ශ්රී ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල් ලෙස ජනරාල් සරත් ෆොන්සේකා මහතා අද පත්විය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ යෂ්ටිය ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල් ලෙස පත්වූ ජනරාල් සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂක අමාත්‍යංශ පිටියේ පැවති උත්සවයේදී බාර දුන්නේය.
යෂ්ටිය බාර ගනිමින් මාෂල් ෆොන්සේකා ජනපතිට ආචාර කළේය. ෆීල්ඩ් මාෂල්වරයකු ආචාර කරනුයේ රාජ්‍ය නායකයාට පමණි. අගමැතිටවත් ආචාර නොකරයි. ෆීල්ඩ් මාෂල්වරයකු කිසිදාක විශ්‍රාම නොගනී. ඔහුගේ තත්ත්වය කැබිනට් ඇමැති තනතුර හා සමතැන් ගනී.
උත්සව අවස්ථාවනදි ඔහු සෙන්ටි මීටර් 49.5 ක් දිගැති යෂ්ටිය වම් අතෙහි දරා සිටිනු ඇත. ෆීල්ඩ් මාෂල් තනතුරට විශේෂ ආරක්ෂක ඛණ්ඩයක් හා පෞද්ගලික කාර්ය මණ්ඩලයක්ද හිමිවේ.
යුද නාවික හා ගුවන් හමුදා සම්මාන මුරයකින් පසු තරු 5 ගැසූ රියකින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා නික්ම ගියේය.
තිස් අවුරුදු යුද්ධයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන නායකත්වය දුන් බවත් ජනරාල් සරත් ෆොන්සේකා යුදමය නායකත්වය දුන් බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂ ජනපති සමයේ ෆොන්සේකා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක යෙදුණු බව කියමින් යුද හමුදා අධිකරණය හමුවට පත් කෙරිණි. සිර ගෙදරට යැවීය. ඔහුගේ විශ්‍රාම වැටුපද වෙනත් වරප්‍රසාද සියල්ලද අහිමි කළේය.
නව රජය පත්වීමෙන් පසු ඔහුට පූර්ණ සමාව දී අහිමි කළ විශ්‍රාම වැටුපද හමුදා තනතුරුද යළි පිරිනැමීය.
ඡායාරූප - ශාන්ත රත්නායක
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිවිතුරු යහපාල, ඔබ බන්දුල පෙරේරා කියන චරිතයේ කොපියක්වද්ද...? ඔබගේ හිතට එන දේවල් ලියන්න එපා. බුද්ධියෙන් ස්පර්ශකර යමක් ලියන්න. (නි)
ඇත්තෙන්ම මෙය ඔහුට ලැබෙන්න තිබුණු දෙයක් (නි)
හොදයි. (ත)
ෆීල්ඩ් මාෂල්තුමනි, පළමුව සුබ පතමි! රට යනවිදිය හරි නැහැ. දැහැමින් රට පාලනය කර පසුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන හිතමු (නි)
ඔබට තුණුරුවන්ගේම සරණයි! සියළු කටයුතු සාර්ථක වේවා! (නි)
සුදුසු කෙනෙකුට සුදුසු තනතුරක් ලැබුනා. සන්තෝෂයි...!!! (නි)
නියමයි! (නි)
පොන්සේකා මහත්තයට එදා ඉදල තිබුණු ආසාව තමයි ඕක..දැන් හොඳ වේවි..කොහොම උනත් මේ ආණ්ඩුවත් ජනපතිත් පුද්ගලයාව මැනවින් අදුනගෙන තියෙනවා..දේශපාලනිකව බලපෑම් කළහැකි ආරක්ෂාව සම්බන්ධ තනතුරු නොදී විසදුම් දීල පුද්ගලයා සතුටු කිරීම..දේශපාලනයේ තෙම්පරාදු වුනු රනිල් මහත්තය සර්පයෝ අදුනන්නේ නැත්නම් ඉතින් වෙන කවුරු අදුනන්නද? කොහොම උනත් යුද්ධයේ යම් කාර්යබාරයක් කරලා මුළු යුද්දෙටම හොර ඔප්පු හදන්න ගිය මෙතුමාට, සුදු කොඩි කතාවෙන් යුද්ධයේ ජයග්‍රහණය පාවල දීපු මෙතුමාට ඒ නිසා නීතියෙන් දඩුවම් ලද මෙතුමාට මෙහෙම තනතුරක් පිරිනැමීම යුද්ධාධිකරණයත් සාමාන්‍ය අධිකරණයත් සියල්ල අවතක්සේරු කර රටේ නිතිය දේශපාලනික උවමනවනට හැල්ලු කරවීමක්....(බ)