මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කරන බ්‍රිතාන්‍ය ජාතිකයින් වඩාත් සැලකිල්ලෙන් සිටින්නැයි බ්‍රිතාන්‍ය විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලය සංචාරක උපදේශනයක් නිකුත් කරමින් කියා සිටි.
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඉලක්ක කර ගනිමින් නිකුත් කර ඇති මෙම සංචාරක උපදේශනයේ සඳහන් වන්නේ දේශපාලන රැස්වීම්,පෙළපාලි පැවැත්වෙන ස්ථාන මඟහරිමින් සංචාරය කරන ලෙසය.
දේශපාලන රැස්වීම් සහ පෙළපාළි අතරතුර ගැටුම්කාරී තත්ත්වයන් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව පොදු රාජ්‍ය මණ්ඩලීය කාර්යාලය සිය වැසියන්ට අවවාද කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙන් පස්සෙත් බටලන්ද වගේ තියෙයි.හැබයි මේ රටේ ජනතාව බුද්දිමත්.2010 ත් අපි ඕක දැක්ක, (ස)
එංගලන්තයේ ඡන්ද කාලයට කව්රුවත් ගහගනේ වත් මිනීමරා ගන්නෙවත් නැහැ (නදී)
කතාව හරියටම හරි (නදී)
පිටරැටිය අපි ගැන හිතන් ඉන්න හැටි දැන් හොඳහැටි පැහැදිලී. දෙපැත්තම ඡන්දෙ කරන අය රටගැන හිතන්න පටන්ගන්න. නැත්නම් ඡන්ද කරන්න රටක් ඉතුරු වෙන එකක් නැහැ. (ස)
කොහොමද පෙරදිග මුතු ඇටයට ලැබෙන සම්මාන. (ස)
ඔවු..ඔවු.. ටින්ටෙක්ස් ඇන ඇති බලාගෙන. (ස)
රට සංවර්දනය කලේ මම..... අපි.... කියල කියනවා වගේම .......මේ චෝදනා කර තිබෙන චෝදනාත් මම...... අපි..... කරන්නේ කියා පිලිගන්නවා නේද ආයුබෝවන්... (ස)
ලෝකයේ ඇස් අතර අපේ රට නැවතිලා තියෙන්නේ අපැහැදිලි පින්තූරයක් මත. රට ඇතුළේ ඉන්න අයම කුළල් කාගනිද්දී මොන දියුණුවක්ද? ඇති සංචාරකයෝ වර්ජන නොකරන එක. ලැජ්ජා වෙන්න ඕනෑ මේවා ගැන. (නි)
ඩයස් පෝරාවේ අවවාදයක්ද දන්නේ නෑ ලක්වැසි සැමත් පරිස්සම් වෙන එක හොදයි.(ම)
ඔව් ඔව් අර තංගල්ලේදී සංචාරක කාන්තාවට උනා වගේ දෙයක් ආයෙත් වුනොත්. (නදී)
කොහොමද අපි ගැන තක්සේරු කරලා තියන්නේ? (නි)
ඡන්දයක් තියෙන්නටම ඕන නැහැ පරිස්සම් වෙන්න. (ර)
එයාලා අනන්තය දක්වා ජීවත් වෙන්න ඉන්න අයනේ. (අ)
මාලක සිල්වා එළියේ(අ)
දැන් අපේ කට්ටිය කියයිද දන්නේ නැහැ ලංකාවේ ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න හදන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා මේක !(ම)
නැ නැ ඔයාල කියන්නේ බොරු රටක් උනාම තමන්ගේ මහජනතාවට අවවාද කරන්නෝන යු කේ රජය කිවේ ලංකාවට නිවාඩුවකට හෝ විනෝදෙට සැහැල්ලු චාරිකාවකට යනවනම් ජනවාරි මාසයේ යන්න එපා ඊට කලින් හෝ පසුව යන්න කියලයි වැරදි අදහස් දෙන්නෙපා (අ)
කොහොමද අපේ වැඩ කිඩ? (නි)
ආඩම්බරයි අම්බානක ආඩම්බර්රයි අපගේ ජනතාවගේ හැසිරීම ගැන (අ)
අපේ රටට සංචාරකයෝ වැඩිපුරම එන මාස ටික තමා දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි. දැන් මේ ඡන්දෙ හින්දා රටට හම්බවෙන්න තිබ්බ කෝටි ගාණක ආදායම නැති වෙනවා මේ අනවශ්‍ය ඡන්දෙ හින්දා.(නදී)
හැම තැනම පොලිතින් ,කටඅවුට් ,රටේ පරිසරය අත් විඳින්න බැරි නිසා වෙන්න ඇති එහෙම කියන්නේ .(හේ)
බය වෙන්න එපා සුද්දනේ මහින්ද මහත්තයට පින් සිද්දවෙන්න ඒ කලේ ඉවරයි දැන්. (ස)
පොදු අපේක්ෂකයාගේ නම නොකිය ඉන්නවනම් බය නැතුව එන්න කියන්න.පෝස්ටර් ප්‍රමාණය දැකල බය වෙන්න එපා කියන්න.එ්ක තමා දෙන්න පුළුවන් ලොකුම උපදෙස. (ස)
බ්‍රිතාන්‍යයේ කළු සුදු මිනිස් ගැටුම් බලාගෙන අපි සංචාරය කරන්නේත් මේ වගේ තමයි (නි)
මේ වැනසෙන්නේ ඔබෙත් මගෙත් දරුවගේ අනාගතය නේද? (නදී)