එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ ඩුබායි නගරයේ පිහිටි අධි සුඛෝපබෝගී නිවසකින් ඩිරාම් මිලිනයක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 4කට ආසන්න) වටිනා බඩු භාණ්ඩ සොරකම් කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වූ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට ඩුබායි අපරාධ අධිකරණය වසරක් බැගින් වූ සිර දඬුවම් පැනවූ බව ඩුබායි ද නැෂනල් පුවත් වෙබ් අඩවිය අද (29) වාර්තා කළේය.
2015 අගෝස්තු මාසයේදී සිදූ වී ඇති මෙම සොරකමට අදාළව ඩුබායි පොලීසිය විසින් නඩුව ගොනු කර තිබිණි.
මෙම සොරකමට සම්බන්ධ වූ බව කියන ලාංකිකයන් තිදෙනාගෙන් එක් අයෙකු පමණක් ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවෙයි. තමන්ට එරෙහි නඩුව අධිකරණය හමුවේ කැදවූ අවස්ථවේදී ඔහු චෝදනාව ප්‍රතික්ෂේප කළේය.
සෙසු සැකකරුවන් දෙදෙනා යළි ලංකාවට පළා ගොස් ඇතැයි ඩුබායි පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දැන්වීය.
කෙසේ වෙතත් සියලු කරුණු සලකා බැලූ ඩුබායි අපරාධ අධිකරණ විනිසුරු වරයා චූදිත ලාංකිකයින්ට එරෙහිව වසරක් බැගින්වූ සිර දඬුවම් පනවනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අය නිසා අපිටත් මේ රටේ වැදගත් විදියට රස්සාවක් කරගෙන ඉන්න විදියක් නෑ.. (ම)
මොවුන් රට කනවා විතරක් නොවෙයි ලෝකෙත් කනවා. (නි)
තිලක් ඩුබායි මේ අය හඳුනනවද දන්නෙ නැහැ (නි)
තිලක්, මොකද නිහඬ? ඔයාද හිරේ ගියේ? (නි)
දඬුවම හොඳටම මදි. අවුරුද්දක් වැඩකරලා රුපියල් කෝටි හතරක් ඉතිරිකරන්න බැහැ. ඉතින් කෝටි හතරක් හොරකම්කරලා අවුරුද්දක් හිරේ හිටියම ඒක දඬුවමක්ද. (නි)
මිලියන ගණනින් නීතිවිරෝධීව බැංකු ගිණුම් පවත්වාගෙන යාම ආදී එකී නොකී රාජතාන්ත්‍රික වැඩකිඩ නිසා, පසුගිය කාලයේ අපේ රටේ පාලකයින් හා පාලිතයින් අතර හොරකම, දුෂණ හා වංචා සම්බන්ධයෙන් කිසිම වෙනසක් නැතිබව ජාත්‍යයන්තරය හොඳින් තේරුම් ගත්තා. ඉදිරි කාලයේදී කම්බ හොරුන් ලක්ෂ ගණනනින් මැදපෙරදිගට රැකියා මුවාවෙන් යැව්වොත් අයවැය හරහා බදු අයකර ජනතාව පෙළනවාට වඩා හොඳ ආදායමක් හොයන්න පුළුවන්. අනික ඒ මුදල් විදේශීය විනිමය ලෙසින්ම ලංකාවට ලැබෙනවා. මොකද කියන්නේ? (නි)