
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට මහා පරිමාණ චීන ආයෝජන හේතු වූ බව ඇමෙරිකා එක්සත් ජනපද සී.අයි.ඒ සංවිධානයේ ප්‍රධානී බිල් බර්න්ස් මහතා ප්‍රකාශ කළේය.
චීනය සිදු කළ විශාල ආයෝජන හේතුවෙන් ශ්‍රී ලංකාව තවත් ණය බරින් පීඩිත වූ බව බිල් බර්න්ස් මහතා පැවැසුවේය.
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයට මුල් වූ බව බිල් බර්න්ස් මහතා පෙන්වා දුන්නේය.
චීන ආයෝජන මත යැපීම ශ්‍රී ලංකාව සිදුකළ අනුවණ ක්‍රියාවක් බවත් එය චීන ණය උගුලේ කොටසක් බවත් බර්න්ස් මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව සිදුකළ මෙම වැරැද්ද අනෙකුත් ජාතීන්ට අනතුරු ඇඟවීමක් විය යුතු බව ඇස්පෙන් ආරක්ෂක සමුළුවේදී අදහස් දක්වමින් බර්න්ස් මහතා පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනයද වැරැදි... නැතිනම් ඒ ආයෝජන අයදුම් කරලා ලබාගෙන යටිමඩි ගහපු පාලකයෝද වැරැදි...?
මේ කියන දේ කථා පමණකි. රටේ ඉන්න අය හරියටම දැනගත යුතුයි මෙරට මුහුණදී ඇති තත්වයේ යථාර්තය... නිෂ්පාදන අර්ථිකයක් නැති, හරි ක්රමවේදයක් නැති. සාක්ෂරතාවය අති උසස්, බුද්ධිමත් නැති ජනතාවක් ඉන්න රටක මෙයිට වඩාදෙයක් බලාපොරෙත්තු නොවිය යුතුයි. පාලනයක් නැති විවෘත ආර්ථික ක්රමය මේ තත්වයට ප්රධාන තවත් හේතුවකි...!
ලංකාවේ ණය සියයට 85ක්ම බටහිර රටවලට හා ඒ රටවල බැංකුවලට...