IMG-LOGO watawala

2024 මැයි මස 21 වන අඟහරුවාදා


ලංකාව ඉන්දියාවෙන් ආරක්ෂාව ඉල්ලයි

මහනුවරින් වන්දනා නඩයක් සමග දඹදිව ගිය හිමිනමකට තමිල්නාඩුවේ චෙන්නායි මධ්‍යම දුම්රිය පොළේදී එල්ලවූ අමාණුශික ප්‍රහාරය සම්බන්ධයෙන් වහාම පියවර ගෙන ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සලසන ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය ඉන්දියා රජයෙන් ඉල්ලීමක් කළේය.

චෙන්නායි දුම්රිය පොළට ආ චෙන්නායි ශීඝ්‍රග්‍රාමී දුම්රියේදී මුල්ම ප්‍රහාරය ඉල්ල විය. කොටි හිතවදීන්ගේ දරුණු පහරකීමට ලක්වූ මහනුවර හිමි නම පණ බේරා ගැනීම සඳහා දුම්රිය පොළේ දීව්වේය. ඇද වැටුනේය. ආරක්ෂාව පතා ඒ හිමියනට ගත හැකි කිසිම ක්‍රියාමාර්ගයක් නොවීය. අන්තිමේදී වෙස් මාරු කරගෙන පණ බේරා ගැනීමට ඒ හිමියනට සිදු විය.

නව දිල්ලියේ සිට චෙන්නායි නුවරට ආවේ 20 දෙනකුගෙන් පමණ නඩයක් සමගය.

ශ්‍රී ලංකාවට ආපසු ඒම සඳහා චෙන්නායි ගුවන් තොටට යෑම සඳහා ප්‍රවාහන පහසුකම් ලැබෙනතුරු එමි නතර වී සිටියදී මේ පහරදීම සිදුවිය.

 

 



අදහස් (0)

ලංකාව ඉන්දියාවෙන් ආරක්ෂාව ඉල්ලයි

ඇන්ටන් Monday, 18 March 2013 04:27 PM

මේක ජාතිවාදය අව්ස්සන්න හදන වැඩක්ද? (දී)

:       0       0

දිසානායක Monday, 18 March 2013 04:30 PM

මේවා වෙන්න හොද දේවල් නෙමෙයි (දී)

:       0       0

දිසානායක Monday, 18 March 2013 04:25 PM

මොනවටද ඔය රටට යන්නේ? (නි)

:       0       0

දිසාසේකර Monday, 18 March 2013 04:25 PM

ද්‍රවිඩ ජනතාව ඇයි මෙහෙම හැසිරෙන්නේ? (දී)

:       0       0

දිසානායක Monday, 18 March 2013 04:25 PM

වහාම පියවර ගත යුතුයි (දී)

:       0       0

තිසල් Monday, 18 March 2013 04:27 PM

කව්ද මේවට වග කියන්නේ? (දී)

:       0       0

සමන් Monday, 18 March 2013 04:34 PM

අන්තිම නින්දිතයි. ඔය ත්‍රස්තවාදී කණ්ඩායම් වලින් මානුෂිකත්වයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ. අපේ අහිංසක සඟරුවනට පහර දෙන්න තරම් පහතට වැටිලා . හැබයි අපේ සිංහල මිනිස්සු මෙතනදී දුර දිග බලන්නේ නැතුව ලංකාවෙ අහිංසක දෙමල මිනිස්සුන්ට හිරිහැරයක් කරන එකක් නැහැ කියලා හිතනවා.. මොකද ඔය ත්‍රස්තවාදී කණ්ඩායම් බලාපොරත්තු වෙන්නෙත් අපෙන් එහෙම ප්‍රතික්‍රියාවක් උන්ට පෙන්න පෙන්න කෑ ගහන්න. (අ) කල්පනාවෙන් වැඩ කරමු.

:       0       0

අනුර Monday, 18 March 2013 04:37 PM

එක හොද වැඩක් නෙමෙයි (දී)

:       0       0

බන්දුල Monday, 18 March 2013 04:40 PM

මේවාට ඉන්දියානු රජය වගකිව යුතුයි .කොටිනට නැවත හිස එසවීමට ඉඩ නොදී සම්පුර්ණයෙන් විනාශ කර දැමීමට අපට කල හැකි සියලු දේ කිරීම ශ්‍රී ලාංකිකයන් ලෙස අපේ යුතු කමයි . (අ)

:       0       0

කේ. නිශාන්ත Monday, 18 March 2013 04:42 PM

අපේ රටේ කාට හරි පිට රටකදි ගහනවානම් ඒක අපි සියලුම දෙනාට ගහනවා වගේ වැඩක්. (අ)

:       0       0

ශාමන් Monday, 18 March 2013 04:42 PM

මට තියෙන කේන්තිය වචනින් කියන්න බැහැ

:       0       0

සුබාෂ් Monday, 18 March 2013 04:42 PM

ඉන්දියාව හිතන තරම් සිංහල අපි මෝඩ නැහැ (දී)

:       0       0

ලාසිරි Monday, 18 March 2013 04:50 PM

ඉතා නින්දිත වැඩක්, මේක නම් කාටවත් පිළිගන්න බැරි වැඩක්. මේවගේ දේවල් වෙන බව දැනගෙනත් අපි ඇයි එහේ යන්නේ (අ)

:       0       0

චන්දන Monday, 18 March 2013 04:57 PM

අඩුම තරමේ දකුණු ඉන්දියාවට යාම තාවකාලිකව හරි නතරකරන්න. (අ)

:       0       0

අමිල Monday, 18 March 2013 10:37 PM

ආණ්ඩුවේ විදෙස් ප්‍රතිපත්තියේ වැරදිද? (අ)

:       0       0

ගාමිණී Monday, 18 March 2013 04:58 PM

අපේ රජය මීට මැදිහත් වී වහාම පියවරක් ගතයුතුයි. (නි)

:       0       0

කසුන් Monday, 18 March 2013 05:18 PM

අපේ හාමුදුරුවන්ට එළවා එළවා පහරදෙන මේ වගේ මිනිස්සුන්ගෙන් මොන ආගන්තුක සත්කාරද? (නි)

:       0       0

චම්පි Monday, 18 March 2013 11:03 PM

තමිල්නාඩුවේ ඉන්න දුප්පත් ජනතාවගේ ජීවිතේ ගැටගහගන්නේ ලංකානේ යන බැතිමතුන්ගෙන්. හරිම කතගාටුයි.(නදී)

:       0       0

රොමේෂ් Monday, 18 March 2013 05:18 PM

83 කළු ජුලිය 2013 ඇති කරන්න කරන්න වගේ මුන් හදන්නේ. අපි ලංකාවේ සාමෙන් හිටිය නං හරි. කුණු ගඳ ගහන ඉන්දියාවට යන්න ඕනේ නෑ වන්දනා කරන්න. බුදුන්ගේ ධර්මය ලංකාවේ ඉන්දියාවට වඩා තියෙනවා. (අ)

:       0       0

ඉෂාන් Monday, 18 March 2013 05:14 PM

ගිහිල්ලා හොදට වැදගෙන එන්නකෝ. (නි)

:       0       0

පාලිත Monday, 18 March 2013 05:21 PM

තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න. ඉන්දියාවෙන් ඉල්ලුවාට වැඩක් නැහැ (දී)

:       0       0

මහේෂ් Tuesday, 19 March 2013 12:08 PM

ආරක්ෂාව ඉල්ලන්න වෙන්නේ ගියෝත්නේ, ටික කාලයක් නොගිහින් ඉම්මු (දී)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Monday, 18 March 2013 05:19 PM

ඉතාම නින්දිත වැඩක්, (අ)

:       0       0

ඩේවුඩ් Monday, 18 March 2013 05:24 PM

කිසිම මනුස්සකමක් නැති කැත මිනිස්සු. (නි)

:       0       0

පාලිත Monday, 18 March 2013 05:26 PM

බුදුන් උපන් බිමෙහිදීම බුද්ධ පුත්‍රයන් නමකට පහර දීමට තරම්ම මේ කැනහිලුන් නීච වී ඇත. නමුත් දහස් ගණනක් සෙනග ගැවසෙන දුම්රිය පොලක කිසිදු ආරක්ෂක අංශ සාමාජිකයෙකු නොවීම බලවත් ගැටලුවකි. මෙවැනි නීච පහරදීම් වලට ඉඩදීමෙන් ඉන්දීය රජය අනියමින් මෙම අන්තවාදීන්ට සහය දක්වන බවක් හැගී යයි. ලාංකික කිතුනු බැතිමතුන් පිරිසකට පහර දීමක් සිදු වූ අවස්ථාවේ රජය වහා මෙරට ජනතාවට තමිල්නාඩුවේ සංචාරය කිරීම තහනම් කළේය. නමුත් මෙම පහරදීම් සම්බන්දයෙන් රජය මෙතෙක් කිසිදු නිවේදනයක් හෝ කර නොමැත. සැබවින්ම මානව හිමිකම් කඩ වී ඇත්තේ මෙරට ද්‍රවිඩයන්ගේද නැතහොත් සිංහල අපේද? ජිනීවා මානව හිමිකම් කමිටුවෙන් අප ප්‍රශ්න කල යුත්තෙ මෙයයි. මේ සම්බන්දව රජයේ ප්‍රතිචාරය දෙස මුළු රටම බලා සිටි.. තවදුරටත් අප ඉන්දියාව අබියස නිවට විය යුතුද? (අ)

:       0       0

ලලිත් Monday, 18 March 2013 05:32 PM

ඉන්දියානු රජය දැන ගන්න ඕනේ මේවගේ නින්දිත ක්‍රියා නවත්වන්න (දී)

:       0       0

කෙවීන් Monday, 18 March 2013 05:32 PM

විකප්පයක්නැත. එහේ ඉන්නේ මෝඩ මිනිස්සු යන්න එපා ඉන්දියාවට (අ)

:       0       0

උපාලි Monday, 18 March 2013 11:50 PM

අනේ මේවා ජිනීවා වල පෙන්නන්න කව්රුත් නැද්ද?(නදී)

:       0       0

දුමින්ද Monday, 18 March 2013 05:28 PM

ඒක ඒ ගොල්ලන්ගේ වගකීමක් (දී)

:       0       0

ආරියසිරි යසරත්න Monday, 18 March 2013 05:36 PM

ඉන්දීය දෙමළ තස්ත්ත්‍රවාදීන්ට ළඟදීම ලොකු විනාසයක් වෙයි ඇප්ගනිස්ථානයට වගේ; ලොකු පාප කර්මයක් කර ගත්තේ බුදු දහමට නිගරු කරන්නන්ට මෙලොව සැනසීමක් නැ (අ)

:       0       0

රොෂාන් Monday, 18 March 2013 05:36 PM

ඔය රටට යන එක නවත්තන්න ඕනේ (අ)

:       0       0

දිසානායක Tuesday, 19 March 2013 12:25 PM

සම්පත්, මමත් කියන්නේ ඕකමයි. මොනවා බලන්නද අපේ මිනිස්සු මේ යන්නේ? (නි)

:       0       0

ගුණතිලක Monday, 18 March 2013 05:40 PM

වැඩක් නැහැ....වැඩක් නැහැ....වැඩක් නැහැ.... (දී)

:       0       0

අනුර Monday, 18 March 2013 05:35 PM

ගුටි කාගෙන ලංකාවට එන්න වැඩක් වෙන්නේ නැහැ (දී)

:       0       0

නිහාල්-ඉතාලිය Monday, 18 March 2013 05:48 PM

මේ විදියට ගුටි කන්න ඉන්දියාවට යන්න එපා. සිංහලයිනි අවදිවවි! අපේ රටේ අටමස්තානය වැදපුදා ගන්න.(නදී)

:       0       0

වත්සලා Monday, 18 March 2013 05:49 PM

අපිත් මේවාට ඉන්දියාවට දැනෙන ප්‍රතික්‍රියා දැක්විය යුතුයි. ඒ අපේ රටේ ඉන්න දෙමල මිනිසුන්ට හෝ අපේ රටට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට පහර දීමෙන් නම් නොවෙයි. අපි සියලුම ඉන්දීය භාණ්ඩ මිලදී ගැනීමෙන් වැළකිය යුතුයි. පරිප්පු, ලොකුලුනු ආදී ඉන්දියාවෙන් ගෙන්වන සියලුම භාණ්ඩ මිලදී නොගැනීමෙන් බෞද්ධ අපේ විරෝධය පෙන්වමු. (නදී)

:       0       0

සුජිත් Monday, 18 March 2013 05:51 PM

කෝ මානව හිමිකම්. අපි මේක කවද්ද ජිනීවා ගිනියන්නේ.(නදී)

:       0       0

බොතේජු Tuesday, 19 March 2013 03:07 AM

දැන්නම් අපි ඉවසුවා වැඩියි. (නි)

:       0       0

තුෂාර Monday, 18 March 2013 06:10 PM

මේ වගේ තිරිසන් වැඩ කරන අයට හොදක් වෙන්නේ නැහැ, (අ)

:       0       0

ගලබඩ ඉතාලිය Monday, 18 March 2013 06:06 PM

මේ සේරම ප්‍රශ්න ඇති කරන්නේ තමිල්නාඩුවේ දේශපාලකයො වුණාට ඒවට පිදුරු දාලා අවුලවන්නේ ලංකාවේ දෙමළ සංධාන මන්ත්‍රිවරු. (අ)

:       0       0

අරුණ Monday, 18 March 2013 06:19 PM

වත්සලා මෝඩ කතා කියන්න එපා. ලංකාවේ මිනිස්සු සල්ලි දීලා ගුටි කන්න චෙන්නායි යන්නේ මොකද (අ)

:       0       0

භද්‍රජිත් Monday, 18 March 2013 06:17 PM

ශ්‍රී ලංකාව මෙවැනි රටවල් සමඟ තානාපති සබඳතා පවා යම් ක්‍රියාමාර්ගයක් ගන්නා තුරු අත්හළ යුතු යි. ඔවුන් හිතාගෙන ඉන්නේ අපි ඔවුන් ලඟ බැගෑපත් වන නිවට මිනිසුන් කොට්ඨාසයක් කියලා ද දන්නේ නෑ. ත්‍රස්තවාදය පරාජය කළ එක ගැන පම්පෝරි ගහලා වැඩක් නෑ මේ වගේ දේවල් වෙනවා නම්. (අ)

:       0       0

දේවින්දි Tuesday, 19 March 2013 04:45 AM

ඉන්දියානු රජයේ වගකීමක් ඒක, ලාංකිකයන්ට විතරක් නොවෙයි තමන්දේ රටට එන විදේශිකයින්ට ආරක්ෂාව සපයන එක ර රටේ වගකීමක් (දී)

:       0       0

හේමන්ත Monday, 18 March 2013 06:23 PM

ගුටි කනවා ඊට වඩා නම්බුයි (දී)

:       0       0

ස්වින් Tuesday, 19 March 2013 04:54 AM

ආරක්ෂාව ඉල්ලා හෑල්ලු වෙන්න එපා නොගිහින් ඉන්න (දී)

:       0       0

ඉසුරින්ද Monday, 18 March 2013 06:21 PM

කොටි තිරිසන්නුයි අපේ දෙමළ සහෝදරයොයි දෙගොල්ලක්. (අ)

:       0       0

කනිෂ්ක Monday, 18 March 2013 06:54 PM

හොරාගේ අම්මාගෙන් පේන අහනවා කියන්නේ ඕකට තමයි (දී)

:       0       0

අනුරාධ Monday, 18 March 2013 07:15 PM

අපි ඉන්දියාව සමග තිබෙන සියළුම සම්බන්ධතා නතර කරමු. (නි)

:       0       0

නන්දලාල් Monday, 18 March 2013 04:02 PM

ජිනීවා දවස වෙනකල් වෙනකල් බලන්නේ (දී)

:       0       0

සම්පත් Tuesday, 19 March 2013 08:54 AM

මොකටද යන්නේ? බුදු හාමුදුරුවෝ ඉන්නේ දඹදිව නෙමෙයි තමන්ගේ හිත ඇතුළේ. (නි)

:       0       0

රීටා Monday, 18 March 2013 04:12 PM

සුළු ජාතින් අතර ප්‍රශ්න කෙටියෙන් විසදා ගත යුතුයි (දී)

:       0       0

කුමාර Monday, 18 March 2013 08:29 PM

අපට පෙන විදියට අරුණ , වත්සලා නෙවෙයි මෝඩ කථා කියන්නේ ඔබයි.(නදී)

:       0       0

ශිරානි Monday, 18 March 2013 04:14 PM

මේ වැඩ වල කිසිම තේරුමක් නැහැ (දී)

:       0       0

අරුණ Monday, 18 March 2013 04:24 PM

සල්ලි දීලා ගුටිකන්න ඉන්දියාවට යන්නෙ මොකටද? (නි)

:       0       0

සුරංග Tuesday, 19 March 2013 10:17 AM

මොවුන්ට හොදක් නම් වෙන්න එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කළුතර වෙඩි තැබීමකින් තිදරු පියා මරුට:දියණියට තුවාල
2024 මැයි මස 20 618 0

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද රාත්‍රී සිදුවූ වෙඩි තැබිමකින් තිදරු පියකු මියගොස් ඔහුගේ 7 හැවිරි දියණිය තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.


සුළඟින් ගම්පහ තොරණට හානි
2024 මැයි මස 20 395 0

ගම්පහ ප්‍රදේශය හරහා හඹා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් අස්ගිරිය ඇනිකට් හන්දිය අසල ඉදිකරමින් තිබූ වෙසක් තොරණට දැඩි ලෙස හානි සිදුව තිබිණි.


ලංකාවේ අයි.එස් 4ක් ඉන්දියාවේදී අල්ලයි
2024 මැයි මස 20 326 0

පාකිස්තාන බාරකරුවන් පැමිණ රාජකාරී සහ අවි ලබාදෙන තෙක් අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි අයිඑස් ත්‍රස්තවාදීන් ලෙසින් සැලකෙන ලාංකිකයන් ස


ඉරාන ජනපති අභාවයට හෙට ශෝක දිනයක් කරයි
2024 මැයි මස 20 559 0

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අභාවයට ශෝකය පළකිරීම සඳහා ශ්‍රී ලංකා රජය හෙට (21) ශෝක දිනයක් ලෙස නම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ පවසයි.


අනධ්‍යයන සේවක වර්ජනයෙන් උපාධි උත්සවත් කඩාකප්පල්
2024 මැයි මස 20 290 0

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාල කීපයකම උපාධි ප්‍රදානෝත්සව දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.


ලංකා - ඉන්දුනීසියා නායකයෝ හමු වෙති
2024 මැයි මස 20 159 0

ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතා අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 839 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2379 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2042 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site