ශ්රී ලංකාවේ කෑම හිගයක් පවතින බවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඔරොත්තු නොදෙන තරමට ඉහළ ගොස් ඇති බවත් කියමින් වව්නියාවේ හා යාපනයේ සිව් දෙනකු අනවසර බෝට්ටුවකින් අනවසරයෙන් ධනුෂ්කොඩියේ පැමිණ ඇතැයි ඉන්දියා පොලීසිය කියයි.
තමන් මෙම ගමන සඳහා ඉන්දියා රුපියල් 20000 ක් (රුපියල් 43672) ගෙවු බව ශාන්ති ,මලර් ,සබේෂ් හා සුබියා පැවසුහ.ඔවුහු මණ්ඩපම් අසල සරණාගත කඳවුරකට යවනු ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්රු මොනවා කීවත් කන්න නැහැ කියන කතන්දරේ ඇත්ත. බොහොම සුළුතරයක් අහිංසක මනුස්සයාගේ ශ්‍රමයෙන් සුර සැප විදිද්දී බහුතරයක් ලෙවකනවා කීවොත් මෙතන සිටින අය මා සමග අමනාප නොවෙවී.අත මිට සරු කෙනාට ඕක තේරෙන්නේ නැහැ (දී)
හැමෝගෙම අදහස් කියෙව්වට පස්සේ ..හිතට හරි සැහැල්ලුවක් දැනුනා .. හැමෝගෙම අදහස් වලට මම එකගයි...? ඇත්තටම අපේ රටේ බහුතරයක් මිනිසුන් දරු පැටව්නුත් සමග අසරණ කම කියාගන්න බැරිව නොමැරී ජීවත් වෙනවා ..පසුගිය කාලේ එක්තරා මාද්‍යකින් මා දුටුවා දුප්පත් පව්ලක දරුවන් 4 දෙනා සමග ජීවත්වෙන පව්ලක් ,දරුවෝ පාසල් ඇරී ගෙදර විත් දිවා ආහාරයට යමක් නැතිව ..තම ගෙවත්තේ කැකිරි වැලේ ගෙඩි කඩන් කාල දවස ගෙවන වග, ඉතින් තව කොපමණ මිනිසුන් ඇතිද අපි නොදන්නා දුක් ගැහැට විදිමින් නොමැරී ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ ...? (දී)
සමහර විට මේ උදවිය ජය ලලිතා මහත්මිය දුටුවාම තමිල් නාඩුව ආහාර පාන වලින් ස්වයන්පොෂිත කියලා හිතෙන්න ඇති. (නදී)
අපි නම් හොඳට කනවා (නි)
ගිහිල්ලා බලන්නකෝ ඉන්දියාවේ කෑම හොඳද කියලා. කන්න නැතත් ලංකාව මට නම් සුරපුරයක් (නි)
අද යුද්ධය අවසන් වෙලත් මිනිසුන්ගේ හිතේ කිසිම සතුටක් නැතුවා වගෙයි (නි)
සමහරුන්ගේ වැඩ නිසා දැන් ලංකාවේ තත්ත්වය එච්චර සුභ නැහැ. ඉස්සරහට මොනවා කරන්න වෙයිද මන්දා? (නි)
කවුද කියන්නේ ලංකාවේ දැන් කන්න අඳින්න තියෙනවා කියලා? රටේ මිනිසුන් තුන් වේල කාලා ඇඳලා සතුටින් ඉන්නවා කියලා? (නි)
අනේ අර කවුද කෙනෙක් කිව්වේ මාසයකට 2500/-න් හොඳට ජීවත්වෙන්න පුළුවන් කියලා. එයාගෙන් පොඩි උපදේශයක් ගන්නකො! (නි)
තව යන අය ඉන්නවා නම් අපි අතින් සල්ලි දීලා හරි යවමු (නි)
ලංකාවේ කන්න නැහැ කියන කතාවනම් බොරු (දී)
බොරුනේ.ලංකාවේ ඕනෑ තරම් කන්න තිබෙනවා. නමුත් ඒවා ගන්න අපි ළඟ මුදල් නැහැ. එහෙම කිවුවොත් නම් මමත් එකඟයි. බලන්නකෝ ඇති හැකි එකා කාලා වැඩිවෙලා අහක දමන තරම්. (නි)
අපිට නම් ඕනෑතරම් තියෙනවා කන්න (නි)
එහෙනම් ඉතින් ලංකාවේ උද්දමනය ගිය අවුරුදු වලට වඩා අඩුයි කියලා කියන්නේ? (නි)
මෙතන කයිය ගහන හැමෝම හිතා ඉන්නේ පරණ ඉන්දියාව තාම තියෙන්නේ කියලා. ඔවුන් ඉතා වේගයෙන් දියුණු වෙනවා. (නි)
මම නම් හිතන්නේ මේ කට්ටිය ඉන්දියාවට ගියේ ඉන්දියාවෙන් බෝට්ටුවකට නැගලා ඔස්ට්‍රේලියාවට යන්න. දැන් ලංකාවේ නාවික හමුදාවෙන් මුර සේවය වැඩි කරලා නිසා ලංකාවේ ඉදන් ඔස්ට්‍රේලියාවට බෝට්ටු වලින් යාම අමාරු බව තේරිලා ඇති. පහු ගිය දවස් වල ඔස්ට්‍රේලියාවට ආපු බෝට්ටුව ආවෙත් ඉන්දියාවේ ඉදලා. (නදී)
මහත්තයෝ, මෙහෙ අපිට කන්න වැඩියි දැන්. ඒ නිසා අපි කාර් රේස් බලන්නත් යනවා. (නි)
මංගල ඔබ ඉතාම නිවැරදියි. (නදී)
මෙතන අදහස් දාල තියෙන වැඩි දෙනෙක් ටිකක් වත් කල්පනා කරල නම් නෙවෙයි අදහස් දාලා තියෙන්නේ. කටට සහ අතට ආව පලියට ලියලා දාන්න එපා. මේ හතරදෙනා යන්නේ ඉන්දියාවටද, නැත්නම් වෙන කොහෙටවත්ද. මේ ගොල්ල ඉස්සරවෙලා 43000 දීලා ඉන්දියාවට යනවා, එතනින් ලක්ෂ ගානක් දීලා යුරෝපෙට, කැනඩාවට, අමෙරිකාවට, බ්‍රිතාන්‍යයට ආදී වශයෙන් ලෝක ත්‍රස්තවාදයට උදව් දෙන රටවලට යනවා. එතන ඉදන් කියන්නෙ කන්න නැ කියලා නෙවෙයි, මානව හිමිකම් නැහැ කියලා. කරුණාකරලා කොමෙන්ට් දානකොට අර පක්ෂයේ ජන්ම පුරුද්ද ඇගට ගන්න එපා. ඉපදුන රට ගැනත් ටිකක් හිතන්න පුරුදුවෙන්න. (නදී)
අනේ පෙරේරා මහත්තයෝ, පරණ ඉන්දියා වෙයි දැන් ඉන්දියා වෙයි වෙනස මොකක්ද. ඒ කාලෙත් එහෙ මහරාජා වරු හිටිය අදත් ඉන්නවා. අනෙක් අතට කවුරු හරි කාල වීසිකරපු එක ඇහිද ගන්න කට්ටියක් ගුටි කෙල ගන්නවා. (නදී)
කන්න නම් ඕනෑතරම් තියෙනවා, ගන්න සල්ලි තියෙනවා නම් (නි)
අනේ අපිට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ (නි)
ලංකාවේ කන්න නැහැ කියලා යුරෝපයේත් සරණාගත වීසා ඉල්ලයි තව ටික දවසකින් (නි)
කෑම නැද්ද කියලා බලන්න පුලුවන් දැන් තියෙන ෆුඩ් සිටියකට ගොඩවැදුනා නම් (නි)
ටෙනිසන්ගේ කතාව හරි. (නි)
කන්ඩ නැත්තම් වහා කනවා හොඳයි නේද රට පාවා දෙන්නේ නැතුව. (නදී)
ටෙනිසොන්, තව අවුරුදු විසි පහකින් බලන්නකෝ, කොහොමද කියලා. ඔවුන් සැම වසර අටකට, ආර්ථිකය දෙගුණයක් දියුණු කරනවා, මම ගිය සුමානේ ගියා. ඔවුන් මම ඉන්න ඕස්ට්‍රේලියාව ඉතා ඉක්මනින් අභිබවනවා.(නදී)
තේ කහට කෝප්පය බීල පාසල් යන අසරණ දරුවන් ලක්ෂ ගානක් ලංකාවේ ජීවත් වෙනවා. ලංකාවේ 45% ක් දරුවන් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. 40% ක් ගැබිණි මව්වරු රක්ත හීනතාවයෙන් පෙළෙනවා. මේවා පුවත් පත් වලින්ම හෙළි කරන දේවල්නේ. (නදී)
තව ඉල්ලන ගානක් දෙන්නම් ඔහෙටම වෙලා ඉන්න,ඔහේ තියනවා ඕනේ තරම් කන්න (දී)
කාර් රේස් තියන්න අපේ බදු සල්ලි ඉවරයි. (නදී)
මංගලගේ කතාව ඇත්ත තමයි (නි)
කල්ලතෝනි ඔහොම තමා (නදී)
මංගලගේ අදහස් සමග එකඟ වෙන්න බැහැ. කන්න නැතිව අඳින්න නැතිව රට ගැන මිනිස්සු හිතන්නේ නුදුරු අනාගතයේදී ප්‍රශ්න විසඳේවි කියන බලාපොරොත්තුව තියේනම් පමණි. බලාපොරොත්තුවක් වත් නැති තැන මිනිස්සු රට අත්හැරලා යනවා. රට ගැන මිනිස්සු හිතන්නේ තමන් ගැන හිතුවාට පස්සේ. තිත්ත උනත් ඇත්ත එ්කයි. අපේ රට හදන්න ලොක්කන්ට වත් බුද්ධිමතුන්ටවත් උවමනා නැහැ. අපේ රට කරවන දේශපාලකයෝම කීදෙනෙක් විදෙස් රටවල පුරවැසියෝද? දේශප්‍රේමය තිබිය යුත්තේ අපි වගේ දුප්පතුන් ලඟ නොවෙයි රට කරවන දේශපාලකයෝ ළඟ. (ස)
ලංකාවේ දිස්ත්‍රික්ක 3-4 ක හැරෙන්න අනිකුත් ප්‍රදේශ වල මිනිස්සුන්ට කන්න නැහැ. සල්ලි නැහැ කියල කියන්න ලජ්ජා වෙන්නේ මොකටද? (නදී)
හොද වෙලාවට අපි යුද්දය ඉවර උන දවස් වලදීම මැද පෙරදිගට පැන ගත්තේ. ඒ නිසා අපේ පවුල් වල අයට නම් කන්න අදින්න ප්‍රස්නයක් නැහැ. ලංකාවේ හිටියනම් කන්න නෙමයි වහ කන්න සිද්ද වෙන්නේ. (නදී)
ලංකාවේ 2% බුදු සැප විදිද්දී 98% අමා දුක් විදිනවා. හෙට දරුවන්ට කන්න දෙන්නේ මොනවද කියල දස දහස් වාරයක් මැරී මැරී උපදිනවා. (නදී)
ආසියාවේ සතුටින්ම ඉන්න අය ඉන්නේ ලංකාවේ කියල මොකක්දෝ සගරාවකින් හෙළි කලා නේද? (නදී)
කන්න නැ කියලා යන්නේ මාර තැනකටනේ. (නදී)
ලංකාවේ හිගන්නෝ දවසට 5000 හොයනවා. නරකද ඒ ජොබ් එක කොලොත්. (නදී)
කන්න නැති කතා ඇත්ත මොකද මාස පඩිය විතරක් අරගෙන ජිවත් වෙන්න බෑ. හාල්ව මිල රු. 70,80 .කිරි පිටි රු.900.00 වැඩි. පොල් රු. 55, රටේ අපට ලෙඩ. (ස)
චමින්ද මටත් ඔය ටික හිතුනා. දැන් ඔය ලංකාවේ පුත්තලම මීගමුව ප්‍රදේශවලට ඇවිල්ල ඉන්නවා කියන පකිස්තානුවොත් ඔස්ට්‍රේලියාවට යන්න බලාගෙන ආපු උදවිය විය හැකියි. එහෙම දේවල් මීට කලින් සිදුවී ඇති බව මාත් සමග කීවෙත් මෙහි සිටින පකිස්තානුවෙක්මයි. . (දී)
ඒ ගෙන මොකට කියනවද? අපිට තියන අමාරුකම් දන්නේ අපි තමා. ඉක්මනින් අතවශ්‍ය ආහාරවල මිල අඩු කිරීමට පියවර ගත යුතුයි. කඩේට ගිහින් ගණන් අහපුවහම එලොව පොල් පේනවා (දී)
ඉන්දියාවෙන් බැරිනම් ඉතියෝපියාවෙන් විදේශ ආදාර අරගෙන හරි කමක් නැහැ බඩු මිල අඩු කලයුතුයි. කන්න තිබුනත් කන්න සල්ලි තමා නැත්තේ. (දී)
ලංකාවේ කන්න නැහැ.....එතකොට අපි කන්නේ (දී)
අපිටත් යන්න පුළුවන් නම් යනවා අපේ සල්ලි වලට වෙන දේ දෙය්යෝ තම දන්නේ. කොච්චර තිබුනත් ඉතුරු නැ. අනේ මන්ද තව ටික දවසක් බලල මාත් යනවා. (දී)
මටත් ඒ බෝට්ටු කාරයව අදුරලා දෙන්නකෝ .8500 අපිට ජීවත් වෙන්න අමාරුයි. (දී)
නජිත් අපි බඩපිරෙන්න කන්නේ පරිප්පුනේ නැද්ද ? (දී)
ඒ කදවුරේ කෑම බීම හොදද ? හොදනම් අපිත් එනවා. මේ ගිනිගණන් කෑම ගන්න සල්ලි කොහෙද?පිටි පැකට් එක කීයද ? (දී)
පලා බබාලට එයාලගේ වැඩවලට, හා රජයේ හොර මගඩි ගහන ආයතන වල, නාස්ති වන සල්ලි වලින් පුළුවන් රටට කන්න දෙන්න. (දී)
ලංකාවේ කන්නද නැත්තේ. නැත්නම් කළමනාකරණයද නැත්තේ? (නදී)
නජිත් මෙතන කතා කරන්නේ ජරාව කාල ජිවත් වෙන අය ගැන නෙමෙයි. මාසේ පඩියෙන් ජීවත්වෙන අය ගැනයි. (දී)
මටනම් පෙන්නේ මේ කට්ටිය මොකද්දෝ හොර බිස්නස් එහෙකට එන්න ඇති.අහු වුනාට පස්සේ හෙන බොරුවක් අත හැරියා. (දී)
මමත් එනවා (දී)
ඔයාලා කලබල වෙන්න එපා. එයාලට කන්න සල්ලි නැති දුප්පත් අය තමා. බෝට්ටු සවාරි යන්න දුන්න රු.43672 කියන්නේ පාන් ගෙඩියක්වත් ගන්න පුලුවන් මුදලක්ද? නේද? ඔය ඒ අයගේ ගමනේ අවසානය නොව ආරම්භය පමණි. (නි)
කන්න නැති අපි කොහෙන්ද පුසෝ යන්න 43672 ක් හොයාගන්නේ. (දී)
චපාති ද දන්නේ නැහැ (දී)