ඇමරිකා එක්සත් ජනපදයේ අභ්‍යන්තර ආදායම් සේවා ආයතනය සහ ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර අන්තර්-රාජ්‍ය ගිවිසුමකට එළඹීමට ශ්‍රී ලංකා රජය සැරසෙයි.
ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර අන්‍යොන්‍ය පදනමින් බදු තොරතුරු හුවමාරු කරගැනීමේ ඇමුණෙන් මෙම පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කැරුණු යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ආර්ථිකය නංවන්නට බලයට ඇවිත් වසරක් පමණ වෙලත් කිසි වැදගත් වැඩපිළිවෙලක් ඉදිරිපත් නොකළ මේ රජය රටේ මිනිසුන්ගේ මුදල් ඇමෙරිකානු ආණ්ඩුවට ඇදගැනීමට සලස්වන්නට ඉතාම හදිසි වෙලා. සේනානායකලගේ කාලේ සුද්දාගෙන් ගලවා ගත්ත වික්‍රමසිංහල අායෙත් රට සුද්දට දෙන්න යනවා. රටේ ද්විත්ව පුරවැසිකම ගත්තු සැමකෙනෙක්ම මේ අනුව ලංකාවේ තිබෙන දේපොළ ව්‍යාපාර අදායම් ආදී සියල්ලන්ගෙන් ලබාගන්න මුදලින් ඇමෙරිකානු ආණ්ඩුවට බදු ගෙවිය යුතුයි. (බ)
ශ්‍රී ලංකාවට මීට වඩා බදු ක්‍රමයක් අවශ්‍යයි. ඒ සඳහා අමරිකාව හෝ ඕස්ට්‍රේලියාවේ බදු ක්‍රමයන් ගැන තොරතුරු ලබාගැනීම තුලින් ආදායම් බදුගෙවීම් පැහැර හරින්නන්ගෙන් ක්‍රමවත් ලෙස බදු අයකර එය රටේ සංවර්ධනයට යොදාගත යුතුයි (බ)
ගොඩක් සතුටුයි. ලංකාවේ ප්‍රශ්න ඔක්කොම විසදෙන්නයි යන්නේ...(බ)
ඔය හදන්නේ ඇමරිකාවේ ඉන්න ලාංකිකයන්ට වැඩක් දෙන්න.නැත්තම් පිස්සුවටද මෙවැනි දුප්පත් රටක බදු තොරතුරු හොයන්නේ? (බ)
සේරම වැඩ පැත්තකට දාල කරන්න ඕනි දෙය තමා මේ. ලංකාවට තියෙන දැවෙන ප්‍රශ්නය අපේ බදු තොරතුරු ඇමරිකාවට නොදුන්න එක තමා. (බ)
දියුණු රටවල් අතර මෙහෙම ගිවිසුම් තියෙනවා. අපි ඒ තත්වයට එන්න බොහොම දුරයි. අමෙරිකාවෙන් ඇවිත් රට හදන, පොඩ්ඩක් වැරදුනාම පනින අයටනම් රිදෙන්න පුළුවන්. (බ)