ශ්‍රී ලංකාවේ පිහිටීම මෙන්ම මිනිස් සම්පතේ බලය උපයෝගී කරගෙන මෙරට ලෝකයේ ප්‍රබල රටක් බවට පත් කිරීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (4) අරලියගහ මන්දිරයේ පැවැති රජයේ ආර්ථික සැලැස්ම එළිදැක්වීමේ උත්සවයේ දී පැවසීය.

‘බලගතු ශ්‍රී ලංකාවක් සැලසුම් සහගත ගමනක්‘ නමින් නම් කර ඇති ආර්ථික සැලසුම එළිදක්වමින් අගමැතිවරයා කියා සිටියේ දිගුකාලීනව රැකියා බිහිකිරීමටත් ආදායම් වැඩි කිරීමටත් දළ දේශීය නිෂ්පාදිතය ශීඝ්‍රයෙන් වැඩි කිරීමටත් අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතු බවයි.

webDSC_0529