ශ්‍රී ලංකා ආණ්ඩුව හෝ ආණ්ඩුවේ නියෝජිතයින් නොමනා ලෙස හා නීති විරෝධී ලෙස මිනිස් ඝාතන සිදුකර ඇතැයි අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2014 වසරට අදාළව නිකුත් කරන ලද නව මානව හිමිකම් පිළිබඳ වාර්තාවෙන් පෙන්වාදී තිබේ.
අමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මෙම වාර්තාව අද (26) එරට කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කළ බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය කියයි.
මෙම සිදුවීම් වලට අදාළ පැමිණිලිකරුවන්ද ඝාතනයට ලක්ව ඇති හෙයින් හා පවුලේ සාමාජිකයින්ද ඒ පිළිබඳ පැමිණිලි කරනු ලැබුවහොත් සිදුවිය හැකි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් බියෙන් පසුවන බැවින් පසුගිය කාලයේ සිදුවූ එම ඝාතන සම්බන්ධයෙන් විශ්වාසවන්ත සංඛ්‍යාලේඛන සොයාගැනීම අසීරු බවද එම වාර්තාවේ iඳykය.
සැකකරුවන් පොලිස් අත්අඩංගුවේ පසුවන අවස්ථාවේදී ඝාතනය කිරීම් සිදුවීම ප්‍රශ්නයක්ව පැවති බවත්, 2012 ආරම්භයේ සිට ඉකුත් වසර අවසානය දක්වා පොලිස් අත්අඩංගුවේදී මරණයට පත්වූ පිරිස 68 ක් බව රජයේ නිලධාරියකු පෙන්වාදුන් බවත් වාර්තාවේ දැක්වෙයි. එසේම 2013 ජූලි මස සිට වාර්තාවූ සිදුවීම් 11ක පුද්ගල ඝාතන 12 ක් සිදුව ඇති බව ඉකුත් ඔක්තෝම්බර් මස මාධ්‍ය වාර්තාවක දැක්වුණු බවද එහි සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ වෙන මිනීමැරුම් ගැන පාලකයින් නිශ්ෂබ්දයි. (නදී)
ඇමෙරිකන් කාරයා කියන සියලු දේ අධිරාජ්‍යවධි කුමන්ත්‍රණ කියා බැහැර කල නොහැක. පසුගිය පාලන කාලයේ ප්‍රාදේශීය දේශපාලකයන් ප්‍රසිධියේ මිනීමැරුවා, වෙනත් අපරාධ කලා , අන්න ප්‍රසිද්ධියේ මිනීමරලා, ස්ත්‍රී දුෂණ කරලා හිරේට නියම උන තංගල්ල හිටපු ප්‍රාදේශීය සභා සභාපතිට ඇප ඉල්ලනවා (නදී)
පසුගිය කාලයේ ඇතැම් අපරාධ කරුවන් ආයුධ පෙන්වන්න කියමින් පොලිසිය විසින් නීතියේ හිඩැසට මුවාවී මරා දාන අවස්ථා එක පෙලට කෙරුනා.(නදී)
කෝ මේ තිලක්-ඩුබායි(නදී)
විජයබාහු, ඔයා ලංකාවේ නෙමේ ද ඉන්නේ ? ඔයා ඕනේ තරම් කොටින්ට දඬුවම් දෙන්නේ. තව කොටි ගණනාවක් සටනේදීම මරල දැම්මේ. සමහර කොටි නායකයින්ට ඇමතිකම්, පක්ෂ උප ලේකම් කම් දීල තියෙන්නෙත් අපිම නේ. ඔයා කියන්නේ කොටින්ට නඩු දාන එකත් ඇමරිකාවට කරන්න කියල ද ? (නදී)
අනේ කිසිම අපරාදයක් නොකරන උපාසක මහත් හොරු ශ්‍රී ලංකාවේ වග තුග සොයන හැටි. මෙයට ප්‍රදාන හේතුව මේ රටේ පවතින දේසපාලන බල පොරය. සතුන්ගේ නමින් එය හැදින්වීම එම සතුන්ට කරන අවමානයක්.(නදී)
මේවා කියනකොට ඇමරිකාව නරකයි. හැබයි ඇමරිකාවේ ම වෙන වාර්තාවලින් කොටස් අරගෙන සමහරු ලංකාව අනතුරේ කියනකොට ඇමරිකාව හොඳයි. කොටි ජාලයට ගුවන්යානා නාශක මිසයිල ගන්න එක ඇමරිකාවේ FBI එකෙන් පරීක්ෂා කරලා ඒ කොටින්ට දඬුවම් දෙනකොට ඇමරිකාව හොඳයි (අ)
කව්රුත් අද සිට අපේ රට ලෝකේ දියුණු රටක් කරගන්නට සිතිය යුතුම්ය. පැරණි නායකයොත් නැවටත් සිත බලමින් කටුතු කර රට ඉස්සරහට ගෙන ගියොත් මහින්ද හෝ සිරිසේන හෝ රනිල් හෝ කවුරු වුණත් රට ඉස්සරහට ගෙන ගියොත් අපේ දරුවෝ පසුකලෙක හැමෝම වීරයන් කරනු ඇත. (අ)
වින්සන්ට් මහතාට විජයබාහු මහතා ලබා දී ඇති පිළිතුර ප්‍රමාණවත් යයි මා හිතනවා , කොහොම නමුත් මගේ නමින් ඇමතීම ගැන තුති , මා යමක් ලියන්නම් ඔබතුමාට , මතකද 1987-89 කාලයේදී ( මෙතන ලියන ගොඩක් උදවිය දන්නේ නැහැ , හෝ මතක නැහැ ) , එවකට හිටි ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත් මුදලි මහතා ගෙනාව පනතක් " වගකීමෙන් අරාක්ෂා වීමේ පනත " කියලා , ඇයි මේක ගෙනාවේ මොන වගකීමෙන් ආරක්ෂා වෙන්නද ? එවකට හිසරදයක් වූ ආණ්ඩු වීරෝධී පිරිස් මර්ධනය කිරීමේ දී යාමේ දී මරණයක් , වරදක් ආරක්ෂක හමුදා අතින් සිදු වුවහොත් එහි වගකීමෙන් ඔවුන් මුදහාරින ලෙස . මතකද ඔබතුමාට ? ඒ එවක රජයට හිසරදයක් වූ ආණ්ඩු වීරෝධී සිංහල පිරිස් මර්ධනය කිරීමට , අද ආණ්ඩු වීරෝධී හිසරදයක් නොවේ, රාජ්‍ය වීරෝධී පිළිකාවක් මර්දනය කිරීමයි සිදුවුවේ . ඉතින් මේ ගැන තව දුරටත් කිරීම ඔබතුමාගේ බුද්දියට කරන අගෞරවයක් , මට තේරෙන්නේ නැහැ ඇයි ඔබතුමා සරසවි අධ්‍යපනයක් මෙහි පටලවා ගත්තේ ඇයි කියලා . ඔබතුමා ගේ ප්‍රතිචාර අනුව මතුවට සුහදව ලියමි .
තවමත් අපේ රණ විරුවන් බේරා ගැනීමට අන්තිම අවස්ථාව තියෙනවා , එජාප , ශ්‍රී ලනිප කවුරු දින්නත් කමක් නැහැ , , දැන්වත් පක්ෂ, පාට අතහැරලා පෙරට එන්න , (අ)
දැන් සතුටු ඇතිනේ අපේ ලක්ෂ 50හේ කට්ටියට. ඒකට කමක් නැහැ. කරුණාකර අපේ රණවිරුවන් බේරාගන්න උදවු වෙන්න පක්ෂ පාට අමතක කරලා (නි)
ඇමෙරිකාව තමයි මේ ලෝකෙටම තිබෙන පිළිකාව. හැම රටකටම රිංගලා මොනතරම් අහිංසක මිනිසුන්ව, ගැහැණුන්ව, ළමයින්ව මරනවද ත්‍රස්ත මර්දනය කිය කියා. කෝ ඒ ගැන මානව හිමිකම් නඩු? යුධ අපරාධ නඩු? (නි)
අපි ඇමරිකාවේ බලපෑම් වලට සාර්ථකව මුහුණදිය යුතුයි නේද? (නි)
සමහරු හිතාගෙන ඉන්නේ ඇමෙරිකාව කියන්නේ අපිට හරි හිතවත් කියලයි.එයාලගේ න්‍යාය පත්‍රයට අනුව වැඩ කරන අයව තමයි එයාල පත්කරගෙන තියෙන්නේ.පොදු අපේක්ෂකයා වටා එකතු වුනේ ඒ අය තමයි.දැන් ඒ පිරිස යොදා ගෙන ඇමෙරිකාව වැඩ ටික කර ගන්න වා.අපේ රටට මානව හිමිකම් කියා දෙන්න ඉස්සෙල්ල ඒ අය අනෙක් ජාතීන්ට කල හානිය සොයන්න.අපි පරාජය කලේ කෘරතම ත්‍රස්ත කල්ලිය.එ්කට ඔවුන් අකමැතියි.නිවට ද්‍රෝහීන්ට මේවා නොතේරුනාට බුද්ධිමත් ජනතාව නම් හොඳින් දන්නවා.(අ)
ඇමරිකාවේ පාරවල් වල මරාගන්න ඒවා ගැන අපි වාර්තාවක් යවමුද එහෙට? (නි)
ඇමෙරිකාවේ ඉතින් කළු ජාතිකයෝ මරන්නේ පොලිසිය අල්ලගන්න කලින්නේ. කීයක් මැරුවද මේ මාස ටිකට? ඒවා ඉතින් අතපසුවීම් මගෙ හිතේ (නි)
පසුගිය කාලයේ ඇතැම් අපරාධ කරුවන් ආයුධ පෙන්වන්න කියමින් පොලිසිය විසින් නීතියේ හිඩැසට මුවාවී මරාදාන අවස්ථා එක පෙලට කෙරුනා, රටේ සියලු පාර්ශව ඒවාට උඩගෙඩි දුන්නා අගයමින්, නිතිය යුක්තිය වලපල්ලටම ගියා එයින්ම. නඩු යනවා කියන්නේ වැඩක් නැතිවා මෙන්ම දේශපාලන හයිකාරයන් එන්තරවාසි ගොනු කරමින් අමුතු සෙල්ලම් පොරපිටියක් බවට අධිකරණ ක්‍රියාවලිය ලඝු කොට හෑල්ලුවට පත්කරා. (අ)
එතකොට ඇමෙරිකාවේ පොලිසියෙන් කළු මිනිස්සු මරන එක? (නි)
අහිංසක ජනතාව මරාදැමීම පමණක් නොවේ,කාටත් එක සමාන නොවන නීතියෙනුත් දඬුවම් ලබන්නේ සාමාන්‍ය ජනතාව සහ අහිංසකයෝ.ඇමරිකාව මැදිහත්වීමෙන් හෝ ජනතාවටත් රටටත් සෙතක් වේ නම් අපි සහයෝගය දියයුත්තේ ඇමරිකාවටයි. (නි)
ගුණපාල මහතා. ඇමෙරිකාව නොවේ ප්‍රංශය ජිනීවා වලයි ගැටලුව . මේ කරන්නේ වෙන මොකුත් නොවේ අපේ රණවිරුවෝ ටික දන්ගෙඩියට වැඩක් වන්න පාර හදනවා. මතකද පකිස්තනෙට බෝම්බ දාල අහිංසක මිනිසුන් මරුන අහංකාර හිලරි ක්ලින්ටන් නිකන් සොරි කිව්වා නැහැ. (අ)
රත්නායක වගේ අය ඉතිහාසයේත් රට ජාතිය පාවාදුන්නා (නි)
තමන් සහයෝගය දුන්න දේශපාලඥයාගේ වැරදි හෙළිකරන තරහට මෙතන ඇමරිකාව සුදුද කලුද කියල දන්නෙ නැති මිනිස්සු ඇමරිකාවට බනිනවා.මම අවුරුදු ගානක් ජීවත්වෙන ප්‍රජාතන්ත්‍රවාදීම රට. පොලිස්කාරයෙක් මිනිහෙකුට පාරක් ගැහුවොත් ඇති ගෙදර යවන්න.අනික ඇමරිකාව කිවුවත් කවුරු කිවුවත් මැරුනෙ අපේ රටේ මිනිස්සු. මෙතැනදී අපි ඇමරිකාවේත් සහය අරගෙන පහුගිය මිනීමැරුම් වලට යුත්තිය ඉෂ්ඨ කරන්න ඕනෑ (නි)
සුදේශ් ,සරත්,6 ඇමරිකාව කියල හිතාගෙන ඉන්නෙ 1960 ගණන් වල ඇමරිකාව වෙන්න ඇති. ඇමරිකාවෙ ජනාධිපතිත් කලු ජාතිකයෙක්. ඇමරිකාවේ පොලීසිය මිනිහෙක්ව මරන්නේ සැබෑවටම ඒ පුද්ගලයාගෙන් පොලිස් නිලධාරීන්ගේ ජීවිතයට තර්ජනයක් එල්ල වුණොත් විතරයි. (නි)
ප්‍රකාශ ඔබතුමා 100% හරි , නමුත් අර ලක්ෂ 50 කට්ටියට ඕක තේරෙන්නෙන් නැහැ, තේරෙන උදවිය නැසූ කන් ඇතිව ඉන්නවා , ඒ උදවිය මට බනිනවා මම ජාතිවාදියා කියලා . (අ)
මහානාම අපි කොතෙක් කීවාට මේ මන්ධ බුද්ධිකයන්ට තවම තේරුම් ගන්න බැරි ඇයි ඇමෙරිකාව යන්නේ කොතනටද කියා.එකම හේතුව මොවුන්ගේ අතීතයේ සිටම එන පුරුද්ද තමයි රට පාවා දී දොළ පිදේනි ලබා ගැනීම.නමුත් බුද්ධිමත් ජනතාව නිතරම රට ගැන හිතනවා.කෘතවේදීත්වය තියෙනවා. (අ)
මමත් නිව්යෝක් වලට ගිහින් තියෙනවා. එහේ පත්තර වලින්, ටීවී වලින් ආණ්ඩු විවේචනය කරන විදිහට මෙහේ හිටපු සමහරු වගේ අය හිටියා නම් යවන්න සුදුවෑන් මදිවෙයි.කරන්න ඕනෑ මේ ඝාතන ගැන පරීක්ෂණ පවත්වලා වගකිවයුත්තන්ට දඩුවම් දෙන එක.මොකද මේ ඝාතනය වෙලා තියෙන්නේ ශ්‍රී ලාංකික පුරවැසියො... (නි)
කලු ජාතිකයින් 13% වත් නැති ඇමරිකාවේ කලු ජාතිකයෙක් ජනාධිපති වුණා. ඒ මිනිස්සු සුදුසු නායකයා තෝරගන්න ජාතිවාදය අමතක කළා. ලංකාවෙ ඔක්කොටම ඉස්සෙල්ලා අදින්නෙ ජාතිවාදය (නි)
ලංකාවෙ සිටින උගත් ඒත් බුද්ධියක් නොමැති ගෝත්‍රිකයින් වැනි පිරිස තමන් හරි අන් අය වැරදියි කියා අනෙකාට ඇගිල්ල දිගු කරනවා. සත්‍යා මිනිස් ඝාතන සිදුවූවා. අමෙරිකාවට සම්පූර්නයෙන්ම සහයෝගය දෙනවා.(නදී)
මම මේ ලගදි වැඩසහනක් දැක්ක වැරදි වැඩවලට අහුවෙන ඇමරිකාවේ පදිංචි මේක්සිකන් ජතිකයව අල්ල ආපහු මැක්සිකෝව ට ගිහිල්ල දානවා . ඒ ගොඩක් අය ඉපදුන දවසේ ඉදල තියෙන්නේ ඇමරිකාවේ . නෑදෑයෝ ඔක්ක ඇමරිකාවේ . අපේ රටේ කලානම් කියයි මානව අයිති වාසිකම් කඩනවා කියල . (අ)
සමන් ජනාධිපති වෙනස් වුණා කියල ඇමරිකාව වෙනස් වෙන්නේ නැ. (බ)
සුදත්, ඇමරිකාව සහ ජාතිවාදය ගැන දැනගන්න පොඩ්ඩක් මෙහෙ එමුද? ඔබාමා සුළු ජාතිකයෙක් වුණත් ඒ රටේ කළු මිනිසුන්ට වෙනම කෑල්ලක් ඉල්ලුවේ නැහැ.රටේ ජාතික ප්‍රතිපත්තියට ගරුකරලා සුදු බහුතරය බව හොඳින් දැන රටේ අවශ්‍යතාවයට කටයුතු කරනවා. අපේ සමහර පක්ෂවල අය ඉල්ලන්නේ වෙනම කලාප.ඔබ වගේ අය ජාතිවාදය සහ ජාත්‍යාලය ගැන පළමුව අධ්‍යනය කරන්න. ඔබ බොරු නමකින් අදහස් දමන බවක් පෙනේ. (නි)
මම හිතන්නේ මේ කතාකරන්නේ හංගපු අවි හොයන්න යාම ගැන. හංගපු අවි හොයන්න යන එක නවත්තන්න පුළුවන් එකම විදිහ ඒ අය දුක්විඳගෙන අල්ලන අපරාද කාරයින්ට උසාවියෙන් නියම දඩුවම් ලැබෙනවා කියන විස්වාසය ඒ අය තුල ඇතිකිරීම. (ස)
ඇමරිකාවට අපි ගැන තියෙන අමාරුව මොකක්ද?(හේ)
අනේ මගේ කට! ඇමරිකාව කියන්නේ සිල්ගත්ත රටක් වෙන්න ඇති (නි)
රත්නායක, සමහර අහිංසක ජනතාව අවිආයුධත් අතේ තියාගෙනනේ ඉන්නේ, නේද? (නි)
රත්නායක වගේ කට්ටියක් ලිබියාවෙත් හිටියා (නි)
මහානාම වැනි අයට තවම තේරිලා නෑ මේ වාර්තාව මොකක් ගැනද කියල මේක රණවිරුවන් ගැන ප්‍රසිද්ධ කල වාර්තාවක් නොවේ .(නදී)
මේ සංවාදයේ හරවත් බව රැකගෙන ඉදිරියට යාමට නම් අපහාස හා උපහාස නැතිව තම මතය ඉදිරිපත් කළ හැකි නම් හොඳයි නේද ? (බ)
ඇමරිකන්කාරයෝ ලෝකය පුරා කළ ජනසංහාරයට කවදා හෝ වන්දි ගෙවිය යුතුයි (නි)
මහ ලොකුවට අනික් රටවල් වල මිනී මරන ඒව ගැන කතා කලාට අමෙරිකාවෙ දවසකට මිනී මැරීම් කීයක් වෙනවද කියල එකෙක්වත් කතා කරන්නෙ නෑ. අඩුම ගානෙ අමෙරිකාවවත්. මේව රට හදන්න නෙමෙයි අපේ රටවල් වලට එබිල අපිව පාලනය කරන්න ගහන තුරුම්පු. ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගෙ අපෙ උන් ඒවට කෙල ගන්නවා (නදී)
රත්නායක මොනවා කියවනවද? (නි)
මහානාම-කඳාන, අපි මොන සරසවියේ ඉගෙනීම ලැබුවත්, වැස්සටවත් පාසල් නොගියත් වියයුත්තේ සැබෑ මිනිසුන් වීම නොවේද? පල්ලියෙන් කළත් පන්සලෙන් කළත් වරද වරදම වියයුතුය. නිදහසට කරුණු පැත්තකය. පසුගිය සමයේ අත්අඩංගුවට පත්වුවන්ට අත්වූ ඉරණම ඇත්තෙන්ම මිනිස්කමට කළ නින්දාවකි. එවැනි නීතියක් හෝ පාලනයක් රටක පැවතිය යුතු නැත. ජාත්‍යන්තරව හොඳ නමක් ලැබිය යුතු මොහොතක සිදුවුණේ මිනිස් ඝාතනයකි.එය කිසිදු රටක සිදුනොවිය යුතුය.ලැබෙන වාසියකට හෝ ලැබුන වාසියකට මිනිස් ඝාතන අනුමත කිරීම සැබෑ මිනිසකු අතින් සිදුනොවිය යුතුය.(නි)
වින්සන්ට්, බස් රථවලට තැබූ බෝම්බ දුම්රියට තැබූ බෝම්බ, ගම්වලට වැදී අහිංසක මිනිස්සු කපා කොටා මරා දැමුවන්ට දෙන දඬුවම මොකද්ද? එසේ කරන අයට දෙන දඬුවම මොකද්ද? එම වරද කර මොකුත් නොකළා සේ ඉන්නකොට අහිංසකයන් කියා කියන්නද කියන්නේ? ඔබගේත් පවුල පිටින් බස් බෝම්බයකදී විනාශවුණා නම් ඔයා අද ඔහොම කතා කරන්නේ නැහැ. (නි)
ඇමරිකාව කිව්ව ගමන්ම සමහරුන්ට ගැරඬියි ලාම්පුතෙලුයි වගේ මිසක් ඇත්ත නැත්ත , හරිද වැරදිද , සුදුද කළුදවත් තෝරාබේරා ගන්නට නොහැකිව හිත ඇතුළේ ඉන්න සර්පයාව එළියට දමන බවයි පෙනෙන්නේ. (නි)
ඇමරිකාවට අපේ රටේ සිද්ධ වෙන දේවල් ගැන වාර්තාවක් ඉල්ලීමට අයිතියක් නැත.(හේ)
මගේ අදහසෙන් කාටත් මන් පහර ගැහුවේ නෑ. (බ)
සංජීව ඇමරිකාවෙයි කියල කිව්වට ඇමරිකා ව්‍යවස්ථාව හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ වගේ... ඔබාමා ඇමරිකානුවන්ට තවත් එක් 'ඇමරිකානුවෙක්' මිසක් "කල්ලෙක්" නෙමේ... ඇමරිකාවේ සුදු ජනතාව ඔලුගෙඩි ගනනින් වැඩි වුනත් සමාජයේ කිසිම විටක වැඩි වරප්‍රසාද ලාබීන් විදිහට සැලකෙන්නෙක් නෑ...ඒනිසා ඔහුට හෝ වෙනත් කිසිම කල්ලෙකුට මාටින් ලූතර් කින් ගෙන් පස්සේ කල්ලන්ට ඔලුව නමාගෙන ඉන්න අවශ්‍ය නෑ.. ඒ නිසා කවුරුත් කලු මිනිස්සුන්ට වෙනම කලාප ඉල්ලන්න යන්නේ නෑ..ඇමරිකාවේ ශරීර කූඩුව තියාගෙන හිටියට මදි, තමන් ඉන්නා රටේ දේශපාලනික ස්ථාවරය ගැන අධ්‍යනය කරල ඉන්න..(බ)
වින්සන්ට් මහතානනි, මා ඇමතුවාට තුති. හෙට ප්‍රතිචාර දක්වන්නම් (නදී)
වින්සන්ට් මහතාට විජයබාහු මහතා ලබා දී ඇති පිළිතුර ප්‍රමාණවත් යයි මා හිතනවා. කොහොම නමුත් මගේ නමින් ඇමතීම ගැන තුති. මා යමක් ලියන්නම් ඔබතුමාට, මතකද 1987-89 කාලයේදී ( මෙතන ලියන ගොඩක් උදවිය දන්නේ නැහැ , හෝ මතක නැහැ ) එවකට හිටි ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත් මුදලි මහතා ගෙනාව පනතක් " වගකීමෙන් අරාක්ෂා වීමේ පනත " කියලා , ඇයි මේක ගෙනාවේ මොන වගකීමෙන් ආරක්ෂා වෙන්නද ? එවකට හිසරදයක් වූ ආණ්ඩු වීරෝධී පිරිස් මර්ධනය කිරීමේ දී මරණයක්, වරදක් ආරක්ෂක හමුදා අතින් සිදු වුවහොත් එහි වගකීමෙන් ඔවුන් මුදහාරින ලෙස . මතකද ඔබතුමාට ? ඒ එවක රජයට හිසරදයක් වූ ආණ්ඩු වීරෝධී සිංහල පිරිස් මර්ධනය කිරීමට. අද ආණ්ඩු වීරෝධී හිසරදයක් නොවේ, රාජ්‍ය වීරෝධී පිළිකාවක් මර්දනය කිරීමයි සිදුවුවේ. ඉතින් මේ ගැන තව දුරටත් කිරීම ඔබතුමාගේ බුද්දියට කරන අගෞරවයක්. මට තේරෙන්නේ නැහැ ඇයි ඔබතුමා සරසවි අද්යාපනයක් මෙහි පටලවා ගත්තේ ඇයි කියලා. ඔබතුමා ගේ ප්‍රතිචාර අනුව මතුවට සුහදව ලියමි (නදී)
සමහර අදහස් දැක්කම ප්‍රතිචාර දාන්න ලැජ්ජයි. ලැජ්ජනට වඩා දුකයි. මේවා ගැන කතා කරන්න ගියොත් අර ලක්ෂ 50 හේ කට්ටිය මට ජාතිවාදය වපුරන්න හදනවා කියාවි (නදී)
සංජීව ගේ අදහස හරි (නදී)
නාමල් -නොදන්නා දේවල් කතා නොකර හිටියනම් ගොඩක් හොඳයි අනුන්ටට උගන්වන්න පෙර යමක් ඉගෙන ගන්න..ඉන්න රට ගැන මේ කොහෙවත් ඉන්න ඔහේ කියල දෙන්න මට? අනේ පව්.ඔබ නොදන්නා දේවල් මේ ලෝකේ ගොඩක් තියෙනව. ඉස්සෙල්ල ඒවා ඉගෙන ගෙන් අනුන්ට උගන්වන්න ලේස්ති වෙන්න. පෞද්ගලිකව හුමු වේනම් නොදන්න ගොඩක් දේවල් ගැන කියල දෙන්න පුළුවන්. (බ)
නාමල් කියපු ටිකමයි මාත් කියන්නේ ..? ඇමරිකාවෙන් හරි කමක් නැහැ මැදිහත් වෙලා ..මේ ලංකාවේ නවත්වන්න බැරි මිනීමරු රැල්ලයි, කුඩු කාරයෝ ටිකයි. ඉස්ත්‍රී දුෂකයෝයි, විදුලි පුටුවේ තියල හරි මේවා නවත්වන්න ඕනේ ..මේවා දැකල බලල අද පුවත් පතෙන් ඒ මරුන කෙනෙක් ගැන හදවතින් දුක් වෙන පුද්ගලයාත් හෙට මිනිහෙකුව මරනවා ..?ඒවා නැතිවෙන්න ඕනේ හැමට එක හා සමානව ජීවත් වීමේ අයිතියක් තියෙන පසු බිමක් ඒ රටේ නැති නම්...ඒක ඒ ජීවත්වෙන මිනිසුන්ගේ පෙර පවක්.. බල ධාරීන් රටේ ඉහලින් වැජබෙනවා මහජන මුදලින් ආරක්ෂකයෝ පිරිවරාගෙන? ඒවාට වැය වෙන්නේ මහජන මුදල්. ඒත් රටේ මිනිසුන් බල්ලෝ බළල්ලු වගේ අහු උණු තැන කපල කොටලා මරනවා ..?මිනිසුනේ ඇමරිකාව හරි අගහරු ලෝකෙන් හරි කමක් නැහැ අපිට ඕනේ 1940 ස් 1950 ගණන් වල රටේ තිබුණු සංස්කෘතිය හැදියාව, අනෝන්‍ය සුහදත්වය පිළිගැනීම වැඩිහිටි ගරුත්වය .?අපේ සිරිත් විරිත්? අද ලංකාව සෝමාලියාවක් හා සමානයි ..මේ විදියට තව අවරුදු දෙකක් තිබුනොත්, නැවත ගොඩ ගන්නට බැරිම තරමින් රට විනාශ ම වෙලා යනවා සෑම අතින්ම කිසිවෙකු ඒ ගැන නොහිතන එකයි පුදුමේ. (නදී)
නාමල්-පොතක් කියවල මාර්ටින් ලුතර් කින් ගැන හා ඇමරිකානු ව්‍යවස්ථාව ගැන දැනගත් පමණින් ඇමරිකාව ගැන සියල්ල දත් කෙනෙකු ලෙස කතා කරයි.ලංකාවේ ඉන්න බොහෝ අය ඇමරිකාව ගැන කතා කරන්නේ ඇමරිකන් කාරයටත් වඩා දන්නවා කියල හිතාගෙන.පොතේ දැනුම හා ටී වී එකක් ළඟ ඉඳගෙන අපි තමා සියල්ල දත් කියල ලංකාවේ පොතේ දැනුම පමණක් ඇති උගත්තු හිතන්නේ. .ප්‍රයෝගික දැනීමක් නෑ. මෙහෙ වෙන්නේ මොනාද, ව්‍යවස්ථාවේ තිබෙන සියලුම දේවල් ඉටුවෙනවද කියන එක දන්නේ මෙහෙ ඉන්න අය.පොතේ දැනුම තිබුනට බුද්ධිමතෙක් වෙන්නේ නෑ.ශරීර කුඩුවේ සිරස කියල එක තියෙනවද ඔබට? එය පාවිච්චි කරන්න. (බ)