ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පත් කළ විද්වත් කමිටු වාර්තාව සැප්තැම්බර් මාසයේ දී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමෙන් පසු වගවීම හා ප‍්‍රතිසන්ධානය සම්බන්ධයෙන් විශ්වාසදායී යාන්ත‍්‍රණයක් ඇති කිරීම සඳහා ලක් රජය සමඟ දිගටම කටයුතු කිරීමට මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් තීරණය කර ඇතැයි ජිනීවා තානාපති ආරංචි මාර්ග වාර්තා පවසයි.
යුද්ධයේ අවසන් අදියරේදී සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් සහ යුද අපරාධ පිළිබදව හිටපු ආරක්ෂක ලේකම්, හිටපු යුද හමුදාපති ඇතුළු රජයේ බලධාරීන් කිහිපදෙනෙකුට එම විද්වත් කමිටු වාර්තාවෙන් චෝදනා නැගුණ ද එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියට අනුව වසර 30 ගතවන තුරු ඔවුන්ට එරෙහිව කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගැනෙන බැවින් මෙලෙස ශ්‍රී ලංකා රජය සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමට මානව හිමිකම් මහකොමසාරිස් වරයා තීන්දු කර ඇතැයි පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි මෛත්‍රී වෙනස් වෙයිද දන්නේ නැහැ. (ම)
අනිවාර්යෙන්ම සොයා බැලිය යුතුයි..(හේ)
ඇමරිකාව, යුරෝපය වැනි ප්‍රජාතාන්ත්‍රවාදී රටවල් අපි වැනි රටවල මානව හිමිකම් රකින්න දක්වන උනන්දුව අගය කරනවා... (හේ)
මේ අය අන් රටවල කරන මිනී මැරීම් ගැන හොයන්නේ මොකාද?(හේ)
ඇමෙරිකාවේ කඩවන මානව හිමිකම් ගැන බලන්නේ කවුද ??? අපිද ?(හේ)
නිව්යෝක් චාමර කියන විධියට ඇමරිකාවේ මානවහිමිකම් රැකෙනවා ඇති. හැබැයි ඔවුන් තමුන්ගේ දේශපාලන අවශ්‍යතා මත ලෝකේ අනිත් හැමෝගෙම මානව හිමිකම් වනසනවා තිරයෙන් පිටුපස ඉඳගෙන. (ර)
ඇමරිකාව ඇතුලේ නම් කාගේවත් මානව හිමිකම් කඩවෙන්නෙ නෑ තිලක්... ඔයා වැස්සකටවත් ඇමරිකාවට ගිහිල්ල තියෙනවද? (නදී)
නාමල්,කොකා හරි ඉහළින් පියාඹනවා. සුදත්ට ඇමරිකාවේ පුරවැසිභාවයක් දුන්නා නම් හරි. (නි)
සමහර අය හිතන්නේ ඇමෙරිකාව යුරෝපය අපේ රටට උදව් කරයි කියලා. (නි)
ලෝකයේ රටවල් වලින් ලංකාවේ විතරද මානව හිමිකම් කඩකළේ? අනේ ඇත්තටම මේ මිනිසුන්ට වෙන කරන්න දේවල් නැද්ද? (නි)