වකුගඩු රෝගය නිවාරණය කිරීම සඳහා ජලය පිරිපහදු කිරීමේ ව්‍යාපෘතියකට සහ ලංකාවේ විදුලි සම්ප්‍රේෂණ පහසුකම් ස්ථාපිත කිරීම සඳහා යෙන් බිලියන 38ක (රුපියල් කෝටි 5073)ක නිල සංවර්ධන ආධාරයක් පිරිනැමීමට ජපන් රජය එකග වූ බව ජනපති මාධ්‍ය අංශය කියයි.
ජපානයේ පැවැත්වෙන ජී හත සමුළුවට සහභාගී වීමට ජපානයට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ජපන් අගමැති ෂින්සෝ අබේ මහතා හමු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා තල්ලේ වදින්නෙත් නැතුව ගිලල දායි කිඹුල්ලු ටික (බ)
දැන් ණය වලට කියන්නේ නිල සංවර්ධන ආධාර කියලද? අනේ හොඳයි ආපසු ගෙවන්න නැත්නම්. (නි)
බොරු පුරාජේරු අවශ්‍ය නැහැ. කියූ වැඩ කර පෙන්වන්න (නි)
අනේ දන්නේ නැති නිසා අහන්නේ. මේවා නිකන්මද? පොළියටද? (නි)
මීට කලින් හිටපු අයත් ණය ගත්තා. නමුත් පුංචි මිනිහට සෙතක් වුණේ නැහැ. දැන් බලමු මෙයාලා කරන හැටි. (නි)
යහපාලනය තුළින් නව දේශයක් ගොඩනැගේවා මේ මුදලින්! (නි)
මේ මුදල් දුප්පත් අහිංසක මිනිසුන්ගේ දියුණුව වෙනුවෙන් පමණක් යොදවන්න (නි)
ඒ කියන්නේ ජපානය තවමත් අපි සමඟයි (නි)
ශාන්, ගිය ආණ්ඩු කාලේ ගත් චීන ආධාර ගැනත් ඔයා ඔය ප්‍රශ්නේ ඇහුවද? (නි)
අනේ අපොයි අපේ හිටපු ජනපති හිටියනම්... කියල හිතෙනවා. (බ)
එංගලන්ත අගමැති නෝනලා රු.3,50,000/= කාර් ගන්නකොට අපේ නෝනලා ගන්නෙ රු.4,00,00,000/=යේ කාර්. ඔන්න වෙනස (නි)
ජපානේ මිනිස්සුත් අපි වගේම හැම පෝයටම නිවාඩු අරගෙන, ලෙඩ නිවාඩු අරගෙන, වැඩ වර්ජන එහෙම හොඳට කරලා දැන් ඒ රට දියුණු කරගෙන තමන්ගේ දහදිය මහන්සියෙන් හම්ඹ කරගත් ඒවා දනට පිනටත් දෙනවා. (ම)
තව සැරයක් මන්ත්‍රීවරුන්ට අමතර තීරුබදු රහිත වාහනයක් දෙන්න යන්නේ මේ මුදල් වලින් වෙන්න ඇති . මොකද වැඩිපුර වාහන ආනයනය කරන්නෙත් ජපානයෙන්නේ. (ම)