(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ ඡන්දදායකයයන්ගෙන් සියයට 56 ක් වන කාන්තාවන් මෙරට පාලකයන් පත්කිරීමේ තීරණාත්මක සාධක බවත් එම සුවිශේෂි තීරණයේදී කාන්තාවන්ට සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ හැකිව ඇති බවත් හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරිනියක් වන පෙරියසාමි දයාබරී මහත්මිය පැවසුවාය.

ජාතික ජනබලවේගයේ රත්නපුර කාන්තා සමුළුව අමතමින් පෙරියසාමි දයාබරී මහත්මිය එසේ කීවාය.

කාන්තාවක් ලෙස තමන් එම සමුළුවට සහභාගී වූයේ ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට 52ක් වන කාන්තාවන් නියෝජනය කරමින් බවත් එයින් ද ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන්ගෙන් සියයට 56 ක් කාන්තාවක් බවත් පෙරියසාමි දයාබරී මහත්මිය කීවාය.

යහපාලනයක් බිහිකිරීමේ කොටස්කරුවන් ලෙස කාන්තාවන්ගේ භූමිකාව ඉතාම වැදගත් වන නිසා මෙම සමුළුවේදී එකතු වී අපේ අනාගතය සමෘද්ධිමත් කිරීමට අධිටන් කරගත යුතු බව කී ඇය ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ ජාති, ආගම්, කුල මල භේදවලින් තොරව එකා මෙන් අපට ජීවත් වෙන්නට පුළුවන් වේ යැයි විශ්වාසයක් කරන බව ද සඳහන් කළාය.