ශ්‍රී ලංකාවේ වත්මන් රජය ගතවූ මාස 16 කාලය තුළ කැපී පෙනෙන ප්‍රගතියක් අත් කර ගෙන ඇති බවත් , තිරසාර සාමය ප්රජාතන්ත්රවාදයේ වගකීම සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ නව සබඳතා ගොඩනඟා ගැනීමේදී ශ්‍රී ලංකාව මෙලෙස ඉදිරියට පැමිණි බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකා නිත්‍ය නියෝජිත සමන්තා පවර් (28) පැවසුවාය.
රටේ සියලූම පුරවැසියන්ට යුක්තිය සහ සංහිඳියාව ඇති කරන ක්‍රියාවලියකට ශ්‍රී ලංකාව කටයුතු කරන මේ මොහොතේ දී ඇතිවන අභියෝගයන් හමුවේ සහාය වීම සඳහා ඇමෙරිකාව ඕනෑම මොහොතකදී ඉදිරිපත්වන්නේ යැයි ද ඇය සඳහන් කළාය.
‘ජනපති බැරක් ඔබාමා ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශවීක පැවැත්වීමේ වටිනාකම අවධාරණය කර තිබෙනවා, ශ්‍රී ලංකාව පසුගිය කාල සමයේ අත්පත් කරගෙන තිබෙව ප්‍රගතියත් ඉතා වැදගත්. ජනපති ඔබාමාත් ඇමෙරිකාවත් ඒ සඳහා හැකි සහයෝගයක්ම ලබා දුන්නා ඒ වගේම ඉදිරියටත් ලබා දෙනවා. ශ්‍රී ලාංකික ජනතාවට සමාජ ආර්ථික ප්රතිලාභ අත්පත් කර දීමේදී ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කළ කාර්යභාර්ය සුවිශේෂීයී.‘ යැයිද ඇය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්නකෝ එ්කෙත් හැටි? අපේ රටේ මිනිසුන්ට මේවා තේරෙන්නේ නැති හැටි? (නි)
සෞදි අරාබියාව සමඟ එකතුවෙලා මුළු අරාබියම විනාශ කළා. දැන් වැඩේ කෙරිලා ඉවරයි. ළඟදී සෞදි අරාබිය අහස් යානා වලට බෝම්බ ගැහුවා කියලා සෞදි අරාබියටත් ගහන්න යනවාලු නේද? අපිටත් වෙන්නේ ඔයටික තමයි. (නි)
ලංකාවත් ළඟදීම ඇෆ්ගනිස්ථානයක් හෝ ඉරාකයක් බවට පත්වෙන ලකුණුද මේ පහළ වෙන්නේ? (නි)
අමෙරිකාවට එන අභියෝගවලටත් අපි සහය දෙන්න ඕනෑ. හොඳ මිත්‍රයෝ එහෙමයි. (ර)
අපිත් කියන්නේ ඔය ටිකම තමා නෝනේ , කෝ ඉතින් කීයෙන් කී දෙනාද මේක තේරුම් ගන්නේ ? (ර)
මාර ආදරයක්නේ ලංකාවට තියෙන්නේ. එ්ත් මට ඉලංගරත්න මහත්තයාගේ "මඟුල් කෑම" පොතේ නරියව මතක්වුණා. එ්ත් දැන් කාලේ මිනිස්සු පොත් කියවන්නේ නැහැනේ. පාසල් විෂය නිර්දේශයෙනුත් ඉවත් කරලනේ (නි)
කැපීපෙනෙන ප්‍රගතියක්...? රටේ ජීවත්වෙන සාමාන්‍ය ජනතාවගෙන් අහලා බලන්න ඒකෙ වග (නි)
කොහොමත් දැන් මිනිස්සු නිදහසේ හුස්ම ගන්නවා . තෙල් ගණන් ටිකක් වැඩි කලත් කමක් නැහැ වගේ , ට්‍රැෆික් එකත් ටිකක් අඩු වේවි. (ර)
සුනාමි ව්‍යසනය වෙලාවේ ජි එස් පී වගේ දීර්ඝ සහන දීල අපිව ගොඩගන්න උත්සහ කලෙත් මේ අයම තමා, එක එක කතා කියන්න ගිහිල්ල ජි එස් පී නැති කර ගත්තා පහු ගිය කාලේ. (ර)
මහා මිනිස් ඝාතකයා මහ කොටිය විනාශ කරන්න සහයදුන් හැටි දේශපාලන ගැත්තන් නොවන කාහටත් මතක ඇතිනේ. දැන් ඉතින් ඒගොල්ලන්ගේ පදයට නටන පාලනයක් වුණොත් තව තවත් ආධාර දෙයි. (නි)
ඔව් ඉතින් ඇමරිකාවේ අවශ්‍යතාත් ඉටුවෙනවා නම් සහාය නොදි ඉන්න එකක් නැහැනේ (නි)
ඒ කියන්නේ ලංකාව ඉදිරියේදී බරපතල අර්බුද වලින් පිරි රටක් වෙනවා. (නි)
එතකොට ආණ්ඩු පෙරළන්න එහෙම සහයෝගය දෙන්නෙ කවුද? (නි)