IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලංකාව ඉන්දියාවට විරෝධය පළ කරයි

ඉන්දියාවේදී මෑතකදී සිදුවූ ශ්‍රී ලාංකිකයන් බිය වැද්දවීම් විශේෂයෙන්ම තන්ජුවුර්හිදී සහ චෙන්නායි නුවර මධ්‍යම දුම්රිය ස්ථානයේදී ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේ දෙනමකට එල්ල වූ සාහසික ප්‍රහාරය පිළිබඳ ශ්‍රී ලංකා රජය කණගාටුව ප්‍රකාශ කරන බව නිවේදනය කරයි.

තමිල්නාඩු ප්‍රාන්තයේදී ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේට පහර දීම හා සම්බන්ධ සිද්ධීන් පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යංශය නව දිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ චෙන්නායි නුවර ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය හරහා ඉන්දියා රජය වෙත සිය බලවත් විරෝධය දක්වා ඇත.

ඉන්දියාව සමග අප පවත්නා මිත්‍ර සම්බන්ධතා අපකීර්තියට පත් කිරීමට උත්සාහ දරමින් විවිධාකාර අරමුණු ඇති දැඩි මතධාරී ක්‍රියාකාරීන් විසින් සිදු කරනු ලබන මෙවැනි ප්‍රහාර ශ්‍රී ලංකා රජය හෙළා දකින අතර ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සංචාරය කිරීමේදී ප්‍රවේසම් සහගතව කටුයුතු කරන ලෙස ශ්‍රී ලංකා රජයට ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අත්‍යවශ්‍ය හේතු මත තමිල්නාඩුව වෙත යෑමට සිදු වන අවස්ථාවලදී, එහි යෑමට පෙර, ඒ පිළිබඳව චෙන්නායි නුවර පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දෙන ලෙස ශ්‍රී ලාංකිකයනගෙන් ඉල්ලීමක් කෙරේ.

චෙන්නායි නුවර පිහිටි නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ලිපිනය දුරකථන අංකය සහ සෙසු තොරතුරු පහත දැක්වේ.

56, ස්ටර්ලිං පාර, නුන්ගම්බක්කම්, චෙන්නායි - 600034

0091 44 28 24 18 96

 0091 44 28 25 26 12

 00 91 44 28 24 10 47

ෆැක්ස් 0091 44 28 24 18 94



අදහස් (0)

ලංකාව ඉන්දියාවට විරෝධය පළ කරයි

මිලාන් Tuesday, 19 March 2013 10:17 PM

ජාතින් අතර හොද හිත තියා ගන්න ඕනේ (දී)

:       0       0

ලලිත් Wednesday, 20 March 2013 10:21 AM

ඇයි මෙහෙම වැඩ කරන්නේ කියලා තේරුම්ගන්න හරිම අමාරුයි. (නි)

:       0       0

සෙන්තිල් Tuesday, 19 March 2013 10:43 PM

බොතේජුලා නොගියට ඕනෑතරම් සුද්දෝ එනවා තමිල්නාඩුවට. (නි)

:       0       0

ලලිතාජය Tuesday, 19 March 2013 10:55 PM

පාරෙ කැත කරන්න ඕනෑ කට්ටිය විතරක් චෙන්නායි යන්න. මොකද එහේ වැසිකිලි නැහැ හො‍දේ. මම නෙමෙයි කියන්නෙ බීබීසී එක. (නි)

:       0       0

දුමින්ද Wednesday, 20 March 2013 10:28 AM

ජයවේවා.. ලාංකිකයින්ට ජයවේවා (දී)

:       0       0

සුභාෂිණි Tuesday, 19 March 2013 11:02 PM

ඉන්දීය ව්‍යාපාර සහ සමාගම් නැවත හරවා යැවුවා නම් ලෙඩේ හොදවෙයි. (නි)

:       0       0

ඉසුරන්ගි Wednesday, 20 March 2013 10:30 AM

ලාංකිකයෝ හැටියට අපි හැමෝම ඊට සහයෝගය දැක්විය යුතුයි (දී)

:       0       0

කුමාර Wednesday, 20 March 2013 12:21 PM

අපේ සහාය ඔබට (දී)

:       0       0

බන්දුල Wednesday, 20 March 2013 12:24 PM

දකුණු ඉන්දියාව ඉතා අපිරිසිදු රටක් (දී)

:       0       0

බොතේජු Tuesday, 19 March 2013 06:10 PM

චෙන්නායි වලට යන්නම එපා. (නි)

:       0       0

වජිර Tuesday, 19 March 2013 06:56 PM

ලංකා මාතාවට ජයවේවා (දී)

:       0       0

ප්‍රභාත් Tuesday, 19 March 2013 07:55 PM

මෙහෙම ගහද්දී පොලිසියේ කවරුවත්ම නොහිටිය එකයි පුදුමේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 793 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site