ශ්‍රී ලංකාවේ මහා භාරකාර දෙපාර්තමේන්තුවේ ප්‍රථමවරට මහාභාරකාරවරිය ලෙස අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව නීතිඥ තරංගනී කීනවින්න මහත්මිය පත්කර ඇත.
1922 වසරේදී ඇරැඹි මහා භාරකාර දෙපාර්තමේන්තුවේ මෙම තනතුරට පත්වූ ප්‍රථම කාන්තාව ඇයයි.
කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන දිසානායක මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරියක් වශයෙන් දිවුරුම් දී ඇත්තේ 1983 වසරේදීය. ජනාධිපති නීතිඥ ජේ.ඩබ්ලිව්. සුබසිංහ සහ රාජනීතිඥ එච්.ඩබ්ලිව්. ජයවර්ධන යන මහත්වරුන්ගේ කණිටු නීතිඥවරිය ලෙස 1991 වසර දක්වාද පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නීතිඥවරියක් ලෙසද කටයුතු කළාය. දිසානායක මහත්මිය නියෝජ්‍ය මහා භාරකාර ධූරයට 2008 දී පත්වූවාය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම මහා භාරකාරවරිය වශයෙන් නීතිඥ දිසානායක මහත්මිය මැයි 13 වැනි බදාදා පෙරවරුවේදී එම දෙපාර්තමේන්තුවේදී වැඩ බාරගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පස්සේ කියයිද දන්නේ නැ මෙයත් යාලුවෙක් කියල (නදී)
කීනවින්න කොහොමද දිසානායක වුණේ. බම්බු වාර්තාවක් නේ (අ)
තරංගනී මහත්මියට දෛර්යය ලැබේවා ! සුභ පතමි !(හේ)