‘අපි ශ්‍රී ලාංකිකයෝ කියලා ඉදිරියට යන සමාජයක් තමයි බිහි කරන්න ඕනෑ. විශේෂයෙන්ම ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය කරන්න. නැව් ගමනාගමනයේ, ගුවන් ගමනාගමනයේ, සංචාරක ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානය කරන්න යන තැනට තමයි මේ රට ගෙනියන්න තිබෙන්නේ‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් පැවසීය.
වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, අකිල විරාජ් කාරියවසම් යන ඇමැතිවරුද ඊට එක්ව සිටියහ.
ඡායාරූප - දීපාල් ද සිල්වා
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
.
වීඩියෝ - දීපාල් ද සිල්වා






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය කරනවා හැමදාම හැමෝම කියනව. දැන් නම් විහිළුවක් වගේ. (බ)
ඉන්දියන් සාගරයේ කෙසේ වෙතත් ඉන්දියාවේ නම් ප්‍රාන්තයක් කරනවා ෂුවර්..(බ)
කීයලා තියන ඒවායේ හැටියට නම් තව කාටවත් කරන්න තියා හිතන්නවත් දෙයක් ඉතුරුවෙලා නැහැනේ. (හේ)
එක්කෙනෙක් මේක සිංගප්පූරුවක් කළා. තව එක්කෙනෙක් ඉන්දියන් සාගරේ ආශ්චර්යය බවට පත්කළා. මෙතුමා මෙය කේන්ද්‍රයක් කරන්නයි ලැස්ති. අපි අපේ කේන්දරේ බලවා ගනිමු. (බ)
ඉංග්‍රීසි කතා කරන කලිසම් මහත්තුරු කියනවනේ ටෝක් ඊස් චීප් කියල. (බ)
කටින් බතල කොළ හිටවමු මහජනයා රවටමු. තවත් අලුත් කාර් ගනිමු. දේශපාලයෝ වන අපි හැමදාමත් බොරුව කරමු. (බ)
කරන්න ඉන්න දේවල් කියා පලක් නැත . කරන බවක් නම් පෙනෙන්නේ නැත. මැති ඇමැතිවරුන්ට අවශ්‍ය වැඩි පඩි, වාහන සහ කාර්යාල පහසුකම් දීල ඉවර කරන්න (ම)
කටින් බතල ,(බ)
අනන්‍යතාව රැකෙන විදිහට කරලා දෙන්න. ලබන ප්‍රතිලාබ වලින් සංස්කෘතිය, භාෂාව, ඉතිහාසය රැකෙන දේවලුත් කරලා දෙන්න. ඉපදෙන දරුවන්ට කරලා තියෙන කුසල් විතරක් පල දෙන රටක් (පරිසරයක්) හදල දෙන්න. (බ)
හැමදාම කරනවා කරනවා කිව්වට වෙන දවසක් නැහැ..(හේ)
කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.(හේ)