
(අංජුල මහික වීරරත්න)
පොදු රාජ්‍ය මණ්ඩලීය ආයතනයකින් ලබා දෙන මුල්‍ය ප්‍රදානයන් මඟින් කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2023 වර්ෂයේදී පොදු රාජ්‍ය මණ්ඩලයීය Blue Charter Project incubator ආයතනය විසින් කඩොලාන සංරක්ෂණය වෙනුවෙන් ප්‍රදානයන් ලබා දීම සඳහා සොදුරාජ්‍ය මණ්ඩලීය රට වලින් ව්‍යාපෘති යෝජනා කැඳවා ඇත. ඒ සඳහා ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ව්‍යාපෘති යෝජනා 2 ක් පොදු රාජ්‍ය මණ්ඩලීය Blue Charter Project Incubator ආයතනය විසින් තෝරාගනු ලැබ තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ කඩොලානයන්හි මූලික කාබන් නියැදිය ගණනය කිරීමේ ව්‍යාපෘතිය සහ කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේදී මුල් සංක්‍රමණිකයන් පිළිබඳව අධ්‍යයනය කිරීම සහ සැටලයිට් හා ඩ්‍රෝන තාක්ෂණය ආධාරයෙන් කඩොලාන සහ මුහුදු තෘණ අතරමැදි කලාපය සිතියම්ගත කිරීමේ ව්‍යාපෘතිය සඳහා ප්‍රදානයන් ලබා දීමට එම ආතනය විසින් තීරණය කරනු ලැබ ඇත.
එකී ව්‍යාපෘතීන් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කිරීමටත්, ඒ අනුව අදාල ගිවිසුම් වලට එළඹීම පිණිසත් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කෙළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩොලාන කෙසේ වෙතත් කාලකන්නි ටික කරන හොරකම් නතර කිරිමට සහයව ලැබෙනවා නම් සියලු දේ ආරක්ෂා කරගත හැකි වේවි.