
(සුජිත් හේවාජුලිගේ )
ආර්ථික නිදහස දර්ශකයෙන් ශ්‍රී ලංකාව රටවල් 184 ක් අතුරින් 149 ස්ථානය දක්වා තවදුරටත් පහළ බැස ඇතැයි ඒ සම්බන්ධයෙන් සමීක්ෂණ කළ හෙරිටේජ් ෆවුන්ඩේෂන් ආයතන වාර්තාව අනාවරණය කරන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.
ආර්ථික නිදහස යනු සෑම පුද්ගලයකුටම තම ශ්‍රමය හා දේපළ පාවිච්චියට ඇති මූලික නිදහසයි.
නීතියේ ආධිපත්‍යය,රජයේ ප්‍රමාණය,නියාමන කාර්යක්ෂමතාව සහ විවෘත වෙළඳපොළ යන ප්‍රධාන සාධක අනුව එම නිදහස තීරණය කෙරෙන බව පැවසේ.
ආර්ථික නිදහස දර්ශකයෙන් 2000 වර්ෂයේදී ශ්‍රී ලංකාව සිටියේ 75 වැනි ස්ථානයේ බවත් 2016 වර්ෂයේ දී එය 93ක් දක්වා පහළ ගිය බවත් 2022 වර්ෂයේ දී එය 136 ක් දක්වා පහළ ගිය බවත් එම වාර්තාව සඳහන් කරන්නේ යැයි මහාචාර්යවරයා කීවේය.
එමෙන්ම ආසියා පැසිපික් 39 න් ශ්‍රී ලංකාව සිටින්නේ 34 වෙනි ස්ථානයේ බව පැවසූ වසන්ත අතු කෝරළ මහතා ඉන්දියාව පාකිස්ථානය බංගලාදේශය නේපාලය භූතානය ශ්‍රී ලංකාවට වඩා බොහෝ සෙයින් ඉදිරියෙන් සිටින බවද සඳහන් කළේය.
COMMENTS
ඒකට තමයි සර් රනිල් "සුබ ආරංචියක්" කිව්වේ !
පේනවා නේද රටේ ආර්ථික තත්වය. ලෝක වටෙන් ණය අරන් "සුභ ආරංචි" කියන ලෝකේ එකම එක ජනාධිපති දැන් ඉන්න පින් ජනාධිපති. ණය ලැබුණු සතුටට එයාටම ගැලපෙන කිරිබත් කාලා , රතින්ඤා පත්තු කරන මෝඩ ආධාරකරුවන් ඉන්නෙත් මෙහෙ.
ආසියාවේ ආශ්චර්යය සොමාලියාවට දෙවැනි නෑ
මෙහෙමනේ මහාචාර්යතුමෝ ..ඉලක්කම වැඩි වෙනවා කියන්නේ හොඳ වර්ධනයක් .ඉතින් කවුරු හරි මොනවා කිව්වත් අපි තමයි සුපිරියටම කරේ
ඒක එහෙම නොවුණා නම් තමයි පුදුමේ. රාජපක්‍ෂලා කාලා හප කරපු රාජ්‍යක්, අවුරුදු දෙකකට කලින් රනිල් වික්‍රමසිංහ වැනි, අත් දැකීම් සහ පළපුරුද්ද වගේම, ආර්ථික කලමනාකරණය පිළිබඳව විෂය පිළිබඳ ප්‍රමානික දැනුමක් ඇති විෂේශඥයන් ට ඇහුම්කන් දී, කෙලින් තීරණ ගත හැකි නායකයෙක් රට බාර නොගත්තානම්, ඕක තියෙන්නේ අද 200 වැනි තැනේ විතර. අද විවේචන කරන ස.ජ.බ., ජේ .වී.පී ඔස්තාර් ලා එදා ඕක බාර ඇරන් කෙරුවා නම්, අද අපිට ඔහෙලාගේ ඔය කෙරුවාව බලාගන්න තිබුණා. ඒ නිසා විවේචන විතරක් නෙමේ, මොනවාද කරන්නේ ඒකට කියලත් මේ ලෝකේ තියෙන විසඳුම් කිව්වා නම් තමයි හොඳ.