ජල ගැලීම් සහ නායයාම් හේතුවෙන් මෙරට දිස්ත්‍රික්ක 11 කට සිදුව ඇති හානිය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තක්සේරුවක් ආරම්භ කර තිබේ.
නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේදී සෙනසුරාදා (21) පැවති දෛනික මාධ්‍ය හමුවේදී එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුයාරික් මහතා ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය නොවන සංවිධාන හරහා අදාළ ඇගයීම සිදුකරන බවයි.
එමෙන්ම ජගත් සංවිධාන නියෝජිතායතන හරහා විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා කටයුතු ශක්තිමත් කරන ලෙස මහ ලේකම්වරයා, එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ කාර්යාලයට ද දැනුම්දී තිබෙන බවද එක්සත් ජාතීන්ගේ මහලෙක්ම්වරයාගේ ප්‍රකාශවරයා සදහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට විපතට පත්වූවන්ට කිසිම සහනයක් නැතිවෙයිද දන්නෙ නැහැ (නි)
මොවුන්ට පුදුම අමාරුවක්නේ තියෙන්නේ ලංකව ගැන. (නි)
රොෂාන්ට පුදුම අමාරුවක්නේ තියෙන්නේ. උදව් කොහෙන් ආවත් මොකද? (නි)
මොකද මේ වගේ විපත් වලට හේතුව රාජපක්ෂලාද කියලා නිශ්චිතව දැනගන්න බෑන් කී මූන් මහතා කැමතිලු. (නි)
මනුෂත්වයෙන් කරන උපකාර නවත්වල ,ඉක්මනින් රොෂාන් උපකාර කරවී .අනේ සාදු (අ)
උදවු කරද්දීත් එපා කියන තරමට අපේ මිනිස්සු උද්ධච්ච මිනිස්සු වෙලා. රටේ අවාසනාවට හේතු වෙයි අන්තිමට. දැන්වත් ඔය ලොකුකම නවත්තනවා නම් තමයි හොඳ නේද..? නිකම් දෙන දේ ගන්නත් අපේ මිනිස්සු කැමති නෑ වගේ. අසරණ වුන මිනිස්සුන්ට මේ ආධාර හරි වටිනවා.(හේ)
ලංකාව ගැන සොයා බලන එකනම් බොහොම අගය කල යුතුයි. (ර)