සිනමා නිළියක, චිත්‍රපට පසුබිම් ගායිකවක මෙන්ම දක්ෂ නර්තන ශිල්පිනියක වන ඇන්ඩ්‍ර්යා ජෙරම්යා (Andrea Jeremiah) පසුගියදා පැවැති SPB 50 Years live in concert සඳහා දායක විය. ඉන්දියාවේ තමිල්නාඩුවේ උපත ලබා ඇති ඇන්ඩ්‍රියා ක්ෂේත්‍රයට පිවිසි මුල් කාලයේ චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙස වඩාත් ජනප්‍රියව සිටි නමුදු, ඇය වර්තමානයේ වඩාත් කතාබහට ලක්වන්නේ දකුණු ඉන්දීය සිනමා නිළියක ලෙසිනි.
මේ වසරේ පමණක් දමිළ චිත්‍රපට 4ක් තුළ රංගනයෙන් දායක වූ ඇන්ඩ්‍රියා එළැඹෙන 2017 වසරේදී දමිළ, තෙලිඟු හා මලයාලම් චිත්‍රපට 8ක් තුළින් සිය රසික පිරිස් මුණගැසීමට සූදානමින් සිටින්නීය. චිත්‍රපට රංගනයට වැඩි කාලයක් වෙන්කිරීම නිසාදෝ ඇන්ඩ්‍රියාගේ අලුත්ම ගීතයක් මෑත කාලයේදී අසන්නට නොලැබුණි. ඇය අවසන් වරට ගීතයක් සඳහා සිය දායකත්වය ලබා දී ඇත්තේ පසුගිය වසරේදීය. ඒ ජග්දේශ් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ "නාන්බෙන්ද්‍රා" නම් දමිළ චිත්‍රපටයේ ඇතුළත් "නී සුනෝ නිව් මූන්" ගීතය වෙනුවෙනි.
නිළියක සහ ගායිකාවක ලෙසත් මේ වනවිට බොහෝ සම්මාන ප්‍රමාණයක් සඳහා නිර්දේශ වී ඇති ඇන්ඩ්‍රියාට තවමත් ප්‍රධාන පෙළේ සම්මානයක් හිමිකර ගැනීමට නොහැකි වී තිබේ. නිළියකට හා ගායිකාවකට අමතරව තවත් හැකියාවන් ඇති ඇන්ඩ්‍රියා හඬ කවන්නියක, සංගීත නිර්මාණ කරන්නයක ලෙසද නිර්මාණ කිහිපයක් සඳහා සිය දායකත්වය ලබාදී තිබේ.
මේ වනවිට සිය 30 වැනි විය ගෙවා දමමින් සිටින ඇය නිළියක හා ගායිකාවක ලෙස ක්ෂේත්‍රයට සම්බන්ධ වී ඇත්තේ අවුරුදු 19දී බව සඳහන් වෙයි.
ඡායාරූප - චානුක කුලසේකර
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ලංකාවේ සිංදු කිව්ව කවුද මේ ඇන්ඩ්‍රියා