බොලිවුඩ් සිනමාවේ ප්‍රධාන චිත්‍රපට සංචාරක සංසදය විශේෂ වැඩමුළුවක් පසුගියදා ඉන්දියාවේ මුම්බායි නුවරදී පැවැත්විණි.
මුම්බායි කොන්සල් ජනරාල් සරෝජා සිරිසේන මහත්මිය එහි ආරාධිත දේශනයක් පැවැත්විය. සොබාදහමේ දායාදයන්ගෙන් පිරි සුන්දර ශ්‍රී ලංකාවට පැමිණ තම චිත්‍රපට රූගත කිරීම් කරන්නැයි ඇය බොලිවුඩ් අධ්‍යක්ෂකවරුන්ගෙන් ඉල්ලා සිටියාය.
තමාගේ ආරාධනාවට සුබදායි ප්‍රතිචාරයක් ඉදිරියේදී ලැබෙනු ඇතැයි සරෝජා සිරිසේන මහත්මිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමගේ මහත්තයෝ කරුණ කරලා සරෝජා නෝනා ගැන තොරතුරු ටිකක් කියන්න. එතුමියගේ ගම පළාත, අධයාපනය ලබපු විශ්වවිද්‍යාල,සහ පවුල පිලිබඳ. මොකද ඔබතුමා ඒවා දන්නවනේ. (නදී)
සරෝජා සිරිසේන යනු වසර 17ක විදෙස් සේවා පළපුරුද්දක් ඇති දක්ෂ නිලධාරිනියකි. ඇය ජනාධිපති සිරිසේන මහතාගේ කිසිදු ඥාතියෙකු නොවේ. සිංහල හැරුනුකොට ප්‍රංශ ඉංග්‍රීසි භාෂාවන් චතුර ලෙස කතා කිරීමට හැකි සරෝජා මහත්මිය ප්‍රංශය සුවිස්ටර්ලන්ත බෙල්ජියම වැනි රටවල විදෙස් සේවා නිලධාරිනියක ලෙස කටයුතු කොට ඇත. (ර)
එසේනම් මෙතුමිය ගැලපෙන්නේ යුරෝපයට මිසක් ඉන්දියාවට නොවේ.(හේ)
එසේය...කුමාරණ ඔබ නිවැරදිය.(හේ)
ඇයට ඔය තනතුර ලැබුනේ යහපාලනය එන්න කලින්.(හේ)
දේශපාලන චිත්‍රපටවලට නම් හොඳ පසුතල ඇත යහමින් (බ)
මේ පත් කරලා තියෙන්නේ තවත් සිරිසේන කෙනෙක්. පවුලේ අයට ඔය බෙදාගෙන තියෙන්නේ. (අ)
කව්ද මේ සරෝජා සිරිසේන ?අපේ ජනාධිපති තුමාගේ පවුලේ කෙනෙක්ද නෑනේ . මම මේ අහන්නේ පවුල් පාලනේ ට තිත තියපු නිසා.(දිල්)
කවුද මේ සිරිසේන ,?(දිල්)
යහපලනයේම තවත් කොටසක් වෙන්න ඇති.? (ර)
ඉතාමත් හොඳ කාලෝචිත වැඩක්.ශ්‍රී ලංකාවේ සිනමා කාර්මික ශිල්පීන් අද තිබෙන ආර්ථික ආගාධයෙන් මුදවා ශ්‍රී ලංකාවේ සිනමාවත් නඟාසිටුවීමට මෙය බෙහෙවින් වැදගත් වේ. ඔබට මෙය ඉදිරියට කරගෙන යාමට ලංකාවේ හිටපු සිනමා ශිල්පියෙක් හැටියට මම ආශිර්වාද කරමි (නි)
සරෝජා සිරිසේන මහත්මිය ජනාධිපතිතුමා ගේ නෑදෑයකු නොවේ. ඇය ශ්‍රී ලංකා තානාපති සේවයේ ස්ථිර අයෙක්. සිරිසේන නම බොහෝ අයට තියනවා. මගේ පියත් සිරිසේන කෙනෙක්. (නදී)