මහින්ද රාජපක්ෂ හිටපු ජනපති තමාගේ සම්බන්ධයක් නැතැයි නිවේදනයෙක් එවමින් පැවසූ ඩුබායි මැරියට් හෝටලයේ ඇමෙරිකා ඩොලර් 550 (රුපියල් 72649.50) සිට කාමර පහසුකම් ඇත. රට රටවල ජනපතිවරුන් ඇතුළු ප්‍රභූන්ට සිටිය හැකි විශේෂ කාමරයක උපරිම මිල ඇමෙරිකා ඩොලර් 5500 (රුපියල් 726495.00) කි.
මෙම හෝටලය ගිය වසරේ සැප්තැම්බර 15 වැනි දා විවෘත කළ බවත්, කාමර 351ක් හා අනු නිවාස මැදිරි 128ක් ඇති බවත් නන්දන ලොකුවිතාන එහි හිමිකරු බවත්, ඔහු ආයෝජනය කළ මුදල ඇමෙරිකා ඩොලර් කෝටි 22.5ක් (රුපියල් කෝටි 2972.03) බවත් ඩේලි නිව්ස් පුවත්පත 2014 අගෝස්තුවේ දී වාර්තා කළේය.
කැබිතිගොල්ලෑව මැදවච්චියේ ඉපදුණු ලොකුවිතාන 1989 දී ඇඟළුම්කම්හලක සේවයට ඩුබායි ගිය බවත් මැරියට් සමාගමට බැඳුණු බවත් පුවත්පත කියයි.
ලෝකුවිතාන ශ්‍රී ලංකා වානේ සංස්ථාවේ හිමිකරු බව ද කියයි.
ලොකුවිතානගේ පියා විදුහල්පතිවරයෙකි. තම නිවසේ වහලේ පීල්ල කිතුල් කොටයක් දෙකට පලා සාදාගත් බවත් ඔහු කියයි. හේන් වැඩ කළ මව හේන කොටා මිරිස් ඇට ඉසීමෙන් පසු වන සතුන් එළවීමට ගිනිගොඩවල් ගසාගෙන සිටි බව ද ඔහු පවසයි. පිහිඹියගොල්ලෑව පාසලෙන් පහේ ශිෂ්‍යත්වය සමත්වීමෙන් පසුව හොරණට අවුත් ජනාධිපති විද්‍යාලයයේ නම වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබූ බවත්, පසුව අනුරාධපුර නිවත්තකචේතිය විදුහලෙන් සාමාන්‍ය පෙළද, අනුරාධපුර මැදි විදුහලෙන් උසස් පෙළද සමත් වූ බව ද ඔහු කියයි.
තමා ඉන්ජිනේරුවකු කිරීම මව්පියන්ගේ අදහස වුවත් ඔවුන්ගේ අකමැත්තපිටම 1989 දී ඩුබායි රැකියාවට ආ බව ද ඔහු කියයි.
1989 දී ඇමෙරිකා ඩොලර් 225ක වැටුපකට ආ තමා ඉන් වසර 25කට පසුව ඇමෙරිකා ඩොලර් කෝටි 22.5ක් ආයෝජනය කර ශ්‍රී ලංකා ධජයද ලෙලදෙන මැරියට් හෝටලය ඉදි කළ බවත්, මාස හතරකට වරක් මව්පියන් ඩුබායි කැඳවන නමුත් ඔවුන් දින කිහිපයකට වඩා එහි රැඳී සිටීමට අකමැති බවත් ඔහු සඳහන් කරයි.





























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 25කින් ඔය කියන වත්කම උපයන්න මොනවද කළේ..ඒකත් පොඩ්ඩක් පැහැදිලි කළානම්..ස්විප් එකක්වත් ඇදුනද.?අපි ඔය තරම් දක්ෂයො නොවෙන්න පුළුවන්..ඒත් අපි හරක් නෙමේ. කල් යයි..ඒත් සත්‍ය එළිවෙයි..අපි බලන් ඉමු..(බ)
ලොකුවිතාන මුලින්ම ෆැක්ටරිවල වැඩකළා. පස්සේ මැනේජර වුණා. තමන්ගෙම ගාමන්ට් එකක් දාලා දියුණු වුණා. මේ වෙනකොට ඩුබායිවල ෆැක්ටරි 7 ක් තියෙනවා. හෝටලයක් තියෙනවා. (බ)
අපේ මිනිස්සු හරි දක්ෂයි අනුන් හොයපු විදිය ගැන කතා හදන්න. බොහෝ පොහොසත්තු මුලින් දුප්පත්. මේක ඒ මනුස්සයාගේ ජීවිත කතාව නෙවේ. කොහොම හරි ඒ මනුස්සය දියුණු වෙලා මෙහෙම තැනක අපේ රට තියල තියන එ්ක ගැන සතුටු වෙන්න. (බ)
ඔහු බැංකුවට ණය කාරයෙක් බව ඔබ නොදන්නවට ඩුබායි වල සිටින සියල්ලෝ දනිති.......ඔහු ඔහුගේ මුදල් සමග බැංකු ණය මතයි ගොඩ නැගුවේ.....ආඩම්බරයි ලාංකිකයකු විදිහට......(බ)
ඇයි අපි මේ මනුස්සයා ගැන සැක පහල කරන්නේ. හරි මෙසේ අපි ඔහු මුදල් හම්බු කල විදිය හෙළි කළා කියල අපට වන සෙත මොකක්ද? අවශ්‍ය වන්නේ ඔහු මුදල් හම්බ කල විධිය නොව ඔහුගේ චරිතාපධානය කෙසේවීද යන්න තේරුම් ගෙන ඔහු මෙන් දියුණු වීමට උත්සහ ගැනීමයි. නැතිව ඔහුට අවලාද නැගීම නොවේ. කෙනෙකුට කියන්න පුළුවන් චරිතාපධානය කියවනවිට ඔහු මුදල් සේවුහැටි ලැබෙනවා කියා. එය වැරදියි. මම යෝජනා කරනවා කෙනෙකුට දියුණු වීමට අවශ්‍යනම් පළමුව කියවිය යුත්තේ දියුණුවූ පුද්ගලයෙකුගේ චරිතාපදානයක් කියා. උදාහරණයක් හැටියට අයිකෙයා අයිතිකරු ගැන එහෙම නැතිනම් බිල්ගේට්ස් ගැන නොඑසේ නම් අසල්වැසි රටේ ඉන්න මිතාල් මහතා එසේ නැතිව දියුණුවූ පුද්ගලෙකු ගැන ද්වේශයෙන් නොබලා හැකි නම් ඔහුට ආශිර්වාද කරන්න මොකද අප වැනි දුප්පතුන් ඉන්න රටක ඔහු වැන්නෙකු විදෙස් රටක් අපේ ජාතික කොඩිය ඔසවා තැබීම ඔහු අපට කළ ගෞරවයක් නිසා කියා මම විශ්වාස කරනවා. (බ)
ඇයි දෙවියනේ අපේ මිනිසුන්ට පොඩ්ඩක් හරි ව්‍යාපාරික දැනුමක් නැත්තේ? කවුද කියන්නේ ලොකුවිතානගේ මහත්තයා ආයෝජනය කරපු මේ සියලු මුදල් ඒ මහත්මයා වැටුපෙන් ඉතිරි කරපුව කියල. ව්‍යාපාරයකට ආයෝජනය කරන්න ප්‍රාග්ධනය සපයාගන්න මොනතරම් ක්‍රම අද තියෙනවද? අවශ්‍යය වෙන්නේ විශ්වාසය ගොඩනැගීමේ හැකියාවයි, දැඩි කැප කිරීමයි වාසනාවයි විතරයි. (බ)
මට මගේ නොවන මගේම හෝටලයක් තිබුණා.. (කේ)
ඔහු නොයෙක් ව්‍යාපාර කළා. නයට මුදල් බැංකුවෙන් ගත්තා. ව්‍යාපාර කියන්නේ එහෙමයි. කොළඹ වරාය නගරයේත් ඔයවගේ යෝජනා කරන්න පුළුන්. සල්ලි තියන ලංකාවේ අය ගොඩක් දැන් පිටරවල ඉන්නවා (නදී)
මේ ආයෝජනය ලංකාවේ කළා නම් කි දෙනෙක්ට රැකියා අවස්ථා සහ ලංකාවට ආදායමක් ලබා ගන්න තිබුන නේද ..?(හේ)
මෙතැන බොහෝ අය , ලොකුවිතාන මහතාගේ දේපල උපයාගැනීම ගැන ගණන් බැලීමක් සිදුකර ඇත. මාසික වැටුප වැඩකළ කාලය ආදී දත්ත උපයෝගී කරගනිමින් ව්‍යවසායකයා හා සේවකයා යනු දෙදෙනෙකු බව තේරුම් ගන්න. ඔබලා බහුතරයක් සේවකයින් යැයි මම අනුමාන කරමි. රටම දන්නා ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලා දෙකක් හිමි මා මිට වසර 4 කට පෙර රුපියල් 5000 පමණ බැංකු පොතේ තිබු රැකියා විරහිත සරණාගතයෙක්. අද මාගේ වත්කම රුපියල් කෝටි 500 පමණ වන අතර, රුපියල් මිලියන 400 වැයවන නව කර්මාන්තයක් ඉදිවෙමින් පවතී. අද ජීවත්වීම සඳහා මාගේ පසුම්බියේ ඇත්තේ රුපියල් 1500 පමණි. ව්‍යවසායකයා යනු කවරෙක් දැයි තේරුම් ගන්න. මම ලොකුවිතාන දැක නොමැත. නමුත් ඔහුගේ කථාව මට අරුමයක් නොවේ. මෙය පළකිරීම , සියලුදෙනාගේම දියුණුව සඳහා වැදගත් වේ යැයි සිතමි. (නදී)
මම පාසල් යන චූටි දුවක්. මමත් ඉන්නෙ රජරට දුෂ්කර ගමක. අපිත් දුප්පත්. මේ මාම මෙච්චර විශාල හෝටලයක් පිටරටක හදන්න සල්ලි හොයාගත්තෙ සාධාරණ විදියකටනම් මම ඇත්තටම ඒ මාමාට සුබ පතනවා. එහෙම නම් ඔහු මගේ රටට ආඩම්බරයක්. ගෞරවයක්. අනේ මටත් දවසක ඒ හෝටලය බලන්න යන්න ඇත්නම්. (නදී)
ලස්සන චිත්‍රපටියක්, හා හා පුෂ්ප තමයි රටේ තවත් මෝඩයෝ මේවා පිලි ගන්නවනේ.(නදී)
ආඩම්බරයි අපිට සතේ නැති උනාට අපේ මිනිහෙක්නේ (නදී)
ඔය හෝටලයටත් එක්ක චීනෙට අපි ණය ගෙවන්න ඕනෑනේ (නි)
තවත් එස් පී ලියනගේ කෙනෙක්. (හේ)
දිලි ගේ අදහසට ගරු කරනවා..(හේ)
අවුරුදු 25 ට ඇමෙරිකන් ඩොලර් 67,500 හම්බවෙලා කොහොමද කොටි 22.5 ආයෝජනය කෙරුවේ අපිටත් කියන්න එම සාස්තරේ .(හේ)
මේ හෝටලයේ රැකියාවකට යන්න උත්සහ කරලා බලනවා (බ)
දිලි ඔබ කවුද ?(බ)
අනිත් අයට ඉරිසියා නොකර උත්සාහයෙන් සල්ලි හොයන්න. තමන්ට බෑ කියල ලොකුවිතානට බෑ කියල කියන එක ගොන් කමකි. (නදී)
අපේ රටේ මහජන මුදල් හොරා කාලා පිටරටවල බිලියන ගණන්වලින් මහා පරිමාන ව්‍යාපාරවලට ආයෝජනය කර කෝටි ගණනින් ලාභ ලබමින් තවදුරටත් ජනතාව මුලාකරමින් උජාරුවෙන් ජීවත්වෙනවා. අපේ රට කවදා ගොඩගන්න පුළුවන් වෙයිද ? (නදී)
අදහස් දාන සමහර කුහකයෝ හිතන්නේ තමන් හිඟන්නෙක් නිසා ලෝකයේ හැම කෙනාම හිඟන්නු වියයුතුයි කියලා. (නි)
අපේ හේන් ගොවියගේ වැඩ කිඩ බලන්න. සතුටුවන්න මහින්දලට පුළුවන්ද මෙහෙම වැඩකරන්න (බ)
මමත් ඩුබායී ඉන්නේ. 2006 ඉඳන් තවම ලක්ෂ 100ක් ඉතුරු කරගන්න බැරී වුනා. 1989 ඉඳන් 2015 වෙනකල් මාසෙකට රුපියල් ලක්ෂ 5 ගණනේ පඩි හම්බෙලා ඔක්කොම ඉතුරු කළත් රුපියල් කෝටි 15යි. මේ කියන විදියට කෝටි 114ක් අවරුද්දකට ඉතුරු කරන්න ඕනේ. අනේ මන්ද? (බ)
අනේ කොළොඹ හොටලයක ගණන රු 50,000 කට වැඩියි. මේවා මඩ (කේ)
ඔබ අපිට ආඩම්බරයක්. පරණ වෙරදී තිබුනොත් ඒවා හදාගෙන යන්න ඉදිරියට. (කේ)
මහින්ද රාජපක්ෂ මහතාට සම්බන්දයක් නෙති උනත් , මෙවැනි කෙනෙකු මෙපමණ මුදලක් ආයෝජනය කරන්නට මුදල් ලබා ගත් හෝ ඉපයූ අයුරු , පැහැදිලි කරනම් කාහටත් සැකයක් උපදින්නේ නෑ (කේ)
ව්‍යාපාරිකයෙක් මුදල් අතේ තියාගෙන ව්‍යාපාර කරන්නේ නැත. (ම)
කවුරු හරි කෙනෙක් යටතේ වැඩ කරමින් ඉන්නා තමන්ගේ ශක්තියෙන් ව්‍යාපායක් ආරම්භ කිරීමට ආත්ම ශක්තියක් නැති හැම දෙනාටම ව්‍යාපාරිකයන්ගේ දියුනුව අරුමයකි. ඔබට ජය ! (නදී)
මේ මිලිඔන 22.5 ඔහුගේම සල්ලි නොවේ. බැංකුවලින් ගත්තු නය. හුඟක් ව්‍යාපාරිකයෝ ඒක කියන්නේ නැහැ (නදී)
විවේචන කෙසේ වෙතත්, මෙය සත්‍යක් නම්, ඔහු අපේ රටට ඇත්තෙන්ම ආඩම්බරයක්. මහන්සියෙන් දියුණු උන පුත්ගලයෙක්. (කේ)
මෙතුමා මෙම හෝටලය ආරම්බකල අවස්ථාවේ මෙතුමාගේ ජිවිත කතාව මම පුවත් පතක බැලුව.. එවෙලාවේ මට හැගුන මෙතුමාගේ කෙටිකාලින දියුණුව පුටුපස නොකියන කතාවක් තියනවා කියල... මොකද ප්‍රයෝගිකව බැලුවොත් එතුමා කරපු රැකියා සහ එතුමාගේ පවුල් පසුබිම බලුවම ඉතාම කෙටි කාලයකින් මෙවැනි මුදක ලබාගන්න අපහසුයි... .(කේ)
මිනිසුන් උත්සාහයෙන් දියුනු උනාම වැරදියට බලන්න එපා. මොකද අපිත් සමග රට හිටිය කෙනෙක් අපි යනකාලේ හිටිය විදිහයි අද ඉන්න විදිහයි දැක්කම නොදන්නා මෝඩයෝ ඔය වගේ බොරු වැරදි කියයි. සිංහල ලාංකිකයෙක් දියුණුවෙලා ඉන්න එක ගැන සතුටු වියයුතුයි. මම කියපු කෙනත් අද ලාංකිකයෝ කී දෙනෙකුට රැකියා දිලා තියෙනවද. ඒ වගේ මේ හෝටලයෙන් රැකියා කොපමණ ප්‍රමාණයක් ලැබිල ඇතිද ? (නදී)
ඒ කියන්නේ ලොකු විතාන බිල් ගේට්ස් ටත් වඩා වැඩ කාරයෙක්. (කේ)
ව්‍යවසායකයකුට ඒක කරන්න පුලුවන් නමුත් ඩොලර් 225 ට ජොබ් එකට ගිහින් මෙහේම කලා කීවම.... (ර)
ඔබ සබැ වීරයෙකි. ලාංකිකයකු වන මගේ ආචාරය. සිංහ කොඩියට මගේ ආචාරය. (බ)
හොද වෙලාවට ලොකුවිතාන මහත්තයා මේ හෝටලය ලංකාවේ ඉදිකලේ නැත්තේ. (ර)
ඔය ගනදෙනු හරියට සොයන්න කාලයක් යනවා. (ර)
අනේ මම කොන්ඩේ බැඳපු චීනෙක්ද කියලත් හිතෙනවා.(කේ)
අපේ .රටේ මුදල් අනේ මන්ද .?? (කේ)
අවුරුදු 25 කියන්නෙ මාස 300ක් කෝටි 22.5 මාස 300 කදි හම්බුකරන්න නම් මාසෙකට ඩොලර් 750,000 ක් වත් ලැබෙන්න එපැයි... (කේ)
අපේ රටේ අයෙක් මෙවැනි දෙයක් කිරීඹ අපිට ආඩම්බරයක්(නදී)
අපි නොදන්නා ලොකුවිතාන (කේ)
රුපියල් 10 ක් අරගෙන කොළඹ ආව නවලෝක මුදලාලි දැන් ඉන්න තත්වයට දියුණු උනානම් නන්දන ලොකුවිතානට මැදවච්චියේ ඉඳල රට ගිහින් දියුණු වෙන්න බැරිද? අනිත් එක මිනිස්සු දියුණුව මනින්න ඕන ඉපදුනු තැනින්වත් නමෙන්වත් නෙමෙයි එ්ක ඒ මනුස්සයාගේ උත්සාහය සහ සැලසුම (නදී)
ලාංකිකයන් විදියට අපි ගොඩක් ආඩම්බර වෙන්න ඕන ලංකාවේ කෙනෙක්ගේ හෝටලයක් ඩුබායි වල තියෙන එක (කේ)
අපේ ජාතිය තරම් කුහක ජාතියක් තවත් නැහැ. ඉරිසියාවයි මඩ ගැහීමයි ජාතික පුරුද්දක්. රස්සාවල් වලම එල්ලිලා ජීවිත කාලේම රජයෙන් සහන බලා ඉන්නවා මිසක් තම උත්සාහයෙන් දියුණු වෙන්න කැමති නැහැ. වසර විස්සකට පෙර රු,15000 කින් සුළුවට ව්‍යාපාරයක් පටන් ගත්තා. මම අද සේවකයෝ රැසකට රැකියා දීල රජයට ලක්ෂ ගාණක බදු ගෙවනවා, වංචා දූෂණ කරලා නෙවේ උත්සාහයෙන් වැඩ කරලා. නවලෝක,දාස,සොෆ්ට්ලොජික් මේ රටේ උත්සාහයෙන් දියුණු උන අය බොහෝයි. බොහෝ සිංහලුන් කැමති විවේචනය හා හෙලා දැකීමට විතරයි (නදී)
මේක බොරු නේමේ , උත්සාහයේ ප්‍රතිපල (කේ)
අප්සරා ගොන් කතා කියන්න එපා. මිනිස්සු ව්‍යාපාර කරන්නේ අතේ තියන සල්ලි වලින් විතරද? එහෙමනම් ඉතින් ලෝකේ තියන ව්‍යාපාර වලින් 75% විතර තියෙන්න විදිහක් නෑ. දේශපාලනේ නිසා මෝඩයෙක් වෙන්න එපා. (නදී)
අපිත් ඉන්නේ ඩුබායි තමයි මේවා හොඳයි කොන්ඩේ බැඳපු චීන්නුන්ට (බ)
මේක මැජික් එකක් වගෙයි. අවුරුදු ගණනක් ඇතුළත මෙපමණ මුදලක් හම්බකළේ කොහොමද? (නි)
හරිම සරලයි. ලොකුවිතානගේ වත්කම සොයන්න (නි)
නියමයි (කේ)
මහින්ද මේවා කොන්දේ බෙදපු චීන්නුන්ට කියන කතා. (කේ)
ඇත්තටම ආඩම්බරයි. අපේ රටේ කෙනෙක් හින්දා.(කේ)
ඔය තරම් සල්ලි කොහොම හම්බ කෙරුවද හෝටලේක වෙඩ කරලා !(කේ)
දෙන දෙයියෝ ගෙට ගෙනැවිත් දෙනවා (බ)
මෙයා බිල්ගේට්ස් වගේද ,නැත්නම් අනුන් වෙනුවෙන් බිල්ලට යන්න හදන ඉත්තෙක්ද (කේ)
දුක් මහන්සිවෙලා හම්බ කරන්න ඇති පව් මොනවත් කියන්න එපා (කේ)
මෙහි නම් යම් රහසක් තිබෙනබව හැගේ. (ර)
ඩොලර් 250 නෙවෙයි 1000 ක් මාසෙකට ගත්තත් අවුරුදු 25 ට ලැබෙන්නෙ ඩොලර් ලක්ෂ 3යි නේද? (කේ)
මංගල ඇමති තුමාගේ තවත් මෙගා ටෙලියක කොටසක්ද (බ)
ඇත්තටම ආඩම්බරයක් හිතට දැනෙනවා........ (කේ)
කලබල වෙන්න එපා, මේක හැදුවේ ශ්‍රී ලංකාවේ හේන විකුණලා ගත්ත සල්ලි වලින්.(කේ)
එතුමා අපේ රටේ ජනතාවගේ මුදල් අයතා ලෙස ලබාගෙන තියෙනවද කියලා සැකයක් තියෙන්න හේතුව ඒ කතාවේ "මැද" නැති නිසා. අසාධාරණව උනත් කමක් නෑ අපේ මිනිස්සුන්ගේ සල්ලි ගන්නේ නැතුවනම් අපි සුභ පතනවා.(බ)
නන්දන ලොකුවිතාන 1989 ගාමන්ට් ෆැක්ටරි සේවකයෙක් විදියට ඩුබායි යන්නේ. පස්සෙ ෆැක්ටරි මැනේජර් කෙනෙක් වෙනවා. පස්සේ පොඩිවට ගාමන්ට් ෆැක්ටරියක් දානවා. මේ වෙනකොට ඩුබායි වල ෆැක්ටරි 7 ක් තියනවා. හෝටලයක් තියෙනවා. (බ)
ඇත්තටම ආඩම්බරයි. එත් ප්‍රයෝගික කතාවක්ද කියල හිතනකොට නිකන් ඔල්මොරොන්දම් වගේ මට නම් සමහර තැන අපැහැදිලි සහ තේරුම් ගත නොහැකියි (බ)
ලාංකිකයන් විදියට අපි ගොඩක් ආඩම්බර වෙන්න ඕන අපේ සල්ලි වලින් හෝටලයක් ඩුබායි වල තියෙන එක ගැන (නදී)
ලොකුවිතාන උත්සහවන්ත නිසා දියුණු උනා. ලාංකිකයෝ විදියට සතුටු විය යුතුය. (නදී)
මේකේ දාල තියන කොමෙන්ට් දිහා බලපුහම මට මගේ ජාතිය ගැන ඇති උනේ ඉතාම පිළිකුලක්. තමන්ගේ ජාතියේ මනුස්සයෙක් විදේශයක මේ වගේ ආයෝජනයක් කරපුහම අපේම රටේ ඉන්න අනිත් ජාතින් නම් මොන තරම් සන්තෝස වෙනවද? අද ලංකාවේ ධනවතුන්ගේ දෙවන ස්ථානයේ වැජබෙන හැරී ජයවර්ධන මහත්තයත් මුලින්ම වැඩකලේ ස්ටේෂන් එකේ ලිපිකරුවෙක් විදියට බව කුලියට කොමෙන්ට් දාන අයට අමතකවෙලා. කතාවක් තියනවනේ, කැද බොන සිංහලය බත් කන සිංහලයට ඉරිසියයි කියලා. මම හිතන්නේ උඩ දාල තියන කොමෙන්ට් ටික කියෙව්වහම එ්කට වෙන උදාහරණ ඕන නැහැ. (නදී)
මේ අයට අමතක වුන දෙයක් මතක් කර දිය යුතුයි. ආයෝජකයින් මුදල් සොයන්නේ බැංකු ණය, කොටස් අලෙවිය ආදී දේවලින් මිස ජීවිත කාලය පුරා හරිහම්බ කරන දේවල් වලින් නොවේ. ඒ නිසා මෙම තැනැත්තගේ ණය ප්‍රමාණය සමාගමේ කොටස් අයිතිකරුවන් ගේ ආයෝජන ආදිය විමසා බලන්න. (හේ)
මේ කතාව මෙතැනින් නවතින්නේ නැහැ. (කේ)
කොතරම් පින් කරපු කෙනෙක්ද මේ නන්දන ලොකුවිතාන මහත්තයා. එයා කරපු පින් මෙලොව දීම පඩිසන් දී, මෙවැනි ධන සම්පතකට හිමිකරුවීමට අවස්ථාව ලැබීම ගැන අප සතුටු විය යුතු වෙනවා. එතුමාගේ වැටුප ගැන සමහර අය කතාබස් කරන්නේ, මෙවැනි ලෝකප්‍රකට හෝටලයක් ඔහු ලබා ගත් පොඩි වැටුපෙන් ගොඩනැගුවේ කොහොමද කියන එක සැකයකට මතු කරමින් නොවේද? මැද පෙරදිග රටවල ඩොලර් කෝටි ගණන් හිමිකර ගැනීමට පුළුවන් අතිවිශාල ස්වීප් තිබෙන බව අමතක කරන්නත් එපා. මෙතුමා එවැනි අතිවිශාල දිනුමක හිමිකරු වෙන්න බැරිද? එහෙමත් නැත්නම්, ශ්‍රිලංකාවේ අති ධනවත් නෑ හිතමිතුරන්ගේ ආධාර, පරිත්‍යාග වලින් සමහර විට මේ කටයුත්ත සිදුකරන්න ඇති.(හේ)
ඔය කතාව ඇත්තද? (ර)
මේ පිලිබඳ විවෘර්ත කතිකාවක් කොලොත් මම එයට පිළිතුරු දෙන්න ලැහැස්ති. මමත් වසර තිහක් මැද පෙරදිග. (ර)
මෙතන සැගවුණු සහ නොකියන කතාවක් තිබෙනවා, මෙපමණ මුදලක් ඉපයූ ක්‍රමය , මොකද ඔහු ලංකාවේ මේ මුදල් ආයෝජනය නොකළේ.? (ර)
මෙවෙනි කතා අහන අපිටයි ගහන්න ඕන .(හේ)