ජනවාරියේ පැවැත්වෙන ජනාධිපතිවරණය සාධාරණ, සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදිව පවත්වන ලෙස ඉල්ලමින් ප්‍රංශයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රංශ එකමුතුව සංවිධානය පවත්වන උද්ඝෝෂණයක් අඟහරුවාදා (21) සවස තුනට පැරිසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය ඉදිරිපිට දී පැවැත්වීමට නියමිතවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සුද මන්දා (නදී)
සංජීව ඔය කියන්නේ පිටරට ඉන්න හැම ලාංකික උගතාගේම මතය නෙවෙයි. ඕස්ට්‍රේලියාවේ උගත් ලාංකිකයන්ගේ මතය දැන් හැදෙන්න කල් දුන්නා ඇති කියල. (බ)
ජයන්, රට නම් තිබෙනවා. රටේ ඉන්න මිනිස්සු තිරිසන්නු වගේ මරාගන්න එක තමයි වෙලා තියෙන්නේ.මේ එකමුතුව ඉල්ලන්නේ සාධාරණ මැතිවරණයක්.ජයවේවා! අපේ උපරිම සහයෝගය! (නි)
අනේ මේ අය ලංකාවට ආදරය ඇති පිරිස නෙමෙයි. නිකන් ඔහේ ඉඳලා නිකන් දැගලුවට වැඩක් නැ. ජනවාරි 8 පසු මහින්ද ජයග්‍රණය කරාට පස්සේ කව්රුත් කියයි අර ජිල්මාට් මේ ජිල්මාට් කියලා. (බ)
සාදාරණ මැතිවරණයක් වෙනුවෙන් රටින් පිටවෙලා ඉන්න හැමෝම මේ විදියට එකතු වෙලා හඬක් නගන්න ඕන. එහෙම නැතිව 77 න් පස්සෙ ලංකාව් සාදාරණ මැතිවරණ තිබුනෙ නැහැ කියල නිස්සබ්දව ඉන්න හොඳ නැහැ. තල වැපුරුවහොත් අපිට තල කන්න පුලුවනි. (නදී)
ඒ කාලේ තමා වයඹ පලාත් සභා ඡන්දෙ තිබ්බේ. අද ප්‍රංශයේ වගේ අසාදාරන ඡන්ද ලංකාවේ නැහැ. පරදිද්දී බයට සීතලට ඔයවගේ දේවල් කියවෙනවලු (නදී)
ලංකාවේ දුෂිතම මැතිවරණය වන කුප්‍රකට "වයඹ මැතිවරණය" තිබ්බේ කාගේ කාලේද? දැන් මොකද හදිස්සියේ ප්‍රජාතන්ත්‍රවාදය මතක් වෙලා? (නදී)
ප්‍රංශයේ ඉන්න කොටින්ට එරෙහිව එන්න කිව්වහම කාටවත් එන්න බැහැ. බයයි. දැන් කොහොමද? (නදී)
කට්ටිය එකතුවෙලා කරන්නේ මේ වගේ දේවල් තමයි (නදී)
ඔහෙට වෙලා අපේ රට කාපල්ලා. අපේ නිදහස් රට ලෝකෙට විකුනපල්ලා (නදී)
දැන් ලංකාවේ දේශපාලනය මහා පරිමානයේ ව්‍යාපාරයක් වී ඇත. මොන ක්‍රමයකින් හෝ මෙම ව්‍යාපාරයේ කොටස්කරුවෙකු වෙන්නේ තමන් කරන ආයෝජන වලින් ප්‍රතිලාබ ගැනීමේ බලාපොරොත්තුවෙන් විනා රටට සේවය කිරීමේ අරමුණකින් නෙවෙයි. (නදී)
ඕක ජාත්‍යන්තර අවධානය ගන්න කරන වැඩක් (නදී)
මේවා දැක්කම මේ පැත්තේ කට්ටියව එපා වෙනවා. මේවා අනවශ්‍ය වැඩ. රටට ආදරේ නම් මේවා කරන්නේ නැහැ (නදී)
සාධාරණය කියන දේ දැන් මේ ලෝකයේ හොයාගන්න අමාරුයි (නි)
පැරිසියේ මොන එකමුතුවද මේ?? (නි)
ප්‍රංශයේ මැතිවරණ තියනවිට අනිත් රටවලට ඇවිල්ලා සාධාරණද අසාධාරණද කියා බලන්න කියනවාද? (නි)
ප්‍රභාකරන් කියු දෙයකි,සිංහලයාට නිදා නැගිටින විට සියල්ල අමතකයි, යන කියමන.එයට හොඳම උදාහරණයකි මෙය.මෙහි වැරැද්ද මෛත්‍රීට තබා කාටවත් නිවැරදි කරන්න බැරිවේවි. (නි)
පියල්, ඔබ හරි (නදී)
මොක කලත් වැඩක් නෑ මේ පාරත් ඒ වගේ තමයි (නදී)
මේ කතන්දර වලින් වැඩක් නැහැ. අපිට ඕනෑ ප්‍රජාතන්ත්‍රවාදයයි! ප්‍රංශයේ සියලුම දේ භුක්ති විඳින ඔබ ප්‍රංශයේ තිබෙන නිදහස අපේ රටට ඕනෑ නැහැ කියන්නේ කොහොමද? (නි)
අමර, ඇයි මේවා කියන්න නරකද? (නි)
මම නම් ඡන්දෙ දෙන්නේ මහින්දට. අඩු ගණනේ යුද්ධයවත් අවසන් කළානේ. (නි)
සල්ගාදු, දැන්මම පරාජය පිළිගෙන නේද? (නි)
සඳුනි, උපන් රටට එරෙහිව එම රටේම තානාපති කාර්යාලයක් ඉදිරිපිටට ගොස් කරන්නට යන මේ විරෝධයෙන් යමෙක් ලොවට පෙන්වන්නට හදන්නේ ඔවුන්ගේ 'අනුවණ කම' මය. (නදී)
සාධාරණ මැතිවරණ මැතිරිල්ල පටන්ගන්නේ තමන් පරදින බව දැනිලා බයවුණාම කියලයි අපිට නම් හිතෙන්නේ (නි)
සංජීව ඇමරිකාව, මා සමග එක්ක එකට ඉගෙනගත් පාසලේ උගත් හිත මිතුරන් බොහෝ ප්‍රමාණයක් ඇමරිකාවේ දසක ගණනක සිට ජීවත් වෙනවා. මම ඔවුන් සමග නිතරම අදහස් හුවමාරු කරගන්නවා. හැබැයි ඔවුන් සියලු දෙනාම දරන්නේ ඔබ කියනා අදහසට ප්‍රතිවිරුද්ධ අදහසයි. ඒ නිසා ඔබ කියන දේට මට නම් එකග වීමට නොහැකියි. කනගාටුයි. (ර)
දැන් මෙතැන බොරු දේසප්‍රේමී කතා එපා. මොනව කීවත් නැතත් අපේ ඡන්දෙ මේ පාර මෛත්‍රී මහත්මයාට පමණි. (බ)
පැරිසියේ ඕවා කළත්, ඔය වීරයෝ ලංකාවේ කරන්න බයයි (නදී)
කාගේත් පැතුම ඕක තමයි (දී)
සන්දේශ බාරදෙන්න උද්ඝෝෂණ කරන්න ඕනෑද? (නි)
අපි කොහොමද සාධාරණ මැතිවරණයක් බලාපොරොත්තු වෙන්නේ? (නි)
පිටරට ඉඳගෙන ලොකු කතා දාන මහත්වරු අපේ රටට ඇවිල්ලා රට වෙනුවෙන් වැඩක් කරලා කයිවාරු ගැහුවා නම් හිතට දුකක් නැහැ. (නි)
අපි නම් එදත් මැතිවරණ දැක්කේ මේ විදියට.අද දකින්නෙත් මේ විදියට.කවුරු බලය ගත්තත් හෙට දකින්න වෙන්නෙත් මේ විදියට තමයි.බලය ඇති කෙනා අඩු වැඩි වශයෙන් තම බලය ප්‍රචාරණය සදහා යොදා ගන්නවා. නැත්නම් ඒ බලයෙන් වැඩක් තියෙනවද? බලය නැති කෙනා අදෝනා දෙනවා.එයා බලය ගත්තහම කලින් කෙනාට වඩා හොඳට බලය පාවිච්චි කරනවා., කතිරය ගහන කෙනා තමන් කතිරය ගහන්නේ කාටද කියලා තීරණය කරලා ඉවරයි.ඒක වෙනස් කරන්න කටවුට් වලටවත්, පක්ෂග්‍රාහි ප්‍රචාරණ වලටවත්, පුර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වලටවත්, වෙන කිසිම බලපෑමකටවත් බැහැ. (නි)
මමත් මහින්දට, කවුරු පැන්නත් මොන දේ කිව්වත්... (නි)
සමහරුන්ගේ අනුගාමිකයෝත් එයාලගේ නායකයෝ වගේම "ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ" අය තමා. (නි)
සාධාරණ කම නැති තැන විනාශය තමයි (දී)
"බලය ඇති කෙනා අඩු වැඩි වශයෙන් තම බලය ප්‍රචාරණය සදහා යොදාගන්නවා. නැත්නම් ඒ බලයෙන් වැඩක් තියෙනවද?" ඔන්න අපේ මිනිස්සු හිතන හැටි. (නි)
ලංකාවේ වැරදි නොකළ දේශපාලකයින් නැත. කෙසේ බැලුවත් නිදහස දිනාදුන් මහින්ද අගෙයි.අපි දිනවන්නේ මහින්දයි (නි)
කතෘ තුමනි ,මෙය කුලියාපිටිය ආසන්න ගමක සිදු උන රසවත් සිදුවීමක් .මා මිත්‍රයා වෙළඳ සලට යද්දී එහි හිමිකරු හොරා හොරා කියල ගෝර නාඩු කරමින් සිටිය එවිට මා මිත්‍රයා මුදලාලි එහෙම කතා කරන්ඩ එපා කරපු වැඩ ගැනත් පොඩ්ඩක් හිතන්ඩ .යකෝ මම ඒ හොරෙක් ගැන නොවේ කිව්වේ මෙගෙදර ඉන්න කොල්ල ගැන කිවේ .මේක අද මගේ රු 500ක් හොරකම් කරලා .තමුසේ මෙතන එනවා දේශපාලනයක් කතා කරන්ඩ. (බ)
පැරිසියේ ඕවා කළත්, ඔය වීරයෝ ලංකාවේ කරන්න බයයි (නි)
මොනවද මේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන වැඩ? අපි නම් මේවාට කැමති නැහැ (නි)
ඔක්කොම මේ වෙලාවේ එකතුවෙන්. අපි මෛත්‍රී දිනවමු (නි)
අනේ මන්දා රටට වෙච්ච දෙයක්.(හේ)
අප පෙර දින රැයේ මිතුරකුගේ සාදයකට සහභාගී වූවා. එතනට පැමිණියේ ශ්‍රී ලංකික උගතුන්. බොහේ දෙනා විශ්ව විද්‍යාල අචාර්ය වරුන්. ඔවුන්ගේ අදහස් මා විමසූවා. ඔවුන් බොහෝ දෙනාගේ මතය රට අස්ථාවර දේශපාලකයන් අතට පත්වනවාට වඩා රට ස්ථාවර කළ මහින්ද හොඳ බවයි. ඔහුගේ වැරදි හදාගෙන ඉදිරියට ය යුතු බවයි ඔවුන් පැවසුයේ. (බ)
මේනක විජේසූරිය, ඔබ ලංකාවේ සිට අදහස් හුවමාරු කරන්ගන්නවා ඇති. දශක ගණනාවක් ඇමරිකාවේ ජීවත් වුවත් පක්ෂ පාට අමතක නොකරන පුද්ලයන්ගේ අදහස් ගැන නොවෙයි මම පැවසුවේ. ඔබගේ මිතුරන් ඔබ සහයෝගය දෙන පක්ෂයේ සහයට අදහස් පලකරන බව සිතිය හැක. පක්ෂග්‍රාහීත්වයෙන් තොර මධස්ථ මතධාරීන්ගේ අදහසයි මම පැවසූයේ. බිමල්-මාගේ හිත මිතුරන් හා නෑදෑයින් බොහොමයක් ඔස්ට්‍රලියාවේ ඉන්නවා. බොහොමයක් ඔබගේ මතයට විරුද්ධ මත දරන අයත් ඉන්නවා. ඔබගේ මතය හැම දෙනාගේම මතය නොවන බවත් සිහියට ගන්න. අන්තර්ජාලයේ මතයෙන් ලංකාවේ ජනාධිපතිවරු තේරිය නොහැකි බවත් සිහියට ගන්න. අන්තර් ජාලයෙන් මත විමසීම ඇමරිකාවේ නම් කල හැක. ලංකාව වැනි රටක අන්තර්ජාල පහසුකම් සීමිතයි. කොහොම උනත් 9 වෙනිදට අපිට ජනතාවගේ මතය දැකගත හැකිය. (නදී)
'උඩ බලා ගෙන කෙළ ගැසීම' ක් විය හැක.(හේ)
ඇමෙරිකන් සංජීව ඔබ ඔය වහෙන් ඔරෝ කියන්නේ විදේශීය රටවල්වල ජීවත්වන උගතුන්ගේ බහුතරය මහින්දට. එම නිසා මෙවර ජනාදිපතිවරනයෙදී සාමාන්‍ය ජනතාවගේ ඡන්දයත් මහින්දට දෙන්න කියා. අතිශයෙන්ම කණගාටුයි. ඔබ මහින්දට කැමති පදම් කඩේ යන්න. එ්ත් උගතුන් විකුනන්න එපා. අතේ පැළවෙන බොරු ලියා මිනිසුන් නොමග යවන්න එපා. උගතුන්ගේ අති බහුතරය මහින්දගේ පාලනයට විරුද්ධයි. ඒක තමයි ඇත්ත. ඔබට සත්‍ය අවබෝද වේවා (නදී)
සාධාරණ මැතිවරණයක් තියලා බලන්න කවුද දිනන්නේ කියලා.(හේ)
1977 පසු කිසිම විටක සාධාරණ මැතිවරණයක් දෙකක් නැහැ , මම සිතන්නේ මෙවර රාජ්‍ය මැර බලයත් , ජිල්මාර්ට් සමග ලංකාවේ බිහිසුනුම අසාධාරනම මැතිවරණය සිදුවෙනවා කියා .(හේ)
මොකද්ද රටට වෙලා තියෙන්නේ.(හේ)