මහනුවරින් වන්දනා නඩයක් සමග දඹදිව ගිය හිමිනමකට තමිල්නාඩුවේ චෙන්නායි මධ්‍යම දුම්රිය පොළේදී එල්ලවූ අමාණුශික ප්‍රහාරය සම්බන්ධයෙන් වහාම පියවර ගෙන ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සලසන ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය ඉන්දියා රජයෙන් ඉල්ලීමක් කළේය.
චෙන්නායි දුම්රිය පොළට ආ චෙන්නායි ශීඝ්‍රග්‍රාමී දුම්රියේදී මුල්ම ප්‍රහාරය ඉල්ල විය. කොටි හිතවදීන්ගේ දරුණු පහරකීමට ලක්වූ මහනුවර හිමි නම පණ බේරා ගැනීම සඳහා දුම්රිය පොළේ දීව්වේය. ඇද වැටුනේය. ආරක්ෂාව පතා ඒ හිමියනට ගත හැකි කිසිම ක්‍රියාමාර්ගයක් නොවීය. අන්තිමේදී වෙස් මාරු කරගෙන පණ බේරා ගැනීමට ඒ හිමියනට සිදු විය.
නව දිල්ලියේ සිට චෙන්නායි නුවරට ආවේ 20 දෙනකුගෙන් පමණ නඩයක් සමගය.
ශ්‍රී ලංකාවට ආපසු ඒම සඳහා චෙන්නායි ගුවන් තොටට යෑම සඳහා ප්‍රවාහන පහසුකම් ලැබෙනතුරු එමි නතර වී සිටියදී මේ පහරදීම සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ජාතිවාදය අව්ස්සන්න හදන වැඩක්ද? (දී)
මේවා වෙන්න හොද දේවල් නෙමෙයි (දී)
මොනවටද ඔය රටට යන්නේ? (නි)
ද්‍රවිඩ ජනතාව ඇයි මෙහෙම හැසිරෙන්නේ? (දී)
වහාම පියවර ගත යුතුයි (දී)
කව්ද මේවට වග කියන්නේ? (දී)
අන්තිම නින්දිතයි. ඔය ත්‍රස්තවාදී කණ්ඩායම් වලින් මානුෂිකත්වයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ. අපේ අහිංසක සඟරුවනට පහර දෙන්න තරම් පහතට වැටිලා . හැබයි අපේ සිංහල මිනිස්සු මෙතනදී දුර දිග බලන්නේ නැතුව ලංකාවෙ අහිංසක දෙමල මිනිස්සුන්ට හිරිහැරයක් කරන එකක් නැහැ කියලා හිතනවා.. මොකද ඔය ත්‍රස්තවාදී කණ්ඩායම් බලාපොරත්තු වෙන්නෙත් අපෙන් එහෙම ප්‍රතික්‍රියාවක් උන්ට පෙන්න පෙන්න කෑ ගහන්න. (අ) කල්පනාවෙන් වැඩ කරමු.
එක හොද වැඩක් නෙමෙයි (දී)
මේවාට ඉන්දියානු රජය වගකිව යුතුයි .කොටිනට නැවත හිස එසවීමට ඉඩ නොදී සම්පුර්ණයෙන් විනාශ කර දැමීමට අපට කල හැකි සියලු දේ කිරීම ශ්‍රී ලාංකිකයන් ලෙස අපේ යුතු කමයි . (අ)
අපේ රටේ කාට හරි පිට රටකදි ගහනවානම් ඒක අපි සියලුම දෙනාට ගහනවා වගේ වැඩක්. (අ)
මට තියෙන කේන්තිය වචනින් කියන්න බැහැ
ඉන්දියාව හිතන තරම් සිංහල අපි මෝඩ නැහැ (දී)
ඉතා නින්දිත වැඩක්, මේක නම් කාටවත් පිළිගන්න බැරි වැඩක්. මේවගේ දේවල් වෙන බව දැනගෙනත් අපි ඇයි එහේ යන්නේ (අ)
අඩුම තරමේ දකුණු ඉන්දියාවට යාම තාවකාලිකව හරි නතරකරන්න. (අ)
ආණ්ඩුවේ විදෙස් ප්‍රතිපත්තියේ වැරදිද? (අ)
අපේ රජය මීට මැදිහත් වී වහාම පියවරක් ගතයුතුයි. (නි)
අපේ හාමුදුරුවන්ට එළවා එළවා පහරදෙන මේ වගේ මිනිස්සුන්ගෙන් මොන ආගන්තුක සත්කාරද? (නි)
තමිල්නාඩුවේ ඉන්න දුප්පත් ජනතාවගේ ජීවිතේ ගැටගහගන්නේ ලංකානේ යන බැතිමතුන්ගෙන්. හරිම කතගාටුයි.(නදී)
83 කළු ජුලිය 2013 ඇති කරන්න කරන්න වගේ මුන් හදන්නේ. අපි ලංකාවේ සාමෙන් හිටිය නං හරි. කුණු ගඳ ගහන ඉන්දියාවට යන්න ඕනේ නෑ වන්දනා කරන්න. බුදුන්ගේ ධර්මය ලංකාවේ ඉන්දියාවට වඩා තියෙනවා. (අ)
ගිහිල්ලා හොදට වැදගෙන එන්නකෝ. (නි)
තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න. ඉන්දියාවෙන් ඉල්ලුවාට වැඩක් නැහැ (දී)
ආරක්ෂාව ඉල්ලන්න වෙන්නේ ගියෝත්නේ, ටික කාලයක් නොගිහින් ඉම්මු (දී)
ඉතාම නින්දිත වැඩක්, (අ)
කිසිම මනුස්සකමක් නැති කැත මිනිස්සු. (නි)
බුදුන් උපන් බිමෙහිදීම බුද්ධ පුත්‍රයන් නමකට පහර දීමට තරම්ම මේ කැනහිලුන් නීච වී ඇත. නමුත් දහස් ගණනක් සෙනග ගැවසෙන දුම්රිය පොලක කිසිදු ආරක්ෂක අංශ සාමාජිකයෙකු නොවීම බලවත් ගැටලුවකි. මෙවැනි නීච පහරදීම් වලට ඉඩදීමෙන් ඉන්දීය රජය අනියමින් මෙම අන්තවාදීන්ට සහය දක්වන බවක් හැගී යයි. ලාංකික කිතුනු බැතිමතුන් පිරිසකට පහර දීමක් සිදු වූ අවස්ථාවේ රජය වහා මෙරට ජනතාවට තමිල්නාඩුවේ සංචාරය කිරීම තහනම් කළේය. නමුත් මෙම පහරදීම් සම්බන්දයෙන් රජය මෙතෙක් කිසිදු නිවේදනයක් හෝ කර නොමැත. සැබවින්ම මානව හිමිකම් කඩ වී ඇත්තේ මෙරට ද්‍රවිඩයන්ගේද නැතහොත් සිංහල අපේද? ජිනීවා මානව හිමිකම් කමිටුවෙන් අප ප්‍රශ්න කල යුත්තෙ මෙයයි. මේ සම්බන්දව රජයේ ප්‍රතිචාරය දෙස මුළු රටම බලා සිටි.. තවදුරටත් අප ඉන්දියාව අබියස නිවට විය යුතුද? (අ)
ඉන්දියානු රජය දැන ගන්න ඕනේ මේවගේ නින්දිත ක්‍රියා නවත්වන්න (දී)
විකප්පයක්නැත. එහේ ඉන්නේ මෝඩ මිනිස්සු යන්න එපා ඉන්දියාවට (අ)
අනේ මේවා ජිනීවා වල පෙන්නන්න කව්රුත් නැද්ද?(නදී)
ඒක ඒ ගොල්ලන්ගේ වගකීමක් (දී)
ඉන්දීය දෙමළ තස්ත්ත්‍රවාදීන්ට ළඟදීම ලොකු විනාසයක් වෙයි ඇප්ගනිස්ථානයට වගේ; ලොකු පාප කර්මයක් කර ගත්තේ බුදු දහමට නිගරු කරන්නන්ට මෙලොව සැනසීමක් නැ (අ)
ඔය රටට යන එක නවත්තන්න ඕනේ (අ)
සම්පත්, මමත් කියන්නේ ඕකමයි. මොනවා බලන්නද අපේ මිනිස්සු මේ යන්නේ? (නි)
වැඩක් නැහැ....වැඩක් නැහැ....වැඩක් නැහැ.... (දී)
ගුටි කාගෙන ලංකාවට එන්න වැඩක් වෙන්නේ නැහැ (දී)
මේ විදියට ගුටි කන්න ඉන්දියාවට යන්න එපා. සිංහලයිනි අවදිවවි! අපේ රටේ අටමස්තානය වැදපුදා ගන්න.(නදී)
අපිත් මේවාට ඉන්දියාවට දැනෙන ප්‍රතික්‍රියා දැක්විය යුතුයි. ඒ අපේ රටේ ඉන්න දෙමල මිනිසුන්ට හෝ අපේ රටට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට පහර දීමෙන් නම් නොවෙයි. අපි සියලුම ඉන්දීය භාණ්ඩ මිලදී ගැනීමෙන් වැළකිය යුතුයි. පරිප්පු, ලොකුලුනු ආදී ඉන්දියාවෙන් ගෙන්වන සියලුම භාණ්ඩ මිලදී නොගැනීමෙන් බෞද්ධ අපේ විරෝධය පෙන්වමු. (නදී)
කෝ මානව හිමිකම්. අපි මේක කවද්ද ජිනීවා ගිනියන්නේ.(නදී)
දැන්නම් අපි ඉවසුවා වැඩියි. (නි)
මේ වගේ තිරිසන් වැඩ කරන අයට හොදක් වෙන්නේ නැහැ, (අ)
මේ සේරම ප්‍රශ්න ඇති කරන්නේ තමිල්නාඩුවේ දේශපාලකයො වුණාට ඒවට පිදුරු දාලා අවුලවන්නේ ලංකාවේ දෙමළ සංධාන මන්ත්‍රිවරු. (අ)
වත්සලා මෝඩ කතා කියන්න එපා. ලංකාවේ මිනිස්සු සල්ලි දීලා ගුටි කන්න චෙන්නායි යන්නේ මොකද (අ)
ශ්‍රී ලංකාව මෙවැනි රටවල් සමඟ තානාපති සබඳතා පවා යම් ක්‍රියාමාර්ගයක් ගන්නා තුරු අත්හළ යුතු යි. ඔවුන් හිතාගෙන ඉන්නේ අපි ඔවුන් ලඟ බැගෑපත් වන නිවට මිනිසුන් කොට්ඨාසයක් කියලා ද දන්නේ නෑ. ත්‍රස්තවාදය පරාජය කළ එක ගැන පම්පෝරි ගහලා වැඩක් නෑ මේ වගේ දේවල් වෙනවා නම්. (අ)
ඉන්දියානු රජයේ වගකීමක් ඒක, ලාංකිකයන්ට විතරක් නොවෙයි තමන්දේ රටට එන විදේශිකයින්ට ආරක්ෂාව සපයන එක ර රටේ වගකීමක් (දී)
ගුටි කනවා ඊට වඩා නම්බුයි (දී)
ආරක්ෂාව ඉල්ලා හෑල්ලු වෙන්න එපා නොගිහින් ඉන්න (දී)
කොටි තිරිසන්නුයි අපේ දෙමළ සහෝදරයොයි දෙගොල්ලක්. (අ)
හොරාගේ අම්මාගෙන් පේන අහනවා කියන්නේ ඕකට තමයි (දී)
අපි ඉන්දියාව සමග තිබෙන සියළුම සම්බන්ධතා නතර කරමු. (නි)
ජිනීවා දවස වෙනකල් වෙනකල් බලන්නේ (දී)
මොකටද යන්නේ? බුදු හාමුදුරුවෝ ඉන්නේ දඹදිව නෙමෙයි තමන්ගේ හිත ඇතුළේ. (නි)
සුළු ජාතින් අතර ප්‍රශ්න කෙටියෙන් විසදා ගත යුතුයි (දී)
අපට පෙන විදියට අරුණ , වත්සලා නෙවෙයි මෝඩ කථා කියන්නේ ඔබයි.(නදී)
මේ වැඩ වල කිසිම තේරුමක් නැහැ (දී)
සල්ලි දීලා ගුටිකන්න ඉන්දියාවට යන්නෙ මොකටද? (නි)
මොවුන්ට හොදක් නම් වෙන්න එපා. (නි)