IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලංකාවට සහය වෙන්න ලෑස්තියි

 

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ක්ෂණික හා දිගුකාලීන සහය දැක්වීමට සූදානම් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් එවමින් සඳහන් කරයි.

ජනාධිපතිවරයා  වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් මහ ලේකම්වරයා පවසා ඇත්තේ රට මුහුණ දී සිටින වත්මන් අභියෝග ජයගැනීමට හිතකර පරිසරයක් හා ස්ථාවරත්වයක් ගොඩනැගීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තීරණාත්මක වනු ඇති බවයි.

 අභියෝගවලට මුහුණ දීම සඳහා ජාතික උපායමාර්ගයක් සකස් කිරීමේදී සියලු දේශපාලන පක්ෂ අතර සම්මුතියක් ඇති කර ගැනීමට ජනාධිපතිවරයා  දක්වන කැපවීම එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයා  පිළිගෙන ඇති අතර එසේ කිරීමේදී, මහජනතාව සමඟ අදහස් විමසීම මෙන්ම නීතියේ ආධිපත්‍යය සහ මූලික මානව හිමිකම් මූලධර්මවලට ගරු කිරීම ඇතුළු සියලුම පාර්ශවකරුවන් අතර සංවාදය දිරිමත් කිරීමේ වැදගත්කම ද පෙන්වා දී ඇත.



අදහස් (2)

ලංකාවට සහය වෙන්න ලෑස්තියි

AB Saturday, 06 August 2022 07:50 PM

එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර සහයෝගය ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ක්ෂණික හා දිගුකාලීන සහාය දැක්වීමට සූදානම්ව තිබියදීත් පාර්ලිමේන්තුවේ සිටින්නා වූ දේශපාලන කණ්ඩායම් මේ වනතෙක් රට වෙනුවෙන් කිසිදු එකඟතාවයකට නොපැමිණීම කණගාටුවට කරුණකි. මෙවැනි අර්බුද අවස්ථාවක රට වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සිටිනා දේශපාලන කණඩායම් සහ නායකයන් පක්ෂ, පාට බේද, වරප්‍රසාද අමතක කර එකඟ තත්වයකට නොපැමිණියහොත් ඉදිරි මැතිවරණයට පෙර රටේ ජනතාව පාර්ලිමේන්තුව ඉදිරිපිට 225 ගෝ හෝම් ගම බිහිකරනු ඇත.

:       0       0

Chandima Sunday, 07 August 2022 03:42 AM

ඔය කවුරු සහාය දුන්නත් රටේ ජනතාවගේ සහාය නැති එකනේ ප්‍රශ්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site