IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලංකාවේ මාර්ගගත සුරක්ෂනයට විදේශ මැදිහත් වීම් අනවශ්‍යයි

(විමුක්ති එස් රුද්‍රිගු)

පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත කරන ලෙස මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත කෙටුම්පත  ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කරුණක් බවත් එයට විදේශයන්හි මැදිහත් වීම අනවශ්‍ය බවත් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරියාන් මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (27) ප්‍රකාශ කළේය.

එම පනත් කෙටුම්පතට මෙරට සිටින විදෙස් රටවල නියෝජිතයන් අදහස් ප්‍රකාශ කරමින් මැදිහත් වීම කිසිසේත් පිළිගත නොහැකි බවත් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න ඔවුන්ට අදාල කරුණක් නොවන බවත් රුසියාවේ මතය බව තානාපතිවරයා පැවැසුවේය.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ රෙගුලාසි පැනවීම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බවත් එම පනත් කෙටුම්පතට  දේශීය දේශපාලනඥයන් සහ මෙරට සිටින විදෙස් රටවල් නියෝජනය කරන නිලධාරීන් දැක්වූ අදහස් වලට රුසියානු තානාපති කාර්යාලයේ අවධානය යොමු වූ බවත් රුසියානු තානාපතිවරයා ප්‍රකාශ කළේය.



අදහස් (7)

ලංකාවේ මාර්ගගත සුරක්ෂනයට විදේශ මැදිහත් වීම් අනවශ්‍යයි

විජිත් Saturday, 27 January 2024 09:36 PM

පුදුම වෙන්න දෙයක් නැහැ... රුසියාව,චීනය... වැනි ඒකාධිපති මිලිටරි රාජ්‍යයන් අන්තර්ජාලයට දක්වන්නේ පුදුම බියක්... ඒ අන්තර් ජාලය හරහා " දැනුම " සන්නිවේදනය වන නිසයි. නිදහස යන්න ඔය කියන රටවල මිනිසුන් අත්විඳින්නේ සාපේක්ෂවයි. පාලකයින් කියන ඕනෑම දෙයක් දේව වාක්‍යයක් ලෙස පිළිගැනීමට ඒ මිනිසුන් හැඩගසා තිබෙනවා. ඒ වගේමයි නවමත, තමරටට බාහිරව තිබෙන රටවල මිනිසුන් විඳින නිදහස " ගැන යමෙක් කතාකළොත් ඔහු "රාජ ද්‍රෝහියෙක්" ලෙස ගැනේ. ශ්‍රී ලංකාවේ පාලකයින් යයි කියාගන්න පට්ට හොරු... රැල මේ පනත ගේන්න හදන්නේ චීනය, රුසියාව,... වගේ රටේ මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට වැට බැදීමටයි. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස රජකරන රටවල් මේ පනත විවේචනය කිරීම ඉතා සාධාරණයි. ලංකාවේ ම්ලේච්ඡ පාලකයින් මේ පනත ගැන ලෝකයත් සමග " හැප්පෙන්න " ගියොත් එහි අවසානය අපේ ඉන්ටර්නෙට් සම්බන්ධය අහිමි කරගැනීම දක්වා විය හැක... ඒ ICANN වැනි ආයතන ඒ රටවල තිබෙන නිසයි. නුගත්,මෝඩ,ම්ලේච්ඡ ,මිනීමරු ,හොර රන්චුවක් පාලනය කරන රටක, ජනතාවගේ නිදහස ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන රටවල් වලට මගේ ආචාරය...

:       0       0

රාලහාමි Saturday, 27 January 2024 09:42 PM

මේ මොකද රුසියා කලබලවෙලා? මේ රට නිදහස් රටක් බවත් මෙරට රුසියාව වගේ අර්ධ නිදහස් රටක් නොවන බවත්, අපේ රටේ ජනතාවගේ නිදහස වෙනුවෙන් කතාකරන්න ඕනෑම රටකට හැකි බවත්, රුසියානු තානාපති දැනගත යුතුයි.

:       0       0

chinthaka Saturday, 27 January 2024 10:16 PM

වොඩ්කා කාලකට වොයිස් කට් දෙන කෙනෙක්...

:       0       3

සමන් Sunday, 28 January 2024 08:33 AM

ඒක ඇත්ත. ඔවුන් කියන විදියට තමයි ලංකාවේ මිනිස්සු ඉන්නත් ඕනේ. යටත් විජිතයක් වගේ...

:       1       1

සෙනෙවිරත්න Sunday, 28 January 2024 08:37 AM

දී කිරට බළලුත් සාක්ෂි කිව්වේ ඕකට තමයි. චීන එක්කෙනත් කියන්නේ ඕකම තමයි.

:       0       2

PATTA hora Sunday, 28 January 2024 10:25 AM

දී කිරට බළල්ලූ සාක්කි. රුසියාවේ පුටින්ට විරුද්ධව කතා බෑ ඇතුලේ. ඒත් ඌ තමයි ලෝකෙ ධනවත්ම දේශපාලකයා.

:       0       2

Bamunuarachchi Sunday, 28 January 2024 03:29 PM

ගන්න එකම පඩිය පක්ෂෙට දෙන අනුර ගේ වත්කම US $ මිලියන 1.3 කියලා ගූගල් කළාම බලාගන්න පුළුවන්. බලයට ආවොත් පුටින් පරදවයි වගේ.

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site