කොළඹ රෝහල් හතරක සේවය කරන වෛද්‍යවරුන් හය දෙනකුට එරෙහිව ඉන්දීය පොලිසිය නඩු ගොනු කර ඇතැයි ඉන්දියාවේ ‘ද හින්දු‘ වෙබ් අඩවිය වාර්තා කළේය.
ඔවුන් හය දෙනා වෛද්‍ය ආචාර ධර්ම කඩ කරමින් සිදු කරන නීති විරෝධි වකුගඩු බද්ධ කිරීම්වලට සම්බන්ධ වී ඇතැයි ඉන්දීයවේ අහමෙදාබාද් ප්‍රාන්ත පොලිසිය කළ විමර්ශනයකින් අනාවරණය වී ඇතැයි එම වාර්තා වේ සඳහන් වේ.
ඉන්දීයාවේ වකුගඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන සුරේෂ් ප්‍රජාපති (36) අත්අඩංගුවට ගැනීමත් සමඟ මේ කරුණු අනාවරණය වී ඇතැයි කියති. ඔහු වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් 60 පමණ සම්බන්ධ වී ඇතැයි ද එම සියලූ සැත්කම් කර ඇත්තේ කොළඹ පිහිටි රෝහල්වලදී යැයි ද එම වාර්තාවේ සඳහන්ය.
‘‘ සැත්කම් සිදු කර ඇත්තේ චෝදනා එල්ල වී සිටින වෛද්‍යවරුන් 6 දෙනා විසිනි. එසේ වුවද වකුගඩු සැත්කම්වලට සම්බන්ධ වූ දානපතියන් හා ග්‍රාහකයන් සියලූ දෙනා ඉන්දියාවෙන් පැමිණි පිරිස් යැයි ද වාර්තා වේ.‘‘
සුරේෂ් ප්‍රජාපති වකුගඩු බද්ධ කිරීමේ එක් සැත්කමකට ඉන්දීය රුපියල් ලක්ෂ 28ත් 30ත් අතර මුදලක් අය කර ඇතැයි ද ඔහුට අමතරව තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද ‘ද හින්දු‘ වෙබ් අඩවිය වාර්තා කර තිබිණි‚.
(ද හින්දු ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ සියලු සේවකයන්ගේ වැටුප් තීරණය කරන්නේත් වෛද්‍ය සංගමය. විශ්ව විද්‍යාල වල සියලු උපාධිවල කාලය තීරණය කරන්නේත් වෛද්‍ය සංගමය. කොටින්ම රටේ ආර්ථික ප්‍රතිපත්ති තිරණය කරන්නේත් වෛද්‍ය සංගමය. එනිසා වකුගඩු ප්‍රශ්නයටත් එයාලා අපූරු උත්තරයක් හදාගෙන ඇති. (නි)
මෙවැනි කටයුතු වලින් මුදල් ගරන කාක්කන් තමයි වැඩිපුර වෛද්‍යවරුන් බිහිවෙනවට විරුද්ධව සිසුන් උසිගන්වන්නේ. (නි)
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
ඉන්දියාවෙන් කොහොමද අපිට නඩු දාන්නේ? (නි)
ඉන්දිවෙන් ලංකාව ඇතුළේ වෙන දේවලට නඩු දාන්න අපි ඉන්දියාවේ ප්‍රාන්තයක්ද? අපේ දොස්තරලා ඉන්දියාවට ගිහින් කළ දේවල් නෙමෙයිනේ. ඉන්දියාවේ කට්ටිය මෙහාට ඇවිල්ලා කළ ජාවාරමක්. අනික මතක තියාගන්න කෝටි ගණන් වියදම් කරලා පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් බිහිවෙන කට්ටිය ඒ කෝටි ගණන හම්බ කරන්න මොනවා නොකරයිද, නිදහස් අධ්‍යාපනයෙන් බිහිවුණ දොස්තරලා මෙච්චර සල්ලි පස්සේ යනවා නම්?
අමිල දැනගන්න තිබෙන විදියට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරියෙකුත් ඔය හය දෙනා අතරේ ඉන්න බවයි අපිට ආරංචි වුණේ
ඕනෑම දෙයකට කෑ ගහන අර රජයේ වෛද්‍යවරු කට්ටිය නිදිනේ මේවා වෙනකොට.(හේ)
මේක ලොකු ප්‍රශ්නයක්.(හේ)
කොහොමද වැඩ, දැන් නම් උද්ඝෝෂණ කරන එකක් නැහැ (හේ)
ලංකාවේ රෝගීනුත් ලංකාවේම අයගෙන් සල්ලි දීලා තමයි වකුගඩු ගන්නේ. ලක්ෂ 5 - 10 - 15 වගේ ගණන් වලට. එතකොට ඒවා බද්ධ කරන එකත් තහනම් වෙයිද. මහා අපරාධයක්නේ වෙන්නේ එතකොට.(හේ)
මා බෞද්ධයෙක් හැටියට පුනරුප්පත්තිය විශ්වාස කරමි .ඒගැන පරීක්ෂණ කළ දෙස් විදෙස් උගතුන් කර්මය අනුව විපාක දෙන බව සොයාගෙන ඇත .බලන්ගොඩ සිද්ධිය එයට හොඳම උදාහරණයකි .මාලබේ වෛද්‍ය විද්‍යාලයේ ළමුන්ට ඉගෙනීමට විරුද්ධවන සියලු දෙනාම මීළඟ ආත්මයේ මන්ද බුද්ධිකයන් වී උපදිනු ඇත (බ)
ඉන්දියාවට විරුද්ධව වැඩවර්ජනයක් පටන්ගනීවද්ද? (නි)
සකුන්තලා සමඟ මාත් එකඟයි ... (නි)
කමෝන් ඉන්දියා! මහින්දව ගෙදර යවපු එකේ මේක මොකක්ද? අයි.ටී. ක්ෂේත්‍රයට විදින්න සූදානම්වෙන අතරේ දොස්තරලාටත් වැඩේ දෙන්න බලමු! (නි)
අනේ මෙතන කමෙන්ට්ස් දාන අය ඔහේ කියවනවා මේක ජාවාරමක් වුණත් දොස්තරලා කරලා තියෙන්නේ මිනිස් ජිවිත බේරන එකනේ පොඩ්ඩක් හිතල කොමෙන්ට් දාන්නකෝ අප්පා ගිරව් වගේ ලියන්නේ නැතිව (බ)
රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් එන වෛද්‍යවරුන්ගේ සදාචාරය ඔහොම තමයි (බ)
අමිල, ඔය නඩුවත් හාමුදුරුවන්ගේ වෙයිද කියලා බලමු (නි)
ඔයාලා මේ සදාචාරයක් ගැන කතා කරනවා, බලන්න අර තරුණ ගෑණු ළමයෙක් කීර්ති පැස්කුවල් මහතාගේ සින්දුවක් අහලා සදහටම දෙනෙත් පියා ගත්තේ එයාට වකුගඩුවක් දෙන්න කෙනෙක් නැතුව, මේ ඉන්දියන් අය හම්බවුනා නම් ඒ ළමයා තාම ජීවත් වෙනවා, (ර)
මගේ හිතේ එයාලට ගිණුමක් ඇති. ඊළඟ ආත්මෙට යනකොට සල්ලි ඒකට මාරුකරලා යාවි. එතකොට ඊළඟ ආත්මේත් සැපට ඉන්න පුලුවන්නේ. මේක සසිරිබර මෙසිරිබර ලංකාවනේ (නි)
ඇත්ත වෙන්න පුළුවන්. ඒත් ඉන්දියාව කියන්නේ ලෝකයේ වංචා දුෂණ වලින් පිරුණු අග්‍ර ගන්‍යයේ රටක්. ඒ ගොල්ල කොහොමද අපිට නඩු දමන්නේ? (ර)
ඕනම තරාතිරමක සිටින අයගෙන් වැරදි වෙනවා. එහෙම උනා කියල ඒ තරාතිරමේ සිටින හැමෝම එහෙමයි කියලා කියන්න බැහැ. ලංකාවේ සිටින සමස්ත වෛද්‍ය වරුන්ගේ ගානත් එක්ක 6ක් කියන්නේ සැලකිය යුතු ගානක් නෙමෙයි. (ර)
මතුපිටින් බලල කමෙන්ට් කරන අය ගැන ඇත්තටම කනගාටුයි. (ර)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කට වහගෙන නිදි මේ වගේ දේවල් වලදී. මේ වෛද්‍යවරුන් බිහිකළේ මාලඹේ වෛද්‍ය විද්‍යාලයෙන්ද? (නි)
දැන් මෙහෙම අපේ වෛද්‍යවරුන්ට චෝදනා කරන්නේ සාක්කි තියෙනවද?(හේ)
දැන් කියයි හැමෝම මෙහෙම නැහැ කියලා. මගේ පවුලේත් දොස්තර කෙනෙක් ඉන්න හන්ද මමනම් දන්නවා බහුතර අයගේ හැටි. (හේ)
බණ්ඩාර මහත්තයෝ හැම රටකම නීති පද්දතියක් තියනවා කියල දන්නේ නැද්ද. කව්රු වැරද්දක් කලත් වැරැද්ද වරද්දීමයි. (ර)
අනේ එයාලට නඩු දාන්න එපා. වාහනයක්වත් දෙන්නේ නැති නිසා ඔය පා පැදියක්වත් ගන්න වෙන්න ඇති ඔහොම කළේ (නි)