(ඩී. ජී. සුගතපාල)
ශ්‍රී ලංකාවේ පොදු මාර්ගවල ධාවනය කළ නොහැකි එන්ජින් ධාරිතාවයකින් යුත් යතුරු පැදියක ව්‍යාජ අංක තහඩුවක් සවිකර ගෙන ධාවනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා රුපියල් 65,000ක දඩයක් නියම කර යතුරු පැදිය රාජසන්තක කිරීමට අද(25) නියෝග කළේය.
මෙසේ දඩ නියමවූයේ වඩුතන්ත්‍රි දිනුෂ්ක ද සිල්වා නමැති පුද්ගලයෙකුටය.
ඔහු මෙම යතුරු පැදිය ධාවනය කරමින් සිටියදී මුර සංචාරයේ යෙදී සිටි ගාල්ල පොලිසියේ නිලධාරි කණ්ඩායමක් එය නවතා පරීක්ෂා කිරිමේදී ඇතිවූ සැකයක් නිසා ඒ පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් විමසූවිට පවසා ඇත්තේ එවැනි අංකයක් යටතේ යතුරු පැදියක් ලියා පදිංචිකර නොමැති බවය.
පසුව ගාල්ල දිස්ත්‍රික් මෝටර් රථ පරික්ෂකවරයා යතුරු පැදිය පරීක්ෂා කර බලා මෙය ලංකාවේ පොදු මාර්ගවල ධාවනය කළ නොහැකි එන්ජින් ධාරිතවය 600කින් යුත් එකක් බවටත් ලංකාවේ පොදු මාර්ගවල ධාවනය කළ හැක්කේ එන්ජින් ධාරිතාවය 450 දක්වා පමණක් වන යතුරු පැදිවලට පමණක් බවටත් වාර්තාවක් ලබාදි ඇත.
ඒ අනුව මෙම නඩුව පවරා තිබු අතර ව්‍යාජ අංක තහඩුවක් සවි කිරීමේ චෝදනාවට රුපියල් 15,000ක්ද ලියා පදිංචි නොකරන ලද යතුරු පැදියක් ධාවනය කිරීමේ චෝදනාවට රුපියල් 50,000ක් ද වශයෙන් මෙසේ දඩ නියම විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව කවදාවත් හදන්න බැරි රටක්, කරන්න පුළුවන් එකම දෙය මිනිසුන්ට කල කිරවලා ලංකාව විනාශ කරන එක පමණයි
මේවා ඉතාලියේ නාපොලි වලින් පටවන බඩු. ලංකාවේ අන්ධ රේගුව හරහා රට ඇතුලට ඇවිල්ලා.
මේ රටේ නිෂ්පාදනක් නොවේ නම් රට තුලට ආවේ කෙසේදැයි නොසොයන්නේ කාව පරිස්සම් කොරන්නද?
පව්. 1000CC පදින අයත් ඉන්නවා. අද ලෝකය දිහා බලපුවහම අපි මොනතරම් භූත තත්ත්වයක ද ඉන්නේ? පොලීසියට 450cc ට වැඩිය ධාරිතාවක් ඇති බයිසිකල් ලුහුබැඳ යන්න බැරි නීසා මේවා ගේන්න දෙන්නේ නැහැ. නමුත් කාර් වලට පුළුවන්. මෝඩ නීති
එතකොට ඕක ගෙනවාවේ කොමද ලංකාවට .............. රේගුවට හොරෙන්ද මුහුද යටින්ද අවේ නැත්නම් අහසින් ආවේ ඕක ?
දැන් මෙයා මේක දුවපු කාලේ රට හැදුනද?.
roville මයා වෙත, ඔබගේ අදහස් තේරුම් ගැනීමට අපහසු බැවින් හැකිනම් විස්තර කර දෙන්නේනම් කෘතඥ වෙන්නෙමු.
නොදන්න නිසා අහන්නේ දන්න කෙනෙක් කියන්න මේ යතුරුපැදිය එක්දහස් නවසිය අසූ ගණන්වල ඉන්දියාව ලංකාවට පරිප්පු දැම්මාවගේ ගෙනා එකක්ද. රටේ තහනම් දෙයක් ගෙනෙනවිට රේගුවේදි පරීක්ෂා කරන්නේ නැද්ද.
මේකත් අර පන්සලේ අමතක වෙලා දාලා ගිහින් තිබුන අලි පැටියා වගේ සිලි සිලි බැග් එකක දාලා තිබිල හමු වෙන්න ඇති. එහෙමත් නැත් නම් සක්‍ර දෙවියන්ගෙන් උපන් දිනේට ලැබුණ තෑග්ගක් වෙන්න බැරිද?
ලංකාවේ 1000cc දක්වා යතුරුපැදි ලියාපදිංචි හැකි නමුත් මහා මාර්ගයේ ධාවනය කිරීමට තවම අවසර දී නැත. මෙම සිද්ධියේ වරද ව්‍යජ අංක තහඩු භාවිතා කර ධාවනය කිරීමයි එමනිසා පුවතේ මාතෘකාවද ගැලපෙන්නේ නැත.