AM

ශක්ති කියූ දේ ඇ‌ත්ත (නි)

:       0       0

සඳරුවන් ලන්ඩන් Tuesday, 07 July 2015 12:43 PM

කෝ රණවිරුවෝ කවුරුත් නැහැනේ. පින්තුරයක් වත් නැහැ? (ර)

:       0       0

චතුරි Tuesday, 07 July 2015 12:46 PM

මේක නිකම් ලෙඩෙක් බලන්න ඇවිත් වගේ නේ. අපරාදේ කාලය , වෙලාව අපිත් ඉන්නේ මෙහෙ නමුත් දන්නෙත් නැහැ. (ර)

:       0       0

සරත් Tuesday, 07 July 2015 12:53 PM

අම්මේ පුදුම සෙනගක්නේ ඇවිල්ලා ඉන්නේ... (ර)

:       0       0

කිර්ති Wednesday, 08 July 2015 01:37 AM

ඔච්චරද සෙනඟ? ලංකාවේ වගේ බස් වලින් අදින්න බැරුව ඇතිනේ! (නි)

:       0       0

කුමාර් Tuesday, 07 July 2015 01:18 PM

ඔය සූ ගාලා 20 ක් විතර ඉන්නේ ඡන්දෙ දිනවන්න. (ර)

:       0       0

සුමිත් Tuesday, 07 July 2015 01:39 PM

රණවිරුවන්ට කරුණාකර මුදලින් උපකාර කරන්න (නි)

:       0       0

මංගල Wednesday, 08 July 2015 02:30 AM

මහින්ද මහතා සදා වැජඹේවා! (නි)

:       0       0

සමන් Tuesday, 07 July 2015 01:54 PM

මේ හාමුදුරුවරුන්ට සහ පිස්සු මිනිස්සුන්ට ලැජ්ජා නැහැනේ. රට ගිහිල්ලත් මේ හරක් ටික මහින්දට කඩේ යනවා (නදී)

:       0       0

චතුරි Tuesday, 07 July 2015 02:01 PM

මහින්ද සමග 20 යි (නදී)

:       0       0

ඉමල්ක Tuesday, 07 July 2015 02:03 PM

සු ගාල සෙනග ඉන්න මේ ලංකාව නෙමෙයිනේ. ඇයි සු ගාල සෙනග දකින්න මේ මාතර, නුගේගොඩ රැස්වීම් නෙමෙයිනේ (නදී)

:       0       0

ඉමාක් Tuesday, 07 July 2015 02:02 PM

සූ ගාලා සෙනඟ ඉන්න මේ ලංකාවේ නෙමෙයිනේ! (නි)

:       0       0

මහේෂි Tuesday, 07 July 2015 02:37 PM

අපේ රටේ නැති යුද්ධයක් මවලා පෙන්වන්න හදනවාට නම් අපි කැමති නැහැ. යුද්ධයක් අවසන්වුණ රටක රණවිරුවෝ මුවාවෙන් කවුරුහරි ගොඩඑන්න හදනවා නම් ඒක වැරදියි (නි)

:       0       0

මැණික් Tuesday, 07 July 2015 03:18 PM

මහින්දට ජයවේවා! (නි)

:       0       0

අබේරත්න-ටෝකියෝ Tuesday, 07 July 2015 03:38 PM

ජය වේවා! (නි)

:       0       0

ජයම්පති Tuesday, 07 July 2015 04:23 PM

මොන බොරුද , කෝ රණ විරුවෝ .(ස)

:       0       0

විද්‍යා Tuesday, 07 July 2015 04:48 PM

කෝ ඩෙන්සිල් කොබ්බැකඩුව, වැනි අයගේ පින්තුරයක් වත් නැහැනේ. හාමුදුරුවනේ මවැනි පින්කම් කරනකොට බුද්ධිමත්ව හිත බලන්න. සුද්දගේ රටේ ඉන්නකොට සුද්දෝවගේ කල්පනා කරන්න. (ස)

:       0       0

කමල් Tuesday, 07 July 2015 04:52 PM

මේ ගොල්ලෝ ලන්ඩන් ගිහිල්ල තියෙන්නේ මහින්දෙගේ පිහිටනේ නේ ?? මේගොල්ලන්ට නැගිටින්නට කොහොමත් මහින්ද ඕන ?? ලාංකීය පොදු ජනතාවට මහින්ද අවශ්‍ය නැත. (ස)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Tuesday, 07 July 2015 05:28 PM

නැහැ කමල් මේ අය බොහෝ දෙනා එංගලන්තෙට ආවේ ජවිපෙ ලේබල් එක අලවා ගෙන 89, 90, 91 වක වානුවේ. හරිනම් පහන් තියන්න ඕනි රෝහණ විජේවීර සහෝදරයාගේ පින්තුරේට. දැන් ඉතින් ඒ අය ලොකු අය කියලයි හිතා ඉන්නේ. (නදී)

:       0       0

නිමලරාජ් Wednesday, 08 July 2015 06:33 AM

මේ අයට ඕන ලංකාවේ නොදියුණු ගෝත්‍රික සමාජයක් හැමදාම තියෙන්න. එතකොටනේ තමන්ට "දියුණු රටක ඉන්නේ" කියල යාළුවන්ට නෑදෑයින්ට පෙන්නන්න පුළුවන්. (නදී)

:       0       0

ජයම්පති -ලංඩන් Tuesday, 07 July 2015 07:28 PM

කතරගම දෙවියන් ජීවමානව එනවා කියල පන්දම් අල්ලාගෙන පාරදිගේ එලි වෙනකල් සිටගෙන හිටපු මිනිස්සු ඉන්න රටක මිනිස්සුන්ට මේවා මහා වැඩ නොවේ. මේවට මට නම් දෙකොනනින්ම හිනා යනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site