
(අංජුල මහික වීරරත්න)
ද්වී පාර්ශ්වීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් බිලියන 17ක පමණ වාසියක් හිමිවන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ සබ්‍රි මහතා සඳහන් කළේය.
එසේම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සම්බන්ධයෙන් වන සාකච්ඡා සාර්ථක කරගැනීමට ද මෙම තත්ත්වය ඉවහල් වන බව අමාත්‍යවරයා පැවසීය.
අලි සබ්‍රි මහතා මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
" සම්පූර්ණ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සපයා දී ඇති යම් කාල පරාසයක් තුළ බව පැවසිය යුතුයි. සමස්ත ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනයෙන් 95%ක් දක්වා අඩු කරගත යුතුව තිබෙනවා. එසේම දැනට විදේශ ණය සඳහා ගෙවන පොලිය දළ ජාතික නිෂ්පාදනයෙන් 4.5%ක් දක්වා අඩු කර ගත යුතුයි" යනුවෙන් ද විදේශ අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ගේ බොරු එතකොට මුළු ණය බිලියන 100න් දැන් ගෙවන්න ඕනේ බිලියන 83යි ද ? මෙහෙමත් පච අරිනවද යකෝ
දළ ජාතික නිෂ්පාදනය වැඩි කර ගැනීම සහ ණයට ගැනීම නතර කර ගැනීමට මොන නායකයාද සැලසුම් කරන්නේ?
ඉතින් සබ්‍රි තුමෝ බංකොලොත් වුනාට පස්සේ මේ වෙනකල් පිනා මහත්තයාගේ ආණ්ඩුවෙන් අරන් තියන ණය වැඩිනේ
ආයේ පාර්ලිමේන්තුව පැත්තවත් දිහා බලන්නේ නැහැ කියපු අය නේද මේ?
බලලෝබී, බඩගෝස්තරවාදී කාලකන්නි, දූෂිත, දේශපාලුවන්ට නම් වාසි ඇති. ජනතාවට තමයි දේශපාලුවන් කරපු විනාශයට කරගහන්න වෙලා තියෙන්නේ...