
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු නව මූල්‍ය පහසුකම් ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව ලෝක බැංකුව ඊයේ (28) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ඒ සඳහා ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.එසේම ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට මුල් වූ ව්‍යූහාත්මක හේතූන් ආමන්ත්‍රණය කිරීමද සිදු විය යුතු බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳව සහ ඉන් ශ්‍රී ලාංකික ජනතාවට එල්ල වන බලපෑම පිළිබඳ දැඩි කණස්සල්ලට පත් ව ඇති බව ලෝක බැංකුව ප්‍රකාශ කළේය.
දුප්පත් සහ අවදානමට ලක් වූ පවුල් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන උග්‍ර අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය මඟ හරවා ගැනීමට ඖෂධ,ගෑස්,පොහොර,පාසල් ළමුන්ට ආහාර සහ දැඩි අවදානමට ලක් වූ පවුල් වලට මුදල් ආධාර ලබා දීම සඳහා ලෝක බැංකුව ශ්‍රී ලංකාවට දැනටමත් අනුමත කර ඇති මූල්‍ය ව්‍යාපෘති වල සම්පත් නැවත සකස් කරන බව ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ඊයේ(28) වන විට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 160 ක මුදලක් හදිසි අවශ්‍යතාවයන් වෙනුවෙන් නැවත සකස් කර නිදහස් කර ඇතැයි ලෝක බැංකුව පෙන්වා දුන්නේය.දුප්පත් සහ දැඩි අවදානමට ලක් වූ පවුල් වෙනුවෙන් අවශ්‍ය සහාය ලැබෙන බවට තහවුරු කිරීම සඳහා ආයතන,සංවිධාන සමඟ සමීපව කටයුතු කරමින් ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන ව්‍යපෘති නිරීක්ෂණය කරන බව ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ... දෙන්න එපා.. දේශපාලකයින් මකබෑවෙනකන්...
අනේ එහෙම කරන්නෙපා.. අපේ ජනපතිට ගොඩක් ජාත්‍යන්තර සබඳතා තියෙනවා. එයා ආර්ථීක ඔස්තාර් කෙනෙක්...!
තිරික්කලෙන් යන යුගයක ආරම්භය..! පෙළපාලි ගිය අයට රස්සාවලට පළමු තැන ලැබේ..!
ආතක්, පාතක් නැති අය ඉන්නකන් රටට හරි යයිද? තමන්ගේ අම්මා, තාත්තා... සහෝදර සහෝදරියන් සහ අහිංසක, දුප්පත් මිනිස්සු බව... තමන් ඉපදුණු මව්බිමට කෙළවන හැටි බලා සතුටුවෙන අය...
ඉතා කණගාටුවෙන් වුණත් කියන්න වෙන්නේ මෙයාලට බම්බු ගහන්න කියලා රුසියාවට හෝ චීනයට මේ රට ටික කලකට පාවා දීමයි. තම මවුබිම විනාශ කරන අපතයින්ට පාඩමක් උගන්වන්න.
පුළුවන් නම් මිනිස්සුන්ගේ අතටම දෙන්න. නැතිනම් ඔය කට්ටිය හොරා කනවා.
හදිසි නීතිය යටතේ ලෝක බැංකුව බිඳින්න පුළුවන් කෙනෙක් හොයාගන්න බැරිද?
ලංකාවේ තක්කඩි දේශපාලනය ගැන ලෝක බැංකුවත් මේ තරම් දැනුවත් කියලා නම් හිතන්නේ නැතිව ඇති. මෙහෙ මිනිස්සුන්ට දාන සෙල්ලම් ජාත්‍යන්තරයට හරි ගිහින් නෑ වගෙයි...
තියෙන සතුට. මේ කාලකණ්ණි ආණ්ඩුව යනතුරු කිසිම ණයක් දෙන්න එපා...
හොඳයි...!
කිසිම හේතුවක් නැතුව හදිසි නීතිය දාගෙන පාදඩ හොර, තක්කඩි, මිනීමරු දේශපාලුවන් ආරක්ෂා කරන්නටම හදපු සදාචාර විරෝධී ආණ්ඩුව බලයෙන් ඉවත් වී මහමැතිවරණයක් පවත්වා නව මහජන රජයක් පත්වෙනතුරු ලංකාවට කිසිම මුදල් ආධාරයක් කරන්න එපා. ඔබ දැනටමත් අරගෙන ඇති තීරණය අප ඉහළින්ම අගය කරනවා. මහජන අරගලයට ජයවේවා... !!!
ලෝක බැංකුව ණය නොදෙන්නේ මේ කමෙන්ට් කරන අය කියන හේතු හින්දා නෙමෙයි. මේ රටේ රාජ්‍ය ආයතන නඩත්තු කරන්න තවදුරටත් කවුරුත් ණය දෙන්නේ නැහැ. අපි ණය ගෙවාගන්න බැරි බංකොළොත් රටක් කරලා රාජපක්ෂලා. ගෙවල් 80ක් ගිනිතියපු මංකොල්ල කාපු මහපාරේ මිනීමරපු අය අල්ලන්නේ නැතුව මල් තියලා වඳින්නැයි.
එයාලා රනිල් රාජපක්ෂලාගේ හැටි දන්නේ නැතිවයි ඔය සෙල්ලම් දාන්නේ...!
රනිල් රාජපක්ෂ, රාජපක්ෂ නඩය සමග අපේ රට හිඟාකන්නවත් බැරි තත්වයකට පත්කරලා...
ඔන්න බලන්න ලෝක බැංකුව ඉතා පැහැදිලිව කියා තියන්නේ "ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට මුල් වූ ව්‍යූහාත්මක හේතූන් ආමන්ත්‍රණය කිරීමද සිදුවිය යුතු බව". ඒ කියන්නේ හොරකම් කළ ඩොලර් සහ මුදල් නැවත අයකළ යුතුයි සහ එම හොරුන්ට දඬුවමුත් දියයුතුයි. රනිල්ට මේ හොරුන්ට දඬුවම් දෙන්න පුළුවන්ද? සහ රනිල්ට එම හොරකම් කළ ඩොලර් නැවත ගන්න පුළුවන්ද? රනිල්ගෙන් ඕවා බලාපොරොත්තු වෙන්න බැහැ. රනිල්ව පත්කළේත් හොරුන් තමයි, ඒ වගේම රනිල්ගේ පැවැත්මත් තියන්නේ හොරුන්ගේ අතේ... හොරුන් නැත්නම් රනිල් අද බලයේත් නැහැ. ඒ නිසා දැන්වත් අවබෝළ කළයුතුයි.. රනිල් ජනාධිපති ධුරයේ හිටියට වැඩක් නැහැ කියලා...
දූෂිත බලලෝභී පවුල් පාලනේ අය, දූෂිත දේශපාලුවන් මහාපරිමාණ හොරකම්, වංචා, දූෂණ කරලා ජනතාව මහපාරට ඇදලාදාපු රටක් කියලා ලෝකෙම දන්නවා.. දැනටමත් දූෂිත දේශපාලුවන් ලංකාව ණය උගුලක හිර කරලා, නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරලා හමාරයි...
ඒකෙ තේරුම, ලංකාව තාම රජයේ ආයතන පුද්ගලීකරණයට එකඟ වී නැති බව! රජය ඒකට කැමති වුණත් මහජනතාව අකමැතියි! ප්‍රතිඵලය අපි බඩගින්නෙ මියයාම! රජයේ දෙපළ විකිණීම වැරැදියි යන්න සමාජගත කරලා විශාල කාලයක් වෙනවා. වමට බරපක්ෂ වැඩිපුරම...! ඒකෙ යටි අදහස ඡන්ද, ඡන්ද...! රජයේ රැකියා දීමට තියන ඉඩ ඇහිරෙන නිසා...!
සල්ලි දීලා මොකක්ද කරන්නේ කියලා පැහැදිලි වැඩපිළිවෙළක් නැතුව කවුද ණය දෙන්නේ?
හරිම කණගාටුයි ඔක්කොමලා කමෙන්ට් දාන්නෙ මේ ආණ්ඩුව නිසා එහෙම වෙනවා හිතලා. මෙම ආණ්ඩුව නොවෙයි මොන ආණ්ඩුව ආවත් ඔවුන් දෙන්නෙ නැහැ. මොකද ලංකාවේ ඉන්නේ රටට වඩා පක්ෂය ගැන බලාගෙන ඉන්න අය නිසා. රටේ ජනතාව හිතාගෙන ඉන්නේ වෙන ආණ්ඩුවක් ආවොත් ඔක්කොම හරි කියලා .කවදාවත්ම එහෙම වෙන්නෙ නැහැ .මේ අතර ලෝක බැංකුව කියනවා දුප්පත් හා අවධානම් පවුල් කියලා එහෙම පිරිසක් ඉන්නවා කියලා සිරස වගේ නාලිකාවල පෙන්වනවා නමුත් ඉන්ධන පෝලිම්වල සිටිමින් දිනපතා රුපියල් දසදහස් ගණනින් යතුරු පැදි හා ත්‍රීවීලර් කාරයින් ඉන්ධන ගන්නා ආකාරය අනුව කිසිවෙකුට අවදානම් බවක් ඇතැයි කියන්න බැහැ.. ඒ නිසා කිසිම ආධාරයක් නොදිය යුතුයි කියන පිරිස්ද ලංකාවේ සිටින බවද කිවයුතුයි. ආණ්ඩුව නිවැරැදි වීමට හිටපු නායකයින් ගත්තු ණය ගැනත් ගත්තේ මොන ජනාධිපතිද අගමැතිද?... සිදුකළ නිෂ්ප්‍රයෝජන කටයුතු ගැනත් ගෙවීමට ඉතිරි ණය ගැනත් ජනතාව වහාම දැනුවත් කළයුතුයි. එහෙම නොකරන තාක් මෙම ප්‍රශ්නය තව තවත් අවුල්වෙනවා.
හොඳටම හොඳයි... බලමු කාඩ්බෝඩ් වීරයින් මොකද කරන්නේ කියලා..?
දැන්වත් 225 ඔලුගෙඩි මත නැතිව ජනතා මතය ගැන හිතලා වැඩකරන්න. නැතිනම් රට අනතුරේ...
ලෝක බැංකුව ලංකාව ඇමෙරිකාව ලඟ දණනින් වැටෙන තුරු උදව් කරන්නේ නැත. අප අපගේ අඩුපාඩු සදාගෙන අලුත් ක්‍රමවේද වලින් විදේශ විනිමය උපයා ගමු. අපි තනිව නිගිටිමු.
ලංකාවේ දැන් ඉන්නෙ දේශපාලයෙන් දෙකට බෙදිලා රන්ඩු සරුවල් කරන අය. රට හැම අතින්ම පිරිහිලා. අප අපේ ක්‍රමයට කර්මාන්ත කර ජීවත් වෙමු. ලෝක බැංකුව යනු මහ උගුලක්.
අරගලය එපා කියපු අයට දැන් සැපද කියලා තමයි අහන්න තියෙන්නේ...?