IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘ලංකාවේ ඡන්දයක්:පරෙස්සමින් ඇවිදින්නලු‘

මේ දිනවල ශ්‍රී ලංකාවේ  සංචාරය කරන   බ්‍රිතාන්‍ය ජාතිකයින් වඩාත් සැලකිල්ලෙන් සිටින්නැයි  බ්‍රිතාන්‍ය විදේශ   සහ පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලය සංචාරක උපදේශනයක් නිකුත් කරමින් කියා සිටි.

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඉලක්ක කර ගනිමින්  නිකුත් කර ඇති මෙම සංචාරක උපදේශනයේ  සඳහන් වන්නේ දේශපාලන රැස්වීම්,පෙළපාලි  පැවැත්වෙන ස්ථාන මඟහරිමින් සංචාරය කරන ලෙසය.

දේශපාලන රැස්වීම් සහ පෙළපාළි  අතරතුර ගැටුම්කාරී තත්ත්වයන්  ඇති විය හැකි බැවින්  ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව පොදු රාජ්‍ය මණ්ඩලීය කාර්යාලය සිය වැසියන්ට අවවාද කරයි.

 



අදහස් (0)

‘ලංකාවේ ඡන්දයක්:පරෙස්සමින් ඇවිදින්නලු‘

දිනේෂ් Tuesday, 02 December 2014 02:20 PM

ඡන්දෙන් පස්සෙත් බටලන්ද වගේ තියෙයි.හැබයි මේ රටේ ජනතාව බුද්දිමත්.2010 ත් අපි ඕක දැක්ක, (ස)

:       0       0

නිහාල් Wednesday, 03 December 2014 08:00 AM

එංගලන්තයේ ඡන්ද කාලයට කව්රුවත් ගහගනේ වත් මිනීමරා ගන්නෙවත් නැහැ (නදී)

:       0       0

සුගන්ධි-ලංඩන් Tuesday, 02 December 2014 03:16 PM

කතාව හරියටම හරි (නදී)

:       0       0

ලීල් Tuesday, 02 December 2014 03:25 PM

පිටරැටිය අපි ගැන හිතන් ඉන්න හැටි දැන් හොඳහැටි පැහැදිලී. දෙපැත්තම ඡන්දෙ කරන අය රටගැන හිතන්න පටන්ගන්න. නැත්නම් ඡන්ද කරන්න රටක් ඉතුරු වෙන එකක් නැහැ. (ස)

:       0       0

චානක. Tuesday, 02 December 2014 03:27 PM

කොහොමද පෙරදිග මුතු ඇටයට ලැබෙන සම්මාන. (ස)

:       0       0

ෂේමිනි Tuesday, 02 December 2014 03:52 PM

ඔවු..ඔවු.. ටින්ටෙක්ස් ඇන ඇති බලාගෙන. (ස)

:       0       0

චානක. Tuesday, 02 December 2014 03:53 PM

රට සංවර්දනය කලේ මම..... අපි.... කියල කියනවා වගේම .......මේ චෝදනා කර තිබෙන චෝදනාත් මම...... අපි..... කරන්නේ කියා පිලිගන්නවා නේද ආයුබෝවන්... (ස)

:       0       0

රූපවතී Wednesday, 03 December 2014 08:33 AM

ලෝකයේ ඇස් අතර අපේ රට නැවතිලා තියෙන්නේ අපැහැදිලි පින්තූරයක් මත. රට ඇතුළේ ඉන්න අයම කුළල් කාගනිද්දී මොන දියුණුවක්ද? ඇති සංචාරකයෝ වර්ජන නොකරන එක. ලැජ්ජා වෙන්න ඕනෑ මේවා ගැන. (නි)

:       0       0

මහින්ද කේ ගොඩගේ සී ෂෙල්ස් Tuesday, 02 December 2014 04:29 PM

ඩයස් පෝරාවේ අවවාදයක්ද දන්නේ නෑ ලක්වැසි සැමත් පරිස්සම් වෙන එක හොදයි.(ම)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 02 December 2014 06:16 PM

ඔව් ඔව් අර තංගල්ලේදී සංචාරක කාන්තාවට උනා වගේ දෙයක් ආයෙත් වුනොත්. (නදී)

:       0       0

හෆීල් Wednesday, 03 December 2014 03:53 PM

කොහොමද අපි ගැන තක්සේරු කරලා තියන්නේ? (නි)

:       0       0

සරත් Wednesday, 03 December 2014 09:56 AM

ඡන්දයක් තියෙන්නටම ඕන නැහැ පරිස්සම් වෙන්න. (ර)

:       0       0

නිසාර් Tuesday, 02 December 2014 11:05 AM

එයාලා අනන්තය දක්වා ජීවත් වෙන්න ඉන්න අයනේ. (අ)

:       0       0

සරත් Tuesday, 02 December 2014 11:07 AM

මාලක සිල්වා එළියේ(අ)

:       0       0

සත්‍යපාල Tuesday, 02 December 2014 11:16 AM

දැන් අපේ කට්ටිය කියයිද දන්නේ නැහැ ලංකාවේ ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න හදන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා මේක !(ම)

:       0       0

අනිල් රෝහණ Tuesday, 02 December 2014 11:24 AM

නැ නැ ඔයාල කියන්නේ බොරු රටක් උනාම තමන්ගේ මහජනතාවට අවවාද කරන්නෝන යු කේ රජය කිවේ ලංකාවට නිවාඩුවකට හෝ විනෝදෙට සැහැල්ලු චාරිකාවකට යනවනම් ජනවාරි මාසයේ යන්න එපා ඊට කලින් හෝ පසුව යන්න කියලයි වැරදි අදහස් දෙන්නෙපා (අ)

:       0       0

පාලිත Wednesday, 03 December 2014 06:50 AM

කොහොමද අපේ වැඩ කිඩ? (නි)

:       0       0

උපජීව Tuesday, 02 December 2014 11:27 AM

ආඩම්බරයි අම්බානක ආඩම්බර්රයි අපගේ ජනතාවගේ හැසිරීම ගැන (අ)

:       0       0

චන්දන Tuesday, 02 December 2014 12:19 PM

අපේ රටට සංචාරකයෝ වැඩිපුරම එන මාස ටික තමා දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි. දැන් මේ ඡන්දෙ හින්දා රටට හම්බවෙන්න තිබ්බ කෝටි ගාණක ආදායම නැති වෙනවා මේ අනවශ්‍ය ඡන්දෙ හින්දා.(නදී)

:       0       0

සරත් පියසේන Tuesday, 02 December 2014 12:25 PM

හැම තැනම පොලිතින් ,කටඅවුට් ,රටේ පරිසරය අත් විඳින්න බැරි නිසා වෙන්න ඇති එහෙම කියන්නේ .(හේ)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Tuesday, 02 December 2014 12:26 PM

බය වෙන්න එපා සුද්දනේ මහින්ද මහත්තයට පින් සිද්දවෙන්න ඒ කලේ ඉවරයි දැන්. (ස)

:       0       0

දසුනි Tuesday, 02 December 2014 12:39 PM

පොදු අපේක්ෂකයාගේ නම නොකිය ඉන්නවනම් බය නැතුව එන්න කියන්න.පෝස්ටර් ප්‍රමාණය දැකල බය වෙන්න එපා කියන්න.එ්ක තමා දෙන්න පුළුවන් ලොකුම උපදෙස. (ස)

:       0       0

නලීන් Wednesday, 03 December 2014 11:40 AM

බ්‍රිතාන්‍යයේ කළු සුදු මිනිස් ගැටුම් බලාගෙන අපි සංචාරය කරන්නේත් මේ වගේ තමයි (නි)

:       0       0

සමන් Tuesday, 02 December 2014 01:15 PM

මේ වැනසෙන්නේ ඔබෙත් මගෙත් දරුවගේ අනාගතය නේද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site