IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


‘ලංකාවේ ණය ගෙවන්න ඩොලර් නෑ‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය ඩොලර් බිලියනයක් වුවත් බිලියන 10ක් වුනත් ඒවා ගෙවන්නට ලංකාව සතුව ඩොලර් මිලියනයක් වත් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (18) පැවසීය.

ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ කියා දෙයක් නැතැයි ද පාට පක්ෂ  භේද අතහැර සියලු දෙනාට එකතු වෙන්නැයි පුන පුනා ඉල්ලා සිටින්නේ මේ අර්බුදයෙන් රට ගොඩ ගැනීමට බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අග්‍රාමාත්‍යවරයාට  යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසූයේ ලංකා ඉතිහාසයේ පළමු වරට අප ණය ගෙවන්නට බැරි තැනට පත්ව ඇති බවයි.එන මාස 12ට ඩොලර් බිලියන පහමාරක පමණ ණයක් ගෙවන්නට සිදුවෙන බවත් ණය නොගෙවන පසුබිම යටතේ අපට එකවර කොපමණ මුදලක් ගෙවන්නට සිදු වනවා දැයි පැහැදිලි කරන ලෙසත් හර්ෂ ද සිල්වා මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.



අදහස් (17)

‘ලංකාවේ ණය ගෙවන්න ඩොලර් නෑ‘

Pradeep Kumara Wednesday, 18 May 2022 02:59 PM

සල්ලි නෑ.. සල්ලි නෑ කියකියා ඉන්න එපා. මේ වෙලාවේ එක්වරම ලොකු මුදලක් හොයාගන්න තියන එකම ක්‍රමය තමයි ඔය ගජ මිතුරන් හොරකම් කරපු රටේ සම්පත් ගැන විධිමත් පරීක්ෂණයක් කරලා වහාම එම දේපල සහ මුදල් රජයට පවරා ගැනීමයි. ඒ වගේම ඇතැම් දේශපාලකයින් රටින් පිටකරලා තියන මුදල් ගැනත් හොයලා බලන්න. ණය ටික ගෙවලා රට සුරපුරයක් කරන්නත් පුළුවන් වෙයි...

:       1       48

TUKWednesday, 18 May 2022 10:21 PM

ඉන්ඳියාවේ වෙබ් අඩවියක ලියා තිබුනා.... ලංකාවේ තෙල් නැති නිසා මිනිස්සු ත්‍රීවීල් හෝ ගාලා පාරේ පෝලිමට නවත්තලා දාල ගිහිල්ලා කියලා... ඉතින් ඕනි වෙලාවක ලංකාවට ගිහිල්ලා දෙක තුනක් බෝට්ටුවෙන්ම කේරලේට අරං එන්න පුලුවන් කියලා.....!

:       0       0

Saman Wednesday, 18 May 2022 03:03 PM

මහ බැංකුව හොරකම් කළාට පස්සේ දැන් සල්ලි නෑ කියනවා.

:       6       32

amila Wednesday, 18 May 2022 03:42 PM

ඕක මට දෙන්න. ණය නෙවෙයි ඩොලර් බිලියන 5-6 ක සංචිතයක් මාස 06ක ඇතුළත හදලා දෙන්නම්...

:       2       18

ravin Wednesday, 18 May 2022 03:58 PM

රටරටවලින් හොරකම් කරපු සල්ලි හොයාගන්න අංශයක් තියෙනවාලු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ... බැරිද එම අංශයටවත් කියලා රටේ ණය පියවාගන්න සහායක් ඉල්ලුවොත්.. ආරංචියේ විදිහට නම් ඩොලර් බිලියන ගණනාවක්... රටින් පිටවෙලා තියෙනවලු...

:       1       18

සුජිත් පල්ලේවත්ත Wednesday, 18 May 2022 08:26 PM

ඉන්ධන පෝලිම් වල තිබෙන ත්‍රීවීල් දිහා දැක්කාම අපේ රටේ ආර්ථිකය පිළිබඳව හොඳ විග්‍රහයක් කරන්න පුළුවන්. ඔය පෝලිම්වල සිටින්නේ රටේ තෙල් පුච්චන අපේ තරුණ ශ්‍රම බලකාය... ඔවුන් වැරදි රැකියාවක නිරතවන බව ඔවුන්ට වටහා දෙන්නේ කවුද? රුපියල් හම්බකරන්න ඩොලර් පුච්චන මේ බලකාය වහාම විසුරුවා හැරිය යුතු නැද්ද? නිදහස් අධ්‍යාපනයක් තියෙන රටක මෙවැනි බලකායක් බිහිවිය හැකිද? කොතැනද වරද? සිතා බලා වැරදි නිවැරදි කිරීමට කාලයයි මේ...

:       2       14

ගලපර Wednesday, 18 May 2022 04:21 PM

මේ රටේ මහා විනාශය සියල්ලකටම වගකිව යුත්තේ සිරා සහ රනිල් දෙදෙනාය. එදා යහපාලන බලය ගත්තු දවසේම මේ හිඟන හොරුන්ට විරුද්ධව නඩු අසා වහාම "අමුඩ ගස්සවා" කූඩුවට දැම්මා නම්... අද අපේ රටට මෙවැනි ව්‍යවසනයක් සිදුනොවීමට ඉඩ තිබුණා. මේ රනිල් දැනුත් කරන්නේ හොරුන් බේරා රට වලපල්ලට යැවීමයි...

:       3       23

විපරමා Wednesday, 18 May 2022 04:29 PM

ඩොලර් නෑ කියලා අපිට කියන්නේ අපිද ඕවට පලි.රටම හොරාකාපු දුශිත පවුල් පාලනේ උන්ගෙන් අය කර ගන්ඩ බැරියැ .

:       1       17

fairoos Wednesday, 18 May 2022 04:50 PM

ඔබතුමා පුළුවන් කියලනේ බාරගත්තේ... දැන් නැහැ කියලා හරියන්නේ නැහැ... මිනිස්සු ඊළඟ පාර එන්නේ ඔබතුමාගේ ගෙදර තමයි.

:       2       19

සිල්වා Wednesday, 18 May 2022 04:52 PM

ණය ගන්නත් බෑ... ණය ගෙවන්නත් බෑ... යයි අඬ අඬා ඉන්නද ආණ්ඩුව බාර ගත්තේ..? රට විරුවන්ගෙන් ඩොලර් ලබාගැනීමට නම් ජනතාවගේ විශ්වාසය දිනූ ආණ්ඩුවක් පත් වෙන්න ඉඩහැර පැත්තකට වෙන්න...!

:       1       20

Demuni Uduwara Wednesday, 18 May 2022 05:25 PM

මොනවද හොරකම් කරලා තියෙන්නේ කියලා ඔබගේ මිත්‍ර මහින්දට කියන්න..!

:       0       12

Kanthi Wednesday, 18 May 2022 06:36 PM

2019 ඩොලර් බිලියන 7ක් තිබිච්ච ඩොලර් සංචිතවලට මොකද වුනේ..? රනිල් වික්‍රමසිංහ ඇත්තටම ජනතාවට ආදරේ නම් පටන් ගන්න විගණනයක්. ජනතාවත්, රටත් බේරගන්න අවංක උත්සාහයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න.

:       0       6

බද්රානි Wednesday, 18 May 2022 07:43 PM

ඇයි, අර කොරෝනා වසංගත සමයේ විදේශගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ගසාකාපු ඩොලර් නැද්ද? මැදපෙරදිග රටවල කාන්තාවන් අසරණ වෙලා ඉද්දී ලංකාවේ ගුවන් තොටුපොළ වහලා ඔය මහලොකු රට බේරාගත්තා අමතකද? ලෝකෙන්ම හිඟනම ජාතිය සිංහල වෙන තාක්කල් ඒ ශාපය කාටවත් වළක්වන්න බැහැ. කෝ එදා ඔය දැන් ලෝකෙන්ම හිඟන මහත්තුරු කොහෙද හිටියේ? මට නම් හරිම සතුටුයි, ලෝකෙට ලොක්කෝ කියලා හිතාගෙන ඉන්න සිංහල මහත්තුරු ලෝකෙන් හිඟාකනකොට. තමන්ගේ ජාතියේ ශාපයෙන් නුඹලාට ගොඩ ඒමක් නැහැ.. මහත්තයෝ..!!!

:       2       10

sugathWednesday, 18 May 2022 08:38 PM

කොරෝනා වසංගත සමයේදී විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හට කුඩම්මාගේ සැලකිලි දැක්වූ රජය, අද ඔවුන්ට ඩොලර් එවන්ට යයි බැගෑපත් වීම දෛවයේ සරදමක්...

:       0       10

SBDWednesday, 18 May 2022 10:42 PM

ඔබ කියන දේ සාදාරණයි . මට තිබෙන කණගාටුව මේ රටේ හෙට දවස බාරගන්න ඉන්න දරුවන් ගැන, නැතුව මේ සක්කිලි දේසපාලුවන් සහ උන්ගේ බත් බැලයන් ගැන නොවේ. අපි එකතුව මේ දරුවන් සදහා මේ රට මේ අගාදයෙන් ගොඩ ගත යුතු බවත් එය ඔබ, මම නොකරනවානම් වෙන කවුරුන් කරන්නද.? පිටරට සිටින ශ්‍රී ලාංකිකයන්ට අපේ රටෙන්ම සලකපු විදිහ වැරදි උවත්, සතුරකුට වුවත් උවදුරකදී පිහිටවීම උතුම් ගුණයක් බැවින් අපි එකමුතුව පිහිටවෙමු "අපේ එවුන්ට".

:       0       0

pakeer Wednesday, 18 May 2022 08:11 PM

රනිල් මහත්තයෝ, මේ රටම එකපාර විකුණන්න... මට නම් මේක දැන් කවුරු පාලනය කළත් කමක් නැහැ. නිදහසේ ඉන්න ඕනේ... අපිට ඉන්න කියලා. මෙහෙම දෙයක් නම් වැඩක් නැහැ. අපි මේ අසුචි වලේ ඉන්න පණුවෝ වගේ... අපේ කිය කිය රකිනවා. මේක විකුණලා ඕන කෙනෙකුට පාලනය කරන් ඉන්න පුළුවන් මාර්ගයක් බලන්න දැන්...

:       0       7

Lasantha Thursday, 19 May 2022 09:21 AM

කමක් නෑ ඕගොල්ලො කාලා ඇඳලා ජීවත් වෙන්නකෝ.... අපි මොන හරි කරගන්නම්....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 44 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 421 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 864 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site