අරාබි රටක රජ කුමාරයෙක් ශ්‍රී ලංකාවට නුදුරින් පිහිටි දූපතක් බද්දට ගැනීමට සැරැසෙයි. එවැනි දූපතක සැප මාළිගයක් ඉදිකිරීම ඔහුගේ අරමුණයි. එය සංචාරක ව්‍යාපාරය සඳහා නොව රජ පවුලේ පෞද්ගලික මන්දිරයක් ලෙස පවත්වාගෙන යෑම ඔහුගේ අරමුණයි.
මෙවැනි ඉල්ලීමක් ලැබී ඇතැයි කියන රජයේ නිලධරයකු ඊට එහා යමක් කීමට අකමැති විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් ලැබෙනවා නම් අපේ දේශපාලඥයොයි, ඔවුන්ට ආවඩන අයයි ඕනෑ දෙයක් කරයි (නි)
හිටපු කට්ටිය දැනටත් ලංකාව චිනාට එහෙම පිටින්ම විකුනලාද දන්නෙත් නැහැ...දවසක ඔප්පුවත් අරන් චීනා ආවොත්....? (අ)
“අලි මදිවට හරක්“ කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ (නි)
ඔව්, රුවන්. අපි බොහෝ දේවල් ලබාගන්නේ පිනට නොවෙයි, මුදල් ගෙවලා තමයි. හැබැයි ඔයා නම්, නොමිලේම වැඩෙත් කරගෙන ගානකුත් සාක්කුවට දාගෙන ගෙදර එන්න උත්සාහ කරන කෙනෙක් කියලා කතාවෙන් පේනවා. (නි)
මොකටද එ්ක දෙන්නේ රජගෙදරම ඉඳපල්ලා මොකද එකෙක් කොළඹින් ගෙවල් හද හදා 25% විතර පිටරට උන්ට වික්ක ඒවා විකුණලා උන්ගේ මඩිය පුරෝ ගත්තා අනෙක් උන් ටික ඉතුරු ටිකත් විකුණගන කාපියවූ එතකොට අපිට මුදට පනින්න බැරිය දරුමල්ලොත් අරන් රටේ ඉන්න මෝඩ රැල පාටයි මිනිස්සුයි බදාගන මගුල් නටනවනේ රටට හෙන ගැහුවත් එකෙකුටවත ගානක් නැ (බ)
අපරාදේ අපේ රාජ කුමාරවරුන්ට තිබුණ චාන්ස් එක. (නි)
අනේ හොඳයි තවත් අරාබි කොලනියක්. එහෙම වටකෙරුවාම ඉතුරු ටිකත් ගන්න ලෙහෙසිනේ (නි)
ලංකාවට ගැළපෙන විදියට රජයේ පාලනය නොතිබුණොත් ලොකු ගැටලු එන්න ඉඩ තිබෙනවා (නි)
බෙනට්, පෘතුගීසිකාරයා හරක් හමක ඉඩක් අරගෙක කරපු ටික අපේ අයට රටක් තිබිලාවත් කරගන්න බැහැනේ. දෙපැත්තට, තුන් පැත්තට බෙදිලා පණ්ඩිත කතා කියමින් කුළල් කා ගන්නවාට වැඩිය කරන වෙන වැඩක් නැහැනේ. තිත්ත ඇත්ත ඒකයි. (නි)
රටේ තියන ස්වභාවික සම්පත් වලින් හෝ සුන්දර පරිසරයෙන් ආශ්වාදයක් ලබා ගන්න පින නැති ජාතියකට හුල්ලනවා හැරෙන්න වෙන මොනවා කරන්නද? පින තියන කවුරු කමක් නැහැ ඔය සම්පත් වලින් ප්‍රයෝජනයක් ලබනවා නම් ඒ ගැන හිතලාවත් සතුටු වෙන්න බලන්න. (ර)
රවිඳු, ශාන්ගේ කතාවේ හරයයි වැදගත් වෙන්නේ. ඔහුගේ ලිපිනය වැදගත් නැහැ. දැන් ජනතාවට පක්ෂ, පාට සහ සියලු දේශපාලුවන් එපාවෙලා තියෙන්නේ. අපි අපාදුක් විඳිමින් මේ කුඩා දිවයිනේ කොටස් පිටරැටියන්ට විකුණනවා බලා සිටිමු. දේශපාලුවෝ සුර සැප විඳිති. (නි)
මාලදිවයින අවුරුදු සිය ගානකට කලින් බුද්ධාගම තිබුන තැනක්, අද වෙලා තියෙන දේ කාටත් පේනවනේ, ලංකාවට වෙන්නෙත් ඔය ටික තමා. බදු දෙනවා කිවුවට මාලිගා හදල අපට දීල යයිද? (ම)
දෙන්නම ඕනනම් කච්චතිවුව දෙන්න. ජයලලිතටත් හූවක දුර.(කෞ)
තරුශි, සල්ලි දෙනවා නම් ඔයා ඕනෑදෙයක් කරනවද? (නි)
පෘතුග්‍රිසි කාරයා ඉල්ලුවේ හරක් හමක ඉඩක් .. මේ කුමාරයා දුපතක්ම ඉල්ලනවා .. (හේ)
රටට හෙණ ගැහුවත් අපේ දේශපාලකයන්ට නම් ගානක් නැහැ (නි)
ඔය අය නම් කීයටවත් ළංකර ගන්න එපා (නි)
කින් බෙනට්, එක්සත් එමීර් රජයේ මේවගේ දුපත් හදලා වෙන රටවල් වල ධන කුවේරයන්ට බදු දීලා තියෙනවා (නි)
තමන්ගේ පුද්ගලික බූදලයද මේ? (නි)
මාලනී, මම සෞදි වලට අකමැති නොවේ. මගේ මවුබිම විනාශවෙනවට අකමැති සිංහලයට අද වෙනකොට ඉතුරුවෙලා තියන එකම ලෝකයේ බිම්කඩත්, අපේ රටේ ඉන්න හා සිටි දේශපාලක වනචාරීන් අහිංසක ජනතාවට අහිමි කිරීම ගැන වේදනාකාරී හැඟීමක් දැනෙනවා. මොකද අපි නියම සිංහල බෞද්ධයෝ නිසා (නි)
කට්ටියක් රටත් කාලා ජාතියත් කාලා ආගමත් කෑවා. දැන් ඉතිරි ටිකත් කාලා අපිවත් කන්නද හදන්නේ? (නි)
ලංකාවත් ළඟදීම විකුණනවා කියන එකේ පොඩි දූපතක් විකුණුවට මොනවා වෙනවද? (නි)
ඉතින් ජයම්පති මහත්තයෝ, මාලදිවයින අද එදාට වඩා හොඳට දියුණු වෙලා තියනවනේ. ලෝකයේ ධනවත් විදේශිකයෝ සංචාරය කරන්නේ මාලදිවයිනේ. (ර)
ලක්ෂ ගානක් මිනිස්සු පවුල් පිටින් ගිහින් අරාබියේ ජීවත් වෙනවා. විදේශ විනිමය කොච්චරක් නම් ගලා ගෙන එනවද? සිංහ ධජයක් ලෙලදෙන අධි සුඛෝපභෝගි තරු පහේ හෝටලයක් තියෙනවා ඩුබායි රාජ්‍යයේ. අයිතිකර ගන්නත් නෙවෙයි. බද්දට අහල තියෙන්නේ. එකට කොහොමද කට්ටියගේ අදහස්...මේකද අපේ සිංහලකම.. දුන්නම මොකද වෙන්නේ නීත්‍යානුකූලව ගිව්සුමකට අනුව.එක අපට ආදායම් මාර්ගයකුත් වේවි.(බ)
සෞදි ශාන්, ඔබ ඔබේ ශ්‍රමය සෞදියට කඹුරනවා වගේ තමයි අපේ දේශපාලකයොත්. ඔබ මහා ලොකු දේශප්‍රේමියෙක් වුණාට, ඔවුන්ගේ රටේ තමයි ඉන්නේ කියලා මහා ලොකුවට කියාගෙන. ඇයි මොකද සිංහල වාසගම දාන්න ලැජ්ජද? (නි)
නිකම් පාලුවට ගිහින් තියනවා නම් බද්දට දුන්නහම මොකද වෙන්නේ. බදුදීම කියන්නේ අාදායම් මාර්ගයක්. විකුණුවොත් නම් අන්න වැරදියි. අනේ මෙය කියවන අයගේ මොළය නම් නියමයි. (නි)
ශාන් නම් සෞදි වලට අකමැති පාටයි (නි)