IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘ලංකාව හැමවිටම ස්වාධීනයි‘

ඉන්දියා රජය මෙරට ආරක්ෂක අංශයන්හි දියුණුවට මෙන්ම රටේ සංවර්ධනය සඳහා  දෙන ආධාර පිළිබඳ  ශ්‍රී ලංකා ආණ්ඩුවේ ස්තූතිය හිමිවන බව  ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී මනෝහාර් පරික්කාර් සමග පැවැති විශේෂ හමුවේදී පැවසීය.

ලංකාව සංවර්ධන ඉලක්ක කරා ගමන් කරමින් සිටින බව ද ඉන්දියාවේ චාරිකාවක යෙදෙන විජයවර්ධන මහතා කීවේය.

 දීර්ඝ කාලයක සිට සමීපතම මිතුරකු ලෙස ඉන්දීය රජය  දෙන සහාය අගය කරන බව පැවසූ ඇමැතිවරයා,  ශ්‍රී ලංකාව කිසිදු ආකාරයක කිසිදු රටක අභිමතාර්ථ ඉටුකර ගැනීමට මධ්‍යස්ථානයක් වීමට ඉඩ නොදෙන බව ද අවධාරණය කළේය. ශ්‍රී ලංකාව සැමවිටම ස්වාධීනව කටයුතු කරමින් හැම රටක් සමගම මධ්‍යස්ථ විදෙස් ප්‍රතිපත්තියක්    අනුගමනය කරන බව ඔහු කීවේය. 

ධීවර කටයුතු සම්බන්ධයෙන් මෙරට උතුරු මුහුදු සීමාවේ මතුව ඇති ගැටළු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ අතර, එම ගැටළුව සුහදව විසඳාගැනීම සඳහා ඉන්දීය මධ්‍යම රජය වෙත ඒ පිළිබඳව කරුණු දැනුම්දෙන බව ඉන්දීය ආරක්ෂක ඇමැති පැවසීය.

විජයවර්ධන මහතා  ඉන්දියා ආරක්ෂක  අමාත්‍යවරයා වෙත සමරු සිහිවටනයක්  පිරිනැමීය.



අදහස් (0)

‘ලංකාව හැමවිටම ස්වාධීනයි‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site